“ජීවිතය ගෙනියන්නත් ඉෂ්ට නොවුණ හීනයක් තියෙන්න ඕන.”

Share post:

වේදිකාව මත මහළු නිවාසයක ගැහැණු පිරිමි මල් පලතුරු සෙල්ලම් කරමින් සිටින වියපත් නිලියන් නම දෙනෙක් පැය දෙකක් පුරාවට ප්‍රේක්ෂකයන්ගේ අවධානය සම්පූර්ණයෙන්ම තමන් වෙත නතු කර ගන්නවා. එසේම ඔවුන් වෙත යොමුවන ආලෝකය, රංග භාණ්ඩ වැනි වෙනත් සාධකද එම නතු කරගැනීමට විශාල ලෙස දායක වෙනවා.
සුචිත්‍ර රාහුබද්ධගේ නවතම නිර්මාණය වන “ඇෆ්‍රොඩයිට් මල් කොල්ලය” එක්තරා සමාජ යථාර්තයක් පසුබිම් කරගත්, රසවින්දනයෙන් අනූන වේදිකා නාට්‍යයක්. එසේම එම සමාජ යථාර්තය ගැන කතාබහ, කතාව රසවිදීමට බාධාවක් නොවන ලෙස ඉදිරිපත් කිරීමටත් අධ්‍යක්ෂකවරයා වගබලාගෙන තිබෙනවා.

ශිල්පීය වශයෙන් විශිෂ්ටතා පෙන්වන සමහර නිර්මාණ තුල කතා වින්‍යාසමය අඩුපාඩු තිබෙනවා. කතාව හොදින් ගොඩ නැගුණු සමහර නිර්මාණවලට ශිල්පීය අංග වෙත වැඩි අවධානයක් නොදෙන අවස්ථාද තිබෙනවා. “ඇෆ්‍රොඩයිට් මල් කොල්ලය” තුල අපිට දකින්නට ලැබෙන්නේ මෙම අභියෝග දෙකටම සෑහෙන සාර්ථකව මුහුණ දෙන අවස්ථාවක්. ඔබ නාට්‍යය බැලුවනම්, “ඒක perfect plan එකක්” කියා සිතෙයි. ඒ ප්ලෑන් එක මේ ආකාරයට ජීවමාන කලාට අධ්‍යක්ෂකවරයාටත්, රංගන ශිල්පිනියන් නමදෙනාටත්, සමස්ත නාට්‍ය කණ්ඩායමටත් ප්‍රේක්ෂක අපගේ ස්තූතිය හිමිවිය යුතුයි.

විවිධ චරිත නිරූපණය කරන රංගන ශිල්පිනියන්, පුළුල් ප්‍රේක්ෂක පිරිසකගේ සිහිනවලට පණ දෙනවා. එහෙත් ඒ සිහින දෙස බලා සිටින බොහෝදෙනෙකුට, “ඔවුන්ද අප වැනිම සිහින දකිමින් සිටින පිරිසක් නොවේද?” යන ප්‍රශ්නය මගහැරී යනවා. කුතුහලයෙන් පිරුණ කතා පුවත තුල අපට වරින්වර මුණගැසෙන්නේ මෙම යථාර්තයයි.
සිහින ගැන තවත් වැදගත් කාරණාවක්ද කතාවේ එක් තැනක කියවෙනවා.

“ජීවිතය ගෙනියන්නත් ඉෂ්ට නොවුණ හීනයක් තියෙන්න ඕන.”
ඉටු නොවන්නේ කාගේ හීනයද? ඒක දැනගන්න අද හවස 7.00ට ලයනල් වෙන්ඩ්ට් එකට යන්න!

නිශාන්ත කුලරත්න (2023-05-21)

මිනිස්සුන්ගෙ ජීවිත කියලා කියන්නෙ අත්දැකීම් සමුදායක්. වැඩිපුර අත්දැකීම් විඳිනා මිනිස්සු වැඩි වැඩියෙන් ලෝකෙ දකිනවා.

මමත් පොඩි කෙල්ලක් කාලෙ සුජානි මේනකා සතයෙන් සතේ… රුපියලෙන් රුපියල කියලා ටීවී එකේ කියද්දි මම හිතන් හිටියෙ ඇත්තටම එයා මැටි කැටේකට සල්ලි එකතු කරනවා ඇති කියලා. කවදාවත් මැටි කැටයක් හිමි නොවූ මට කවදාක හෝ මැටියෙන් සෑදූ කැටයක් බිඳ බලන්න ආශාව ඇති කරේ ඇයයි. එයා දැන් ලොක්කියක්. නිකම්ම ලොක්කියක් නෙවෙයි. එයා විවිධ චරිත වලට පන පොවනවා.

ගම්පෙරලිය ටෙලිනාට්‍යයේ අනුලාට පන පෙවූ තරුන ගැහැනිය ඊට හාත්පසින්ම වෙනස් චරිතයක ගිරයට හසු වූ ගැහැනියකගේ ජීවිතයට පන දෙනවා. ඈම ඉරිදා රාත්‍රියේ අසිත… අසිත… කියමින් ටියුශන් ගුරුවරයෙක් පසුපස දුවගෙන යනවා විතරක් නෙවෙයි, චිත්‍රපටියක මිනී එම්බාම් කරනවා. අහම්බයෙන් සැබෑ ජීවිතයේදී දැකපු ඇයම ඒ චරිත ඔක්කොම බිම තියලා හිනා වෙන්නෙ නිහතමානී විදිහට. චාන්දනී සෙනෙවිරත්න, ඔබේත් මගේත් ආලින්දයට කී වරක් නම් එන්න යන්න ඇතිද?

සඳක් වගේ සුන්දරම මවකටත්, ආකර්ශනීය කටහඬක් වගේම පෞරුශයකටත් හිමි පියෙකුට දාව උපන් සුන්දර කෙල්ලක් රාහුල හාමුදුරුවන්ගෙ ආදරය ඉල්ලලා මුරන්ඩු විදිහට පස්සෙන් යද්දි මම ඒ ටෙලිනාට්‍යට පාදක වෙච්ච පොත අරගෙන කියවලත් තියනවා. පුද්ගලික ජීවිතයේදී විවිධ අවස්තාවන්හී හමු වී ඇති අමාට තියෙන්නෙ ලස්සන ලොකු ඇස් දෙකක්. බෝ කොලයක් හැඩය ඇති මූන දෙපැත්තෙන් වැක්කෙරෙන රැලි ගැහුන කොන්ඩ කැරලි එක්ක එයා දිහා ආයෙ ආයෙ බලන්න කුතුහලයක් ඇති වෙනවා.

රංගනයේ විශිශ්ට දක්ශතා ඇති කෞශල්‍යා ෆර්නෑන්ඩෝ මෙතෙක් සැබෑ ජීවිතයේ හමු වී නැතත් විවිධාකාර චරිත තුල අපි කොච්චර නම් ඇය පන පෙවූ කාට හෝ අයත් කතා වෙනුවෙන් කොච්චරවත් තැවිලා, හිනා වෙලාත් ඇති.
දිනක් නැත්නම් දෙකක්, හමු වී හිනැහුන, බොහෝ කලක් සිට දන්නා හඳුනන්නවුන් විදිහට කයියක් ගහගනෙ ඉඳිය හැකි සමාධි… සමහර විට ඔබටත් මුන ගැහිලා ඇති.

පතාක යෝධයන් අතර හිදිනා රන්දි… ඔබටවත් මටවත් මෙතෙක් රංගන ශිල්පිනියක් ලෙස මුන ගැහී නැති බව සහතිකයි. ඈට පුදුමාකාර තරමට විහිලු කතා කියන්නට, අපිව හිනස්සන්නට පුලුවන්. ඇය නෙවෙන්නට මේ සටහන ලියවෙන්නේ හෝ නැති වෙයි.

කෙසේ නමුත්….
මේ සියලු දෙනාම අපි කවුරුවත් නොදැකපු මුහුනුවරකින් කලඑලි බහින්න ලෑස්තියි.
මෙතෙක් වේදිකා නාට්‍යයක් නරඹා නැත්නම්, නාට්‍ය අවසන් වූ පසු ශිල්පී, ශිල්පිනියන්ට සුබ පැතීමේ ප්‍රහර්ශය විඳ නැති නම්… ඒ අත්දැකීම කවදාක නමුත් විඳින්නට අමතක කරන්න එපා. විඳපු අයට නැවත විඳින්නත්, නොවිඳපු අයට හා හා පුරා විඳින්නටත්
යන්න…

“ඇෆ්‍රොඩයිට් මල් කොල්ලය”
පෙන්නන්න දැන් හොඳටම ලඟයි.

නිලූකා බ්‍රැන්ඩන් (2023-05 15)

හොඳ ප්ලොට් ට්විස්ට් එකක් එක්ක ඉවර වෙන, ස්ටේජ් එක උඩ අලුතක් දැක්ක වැඩක්.

කෙල්ලෝ නවදෙනෙ​ක් එකතු වෙලා ඊයෙ රෑ ලයනල් වෙන්ඩ්ට් එකට ඇවිත් හවුස් ෆුල් කරපු හැමෝගෙම හිත් මංකොල්ල කෑවා.
‘ඇෆ්‍රොඩයිට් මල් කොල්ලය’ කරපු මල් කෙල්ලෝ නව දෙනා පටන්ගත්තු වෙලේ ඉඳන් එක දිගටම අපිව අල්ලගෙන හිටියා. බෝරිං තැනක්, නිදිමත තැනක්, ෆෝන් එක අතට අරන් නොටිෆිකේෂන් ටික චෙක් කරන තැනක්, මේ වගේ කිසිම එක්ස්කියුස් චාන්ස් එකක් අපිට ගන්න ඉඩ තියන්නැතුව කතාවත් එක්ක අපිව ගැටගහලා තියාගත්තා.

මිනිස්සුන්ට අමතක වෙලා ගිය ගෑණු නවදෙනෙක්ට තියෙන කෙලි හදවත්වලින් තාමත් ඒගොල්ලන්ගේ හීන අල්ලන්න ට්‍රයි කරන කතාවක් විදිහට මල් කොල්ලය දිගහැරෙනවා. වැඩේ පුරා මට හිතුණේ, මේක ෆිල්ම් එකක් වගේ ස්ටේජ් ඩ්‍රාමා එකක් කියලා. විශේෂයෙන්ම ලයිටිං, ඒ ඒ සීන්ස්වලට හරියටම මැච් වෙන්න, විශේෂයෙන්ම කතාවේ තීරණාත්මක දවසේ උදේ, මේ නවදෙනාගේ හැසිරීම, එකින් එකට අවධානය දීලා ලයිට් කරපු විදිහ, ෆිල්ම් එකක ට්‍රීට්මන්ට් එකක් වගේමයි. කතාවේ හැමතිස්සෙම ලයිටප් වෙලා තියෙන්නේ මේ කෙල්ලෝ තමන්ගේ බිත්තියේ එල්ලන් ඉන්න ඩ්‍රීම්කැච’ස් ටික. ඒ අයගේ හීන හැමතිස්සේම තියෙන්නේ අවදියෙන්. ඒ අය ජීවත් වෙන තරම තීරණය කරන්නේ ඒ හීනවල බරේ තරමට. කතාවේ මට හොඳින්ම වැදුණු ලයින් එක, “මිනිස්සුන්ට ඉටු වෙන්නැති හීනත් තියෙන්න ඕන ජීවත් වෙන්න.”

පෝස්ටරේ සහ කාස්ට් එක දැක්කම අපිට තේරෙනවා අපි එළියට බහිනකොට ඩිසපොයින්ට් වෙන්න තියෙන චාන්ස් එක අඩුයි කියලා. ඒ වෙනුවෙන් ඩ්‍රාමා එකේ ඉස්සරහ සහ බැක්ස්ටේජ් හිටිය සියලු දෙනා හොඳට මහන්සි වුණා. වේගවත් ප්ලොට් එකක් කිසි ඩිලේ එකක් වෙන්නැතුව හොඳ ටයිමිං එක්ක අපිට අල්ලගෙන තියන් හිටියා. ඩ්‍රාමා එක ඉවරවෙලා ඩිරෙක්ට’ සචිත්‍ර රාහුබද්ධ එක්ක කතා කළාම එයා කිව්වේ, දැන් ලංකාවේ ඉන්නේ ලෝකෙම ෆිල්ම් ටීවි සීරීස් බලන ක්‍රවුඩ් එකක්, ඒ අයට ගැළපෙන්නයි අපි නිර්මාණ හදන්න ඕන කියලා.

ඊයේ හවුස්ෆුල්, මං දන්න තරමින් අදයි හෙටයිත් මේ වෙද්දී ටිකට්ස් ගොඩක් ඉවරයි. පුළුවන් හැම කෙනෙක්ම අද හෝ හෙට ලයනල් වෙන්ඩ්ට් එකට යන්න. බැරිවුණොත්, ඊළඟ සැරේක අනිවාර්යයෙන්ම බලන්න. ස්ටේජ් ඩ්‍රාමා එකක ලයිව් ආතල් එක වෙනයි.
හොඳ ප්ලොට් ට්විස්ට් එකක් එක්ක ඉවර වෙන, ස්ටේජ් එක උඩ අලුතක් දැක්ක වැඩක්.

ෂෙනාල් ගුණසේකර

ඔබේ සිත් මංකොල්ල කනවා නිසැකයී.

“මිනිස්සුන්ට ඉටුකරගන්න බැරිවෙච්ච හීනත් තියෙන්න ඕනෙ ජීවත් වෙන්න.”
ඇෆ්‍රෝඩයිට් මල්කොල්ලය හරි ලස්සනට ප්‍රේක්ශක හදවත් මංකොල්ලකෑව, තරුණියන් හා ක්ශේත්‍රයේ තලත්තෑනි,තියරි,පැට්‍රිකල් පිරුණු නිළිස්ත්‍රී චිත්තයන් 9ක් එක්ක සචිත්‍ර රාහුබද්ද කරපු නියම වැඩක්, මෙම නාට්‍ය අන්තර්ගතය, අධ්‍යක්ෂක වරයෙක් වුවත්, ඔහු ස්ත්‍රී දැෂ්ඨිකෝණය ඉතා සූක්ෂමව රදවාගෙන තියන වැඩක්.නිළියකට ලංකාව තුළ පැවැත්මේ කොන්දේසි සහ ස්වභාවය අප ඉදිරිපිටට ගෙනෙමින්, එය ඉතා රසවත්ව නාට්‍යතුළ ගොඩනන්වා ඇති ස්වතන්ත්‍ර රචනා ස්වරූපය අගයකළයුතු වන්නේමය. ආනුශංගික භාවිතයද නාට්‍යයට අවශ්‍යම ලෙස යෙදීම( අඩුත් නැති, වැඩිත් නැති ) නට්‍ය රසය තීවුර කරන්නේය., මෙම නිර්මාණය රාහුබද්දගේ තවත් පර්‍යේෂණාත්මක උත්සහයක ඉතා සර්ථක ප්‍රතිපලයක් ලෙසද පෙන්වාදෙන්නට පුළුවන. ඔහුටත්,මල්කෙල්ලන්ටත් ආනුශංගික ශිල්පීන්ටත් ආදරයයන් සුබපැතුම් එක්කරමි..ඉතිං ඔබත් හිත් පරිස්සම් කරගෙන මෙම මල්කොල්ලය නරඹන්න, ඔබේ සිත් මංකොල්ල කනවා නිසැකයී.

තිලින හෙයියන්තුඩුව

Related articles

යසස් සමන්ත වීරසිංහගේ ‘වැහි පීල්ලක අතරමංව’

ආර්ථික ක්‍රියාකාරිත්වය නතර වන මොහොතක ඊට සාපේක්ෂව පුද්ගල සිතීම සහ චර්යාව ද වෙනස් වන බව රහසක් නොවේ. එය...

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...