මගීන් තිදෙනා

Share post:

එකමත් එක රටක එකමත් එක සිහිනෙක
බිම් කඩක් විය වැසුණු ඝන වනයෙන් ;
මතකෙන් බැහැර එක්තරා දුර කලෙක
රජ කළේ මරු එහි, රුදු යුද ගැටුම් බලයෙන්.

අදත් මරු බිමකි එය ගොර සපුන් ගැවසෙන ,
ඉවට නොහසුවන බිම් බෝම්බය තැන තැන
භූ-චුම්බක කුණාටුය නොකියා නොදන්වා එන;
නොපිපිරී යනුව එය මැදින්
මාලිමාවකින් වුව පලක් වෙද ඉදින් !
නැසුණි පරපුරක හපනුන් අපමණ
‘ අතරණීයයි.’ කීහ වෙහෙසට පත් දන.

එහෙත් ඉන් ඔබ්බෙහි
අත් හළ නොහැකි සිහිනෙකි ;
පාලුවට ගිය සදා පල බර උයනකි .

පැරැණ්නන් මග තොට සොයා ගත් අයුරින්
යා යුතුයි අහස් සිතියමට නෙත් යොමමින් ,
දුම් රේඛා දාවල , තරු ලකුණු රෑ බලමින් –
වියතෙකු දුන් උපා මග – එමග විනිවිදිනුව.

එබස් අදහා මගට බට පළමු මගියා
අහසට ගත් එල්ලය නොබිඳ රඳවා ඇස
තරණයට ගිය මුත් එලෙස නොනමා හිස,
කල් නොගොස් බිළිවුනි රුදු සපුනට –
නැතොත් අදිසි බෝම්බයකට.

දෙවන මගියෙක් පැමිණේ;
බිම පීරා බලමින් සපුන් මග හරිමින්
බෝම්බ ද නොපාගා සීරුවෙන් ගිය මුත්
එල්ලය නොගත්තෙන් තරු ලකුණු විමසා
වැනසුණි මං මුලාවී, බැට කා සයින් පවසින්.

උවමනා වී තිබේ මගියෙක්
අහස් ලකුණු ද බලමින් දුම් රේඛා ද දකිමින්
පොළොව ද අඟලින් අඟල පාදා මග සදමින්
අහර ද පැන් ද ගමන් මල්ලේ බහා ගෙන
ඉවසිල්ලෙන් සිහියෙන් තරණයට යන.

තෙවන මගියා ඒ, මෙතෙක් නැත ඇවිදින් ..,

සුනිල් විජේසිරිවර්ධන

Related articles

2025 වසරේ නිර්මාණය වුනු හොඳම චිත්‍රපටයක් ලෙස Sentimental Value (2025) නම් කළ හැකියි

මෙම චිත්‍රපටය නැරඹීමට ප්‍රධාන හේතුවක් වූයේ අධ්‍යක්ෂක Joachim Trier සහ මෙහි ප්‍රධාන චරිතය රඟ දක්වන Renate Reinsve. Trier...

කතා කළ යුතු තැන සහ නැති තැන, හෙවත් වැඩසටහනක් මෙහෙයවන විදිය, ෂෆාක්ගෙන් ඉගෙනගන්න

පොතක ප්‍රධාන චරිතයට තමන්ගේ භූමිකාව හොඳින් කරගෙන යන්න දායක වන, අප්‍රධාන, සුළු සහ සෙසු චරිත ගැන කවදත් මගේ...

නතාෂා : ඊයේ සහ අද !

2023 ජූලි මාසයේදී දේවගැතිවරයකු ලෙස හඳුන්වාගන්නා ජෙරොම් ප්‍රනාන්දු සිංගප්පූරුවේ සිට එක්සත් රාජධානිය බලා පිටත්ව ගොස් තිබිණි. ඔහු මෙසේ එක්සත්...

කාබුල්හි අරුම කතන්දර කියන්නා; කාබුල් දස්තාන්

පොඩිහිටියාගේ සිට වැඩිහිටියා බවට එළඹුණු හැරවුම් කාලයේ දි, මාමා කෙනෙක් මට පොතක් ගෙනැවිත් දෙනවා. එහි නම, 'ලේ හුරු...