දෙමළෙන් දෙමළ ද බෙදලලු

Share post:

තේ දලු…. ලේ දලු… දුක ගැලු
ඈතට මනහර සිත් කලු
උඩරට කඳුලක මත හෙලූ
අමතක කර දැමු ජනයලු

වෙන් කර හිමි නැති දෙමළලු
දෙමළෙන් දෙමළ ද බෙදලලු

වත්තක ලැයිමක දිවි සුලු
කඹුරන සොච්ඡම හරි සුලු
රොටියෙන් කහටෙන් ගිනි නිවූ
සමනල කන්දෙන් ගං ගැලූ

සුද්දන් ඇවිදින් ඉරනම ඉරුවලු
සියවස් දෙකක්ම ගෙව්වලු

දැයකට රන් සේ පණ පිදූ
රටකට ධන උල්පත තැනූ
නො රටුන් වහලුන් ලෙස බැලූ
මනහර කඳුරට යට හෙලූ

ඉර හඳ යට අඳුරෙහි හෙලූ
දෙවියන් හැර ගිය යුගයලූ

උදය ආර්. තෙන්නකෝන්

28.05.23

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...