තේ දලු…. ලේ දලු… දුක ගැලු
ඈතට මනහර සිත් කලු
උඩරට කඳුලක මත හෙලූ
අමතක කර දැමු ජනයලු
වෙන් කර හිමි නැති දෙමළලු
දෙමළෙන් දෙමළ ද බෙදලලු
වත්තක ලැයිමක දිවි සුලු
කඹුරන සොච්ඡම හරි සුලු
රොටියෙන් කහටෙන් ගිනි නිවූ
සමනල කන්දෙන් ගං ගැලූ
සුද්දන් ඇවිදින් ඉරනම ඉරුවලු
සියවස් දෙකක්ම ගෙව්වලු
දැයකට රන් සේ පණ පිදූ
රටකට ධන උල්පත තැනූ
නො රටුන් වහලුන් ලෙස බැලූ
මනහර කඳුරට යට හෙලූ
ඉර හඳ යට අඳුරෙහි හෙලූ
දෙවියන් හැර ගිය යුගයලූ
උදය ආර්. තෙන්නකෝන්
28.05.23