ඉන්දියාවේ නව පාර්ලිමේන්තුව විවෘත කළා

Share post:

පාර්ලිමේන්තුව විවෘත කළ සැනින් එතන හදිසි තත්ත්වයක් ඇතිවුණා. ඒ මොකක්වත් නිසා නෙමෙයි ඉන්දියාවේ මල්ලව පොර ක්‍රීඩක ක්‍රීඩිකාවන් එකතු වෙලා, අලුතින් විවෘත කරපු පාර්ලිමේන්තුව දෙසට යන්න ගිහින්..

මෙලෙස ගිය අය අතර ඉන්දියාව වෙනුවෙන් ඔලිම්පික්, පොදුරාජ්‍ය මණ්ඩලීය, ආසියානු සහ ජාත්‍යන්තර මල්ලව පොර ශූරතාවලින් රන්, රිදී, ලෝකඩ පදක්කම් ගත්ත විශිෂ්ඨයෝ රැසක් හිටියා. හැබැයි ඔවුන්ට නව පාර්ලිමේන්තුව දෙසට යන්න නම් හම්බ වුණේ නැහැ. ඔවුන්ව විසිරුවා හරින්න ඉන්දියානු පොලීසිය සහ කැරලි මර්දන අංශ කටයුතු කළා.

ඔවුන් දැන් සති කිහිපයක් තිස්සේ විරෝධතාවයක නිරත වෙලා ඉන්නවා. ඒ ඉන්දීය මල්ලව පොර ක්‍රීඩාව බාර ලොක්කා ක්‍රීඩිකාවන්ට ලිංගික අතවර සහ හිංසනයන් සිදුකරන බවත්, ඔහුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න කියලා. ඒ වගේම ඔහු ඉන්දීය පාලක පක්ෂය වන භාරතීය ජනතා පක්ෂයේ සාමාජිකයෙකු බවටත් සඳහන් වෙනවා.

කොච්චර කිව්වත් අහපු නැති නිසා තමයි මල්ලව පොර ක්‍රීඩික ක්‍රීඩිකා‍වෝ මෙලෙස අලුතින් විවෘත කරලා පළමු සභා වාරය පවත්වමින් තිබූ පාර්ලිමේන්තුව දෙසට යන්න උත්සාහ කරලා තිබුණේ.

මේ ඡායාරූපයේ විශේෂත්වයක් තිබුණා. මේ එකිනෙකා වැළැ‍ඳගෙන ඉන්න ක්‍රීඩිකාවන් දෙන්නා ඔවුන්ට පහර දීලා ඉවත් කරන වෙලාවේ ඉන්දියාවේ ජාතික ධජය අල්ලාගෙන හිටියා පහර කාගෙන. අන්තිමට ඔවුන්ව ඇදලා ඉවත් කරන්න පොලීසිය කටයුතු කරනවා. හැබැයි ඒක පහසු කටයුත්තක් වෙන්නේ නැහැ, හේතුව තමා මොවුන් මල්ලවපොර ශූරයන් වීම සහ ඔවුන්ගේ තියෙන ශක්තිය නිසා.. අන්තිමට ඔවුන් දෙදෙනාව බිමට වැටිලා ඔවුන් අල්ලාගෙන සිටි ජාතික ධජයත් බිමට පතිත වුණා.

කොහොම හරි‍ මේ සිද්ධිය නිසා වත්මන් ඉන්දීය ආණ්ඩුවට ලොකු බලපෑමක් එල්ල වෙලා තියෙනවා. මොකද රට වෙනුවෙන් තමන්ගේ මහන්සිය කැප කරලා ගෞරවය දිනා දුන්නු ක්‍රීඩිකාවන්ට පහර දීලා මොකක්ද මේ කරන්නේ හදන්නේ කියලා බොහෝ දෙනෙකු චෝදනා කරලා තිබුණා.

ඔයාලා දංගල් බැලුවා නම් අමීර් ඛාන් හිටපු එකේ හිටපු පෝගාට් පවුලේ අයත් මේ විරෝධතාවය ඇතුළේ දී පහර කාලා තිබුණා.

සංජේ රණවක

Related articles

අඳුරු යුගය ආලෝකමත් කරන්න ඉදිරිපත් වුණු මිනිසෙක් – රන්කරුවෙක්! වයින් යන්ත්‍රයකින් අකුරු මිරිකීම!

අදට අවුරුදු 600කට කලින්, ලෝකය මීට වඩා ගොඩක් වෙනස්. ඒ කාලේ පොතක් කියන්නේ සාමාන්‍ය මනුස්සයෙකුට හීනයක් විතරයි. එක...

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...