ගොගොල්, ලෝක සාහිත්‍යයේ විශිෂ්ට උපහාස රචකයා මෙන්ම රුසියානු සම්භාව්‍ය සාහිත්‍යයේ පුරෝගාමියා ද වන නිකොලායි ගොගොල් සිය කෙටි සාහිත්‍යය ජීවිතය තුළදී ලෝක සාහිත්‍යය තුළ විශිෂ්ඨ හා සම්භාව්‍ය කෘති රැසක් සම්පාදනය කර ඒ තුළ සදාකාලික බැබැලීමට ලක් වුන අතලොස්සක් වන ලෝක සාහිත්‍ය කරුවන් අතර පුමුඛයෙකි.
ඔහුගේ සාහිත්‍ය කෘති බොහෝමයක් යථාර්ථවාදී මෙන්ම මනා සාජ ගවෙීෂි උත්ප්‍රාසාත්මක මෙන්ම තියුණු විවේචනාත්මක කෘතීන්ද වේ.
ප්‍රහසනය සිය ආත්මය කර ගනිමින් සාහිත්‍යය කරණයේ නියැලි ගොගොල් නවකතා රචනයෙන් ඔබ්බට ගොස් නාට්‍ය රචනයටද එක්ව ලෝක සාහිත්‍යය ට එක්කළ විශිෂ්ටතම උපහාමාත්මක නාට්‍ය රචනයයි,රිවිසෝර්(රුසියන් ) නොහොත් The Government Inspector (ඉංග්‍රීසි )හෙවත් (සිංහලෙන් )”පරීක්ෂකයා “
(මුල්ම සිංහල අනුවාදනය රහාස් කොමසාරිස් ලෙස 60 දශකයේදී ) ලෝක සාහිත්‍යයේ රන් අකුරින් ලියැවුණු ගොගොල් ගේ මෙම විශිෂ්ට නාට්‍ය රචනය එදා සිට අද දක්වා ලෝකයේ රචනා වූ විශිෂ්ටතම උපහාසාත්මක නාට්‍යයක් ලෙස ලෝක සම්භාවනාවට පාත්‍ර වී ඇත .
ප්‍රවේණි දාස ක්‍රමය තදින්ම මුල් බැස ගෙන තිබුණු රජ පවුල හා නිලධාරී පැළැන්තියේ අන්තනෝමතික පාලනයේ උග්‍ර පීඩනය හමුවේ අතිශයින් සමාජ අසාධාරණයට ලක් වූ ජනතාවක් සිටි රුසියාව හා එහි එවක ජරාජීර්ණ වූ පාලන හා සමාජ සංස්ථා පිළිබඳ ව අතිශයින් නිර්දය ලෙසත් උපහාසයෙන් යුතුවත් විවේචනය කරමින් සාහිත්‍යකරණයේ යෙදුණු ගොගොල් මෙම නාට්‍ය තුලින් සාර් රජ පෙළපත ප්‍රමුඛ රුසියානු පාලක පන්තිය සදස උපහාසයෙන් යුතුව විවේචනයට ලක් කරමින්, එම පාලන ක්‍රමය කෙරෙහි වූ සිය විරෝධය ඒ තුළින් ප්‍රකාශ කරයි.
ඉඩම් හිමි රදළයන්ගේ හා දූෂිත නිලධාරීන් ගේ කියුම් බහට කටයුතු කරන ඔහුන් පමණක් විශ්වාස කරන සාර් රජු ගේ පාලනය එවකට මෙතරම් හොඳින් විවේචනය කරනු ලැබූ තවත් සාහිත්‍යවේදියකු නොසිටිය තරම් ය .
අන්ත දූෂිත දුෂිත නිලධාරින් හා පාලකයන් ගෙන් සමන්විත ප්‍රාදේශීය නගරයේ එකට අගනුවරින් පරික්ෂා කිරීමට නිලධාරීන් පැමිණෙන බව දැන ගන්නා පොලිස්පති ප්‍රමුඛ නගරයේ දූෂිත නිලධාරි පිරිස, එවකට නගර පිරී පැවති දූෂිත ක්‍රමය ඔහුට නොපෙනෙන්නට සඟවා පරමාදර්ශී මිනිසුන් ලෙස හැසිරීමට තීරණය කරයි . මෙම ප්‍රවෘත්තියෙන් පසු පොලිස්පති ඇතුළු පිරිස අවධානයෙන් පසු වන විට තැනින් තැන මගඩි කම් කර පලා යන පාදඩයෙකු එම නගරයට විත් හෝටලයක නැවතී සිටීම දැනගන්නා ඔහුන් ඒ පැමිණ සිටින්නේ ආණ්ඩුවේ පරීක්ෂකවරයා යැයි සිතා රැවටී ඔහුට පුද සත්කාර කරමින් මේ නගරයේ සියලු නිලධාරීන්ගේ හා පාලකයන්ගේ නොමද ගරු සැළකිලි ,ආශිර්වාදය ආදරේ ලබමින් පොලිස්පතිවරයාගේ දුව ඉදිරියේ දී විවාහ කර ගැනීමේ තත්වය දක්වා යමින් පුද සත්කාර ලබන ඔහු, ඔහු විසින්ම සිය මිතුරකුට මේ විගඩම කියා යවන ලියුමක් නිසා ඔහු ගේ සැබෑ තත්ත්වය අනාවරණය වීමත් ඒ වන විට නගර පාලකයන් රැවටෙන්න ඕනෑ හොඳම විදිහට රැවටී ඇති බව වැටහෙන විට ඔහු මුළු නගරයෙන්ම විශාල ණය මුදලක් ද රැගෙන පලා ගොස්ද හමාර වී ඇති රසවත් කතාවක් මේ තුල ඇත. මේ කතාව කීමේදී ගොගොල් ගේ උපහාසයට හසු නොවුනු කිසිදු සාර් පාලන නිලධාරියෙක් නොවූ තරම්ය.
මෙම දූෂිත නිලධාරීන් හා පාලකයන් යොදා ගනිමින් ගොගොල් කෙලින්ම පහර ගැසුවේ සාර්ගෙ රාජ්‍ය පාලනයට ය.
ප්‍රාදේශීය නගරය කේන්ද්‍ර කර ගනිමින් ගොගොල් මෙම නාට්‍යය රචනා කළ ද ඒ වන විට සමස්ත රටේම තත්වය මෙම ප්‍රාදේශීය දූෂිත නගරය හා සමාන වී ඇත..
රුසියානු සාහිත්‍යයේ සමාජ ප්‍රහසනාත්මක රීතියක් ගම්‍ය කරමින් ප්‍රබල ලෙස සිය නිර්මාණ තුළ සෝපාසය කැටි කළ මෙම මහා ලේඛකයා සාර් රජ අවදිය තුළම ඔහුගේ පාලනය විවේචනය කිරීමට තරම් අදීන ද විය.
වරක් මෙම නාට්‍යය නැරඹූ සාර් අධිරාජ්‍යයා ,නාට්‍ය නරඹා සිනහාසුනු නිලධාරීන් හට පවසා ඇත්තේ “කවුරුත් හොදට බැනුම් ඇහුවා වැඩියෙන්ම ඇහුවේ මමයි ” කියා ය. ඒ තරම්ම සාර් පාලනය ගොගොල් මෙහිදී විවේචනයට ලක් කරයි .
නාට්‍යයේ එන ප්‍රධාන චරිත වලට යොදා ඇති නම් ද ගොගොල් යොදා ගෙන ඇත්තේ උපහාසයෙන් යුතුව ඔවුන්ගේ චරිත ලක්ෂණ එළි වන ආකාරයෙන් ම ය .පොලිස් පති වරයා “ස්ක්වොස්කින්”සිදුරු වලින් රිංගන්නාය.
විනිසුරු “ලියප්කින්”,නොසැලකිලිමත් ලෙස වැඩකරන්නාය.”ත්‍රියාපිච්කින්”
යනු සෙවලයාය. පොලිස් පරීක්ෂක “උභවෙර්තෆ්” කන්වෑයාය.මෙලෙස මෙහි සියලුම පාත්‍ර වර්ගයා ගොගොල්ගේ උපහාසයට ප්‍රාත වන නම් හිමිකර ගෙන සිටී.
මුල් රුසියානු බසින් ම මෙම විශිෂ්ට නාට්‍ය අනුවර්තනය කර අප වෙත ගෙන ඒමට කට යුතු කර ඇත්තේ කෘතහස්ත ගුරුවරයෙකු , විදුහල්පති වරයෙකු හා ලේඛකයකු වන එච් ජයරත්න මහතාය. ඒ මහාතාගේ මෙම ප්‍රයත්නය ඉතා සාර්ථක වී ඇත. ගොඩගේ ප්‍රකාශනයක් ලෙස මුල්වරට 2001 වර්ෂයේ දී මුද්‍රණය වූ මෙම පොත 2010 වර්ෂයේ දී පුනර් මුද්‍රණය වෙයි.
මීට පෙර ද මෙම පොත රහස් කොමසාරිස් ලෙස ද පරිවර්තනය වී ඇති අතර එයින් නිෂ්පාදිත නාට්‍යයක් ද කලක් ශ්‍රී ලංකාවේ ද අතිශය ජනප්‍රියතාවයට ලක් ව ඇත .
මෙම රුසියානු මහා ලේඛකයා හා රුසියානු මහා කවියා වන ඇලෙක්සැන්ඩර් පුෂ්කින් අතර පැවැති අනගි මිත්‍රත්වය සංකේතවත් කරමින් මෙම නාට්‍යයේ එන පොලිස්පති වරයාගේ රුව ඇසුරින් කළ ආලේඛ්‍ය චිත්‍රයක් වරක් පුෂ්කින් විසින් ඔහුට ලබා දී ඇත .මෙම පොතේ කවරය සරසන්නේ එම වටිනා චිත්‍රයෙන් ය .
ලොවම සදස උපහාසයෙන් කිති කවමින් හිනැස්සූ මේ මහා ලේඛකයා මරණය දක්වා ම සිය හදවතේ ඇතුළාන්තයෙන්ම අධික දුක් ගින්නකින් වෙලී සිටිය බවත් ලොව දනී.
එවන් දුක් ගින්නකින් නිතරම ගිනි බත් වෙමින් මේ මහා ලේඛකයා සිටි බව ඔහුගේ ජීවිතය හැදෑරීමේ දී අවබෝධ වෙයි. වසර හතළිස් තුනක් වැනි කෙටි කාලීන ජීවිතය තුළ ඔහු කරනු ලැබූ විශිෂ්ට නිර්මාණයන් එම අභ්‍යන්තර චිත්තාවේගයන් ගේ පාලනයට නතු නොවීනම් මෙයට වඩා වැඩි වන්නට ද තිබුණි .
එම අභ්‍යන්තර චිත්තාවේගය නිසාම ඔහු අවසාන කාලයේ දී පත්වන මානසික වියවුල නිසාත්, දේවගැතිවරයෙකු ගේ බසට නතුව ඔහුගේ කීම් බස් අනුව වැඩ කිරීම නිසාත් ගොගොල් විසින් නිර්මාණය කරන ලද බොහෝ නිර්මාණයන් ඔහු විසින්ම ම ගිනි තබා විනාශ කළ බවත් පැවසේ .අවසාන නොකළ ඔහුගේ විශිෂ්ම පොත වන මළ මිනිස්සු කෘතියේ දෙවැනි කොටස ද එලෙස විනාශ කරන්නට ඇති බවයි විචාරක මතය .
තම චිත්ත අභ්‍යන්තරය මොන තරම් දුක් ගැහැටවලින් පෙළුණත් පීඩිත වූ වත් එය සඟවා ගනිමින් සමාජ යහපත වෙනුවෙන් නිර්මාණ කරන ගොගොල් වැනි මහා ලේඛකයන් ලොවේ කෙතෙක් ද ?එවැන්නන් අද ද ඇත්තේ ය .
උතුම් පරමාදර්ශී මිනිසුන් වන්නේ ඔහුන් නො වේ ද ?තමාගේ දුක්ඛ දෝමනස්සයන් කෙතෙක් වුවත් එය මැඩලාගමින් සිය නිර්මාණ හැකියාව සමාජයේ යහපත වෙනුවෙන් යෙදවීමට හැකි වූ මෙවන් මහා සාහිත්‍ය ධරයන් ලොව තුල සඳකාලික තාරුණ්‍යයට පත්ව ඇත.
ලලිත් රවීන්ද්‍ර බෝපිටිය
2023/05/30