මුහුදු පතුල Scan කරපු “ටයිටැනික්” නැවේ පර්යේෂණය

Share post:

අපි බොහෝ දෙනෙක් අහලා තියලා ටයිටැනික් නැව 1912 අවුරුද්දේ අත්ලාන්තික් සාගරයෙදි මුහුදුබත් වුණේ ඛේදවාචකයක මතක සටහන් ලෝක ඉතිහාසයට ඉතිරි කරමින්. Titanic යන ඉංග්‍රීසි වදනේ අර්ථය වෙන්නේ ‘ඉතා විශාල’ කියන එකයි.

එදා දෙවියන්ටවත් ගිල්විය නොහැකියි කියලා නිෂ්පාදකයින් උදම් අනපු ටයිටැනික් මුහුදුබත් වෙන්නේ අභිරහසක් මුහුදු පතුලේ සඟවමින්.

ටයිටැනික් අනතුරෙන් එහ ගමන්ගත්ත මගීන් සහ කාර්ය මණ්ඩලයේ 1500කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වුණා කියලා පිළිගන්නවා. ඉතිහාසය ගැන හොයන බොහෝ දෙනෙක්ට ටයිටැනික් අනතුර සම්බන්ධයෙන් පිළිතුරු නොලැබුණු ප්‍රශ්න ගණනාවක් තියනවා.

මෑතකදි ජනප්‍රියවුණු මුදුහු පතුලේ ගවේශෂණයට භාවිතා කරන Scanning ක්‍රමවේදයක් හරහා මේ ප්‍රශ්න බොහොමයකට පිළිතුරු ලැබෙයි කියලා ඉතිහාසඥයන් බලාපොරොත්තු වුණා.

ඒ අනුව ලෝක ප්‍රකට චිත්‍රපට නිෂ්පාදන සමාගමක් වෙන Atlantic Productions සමාගම මේ අත්ලාන්තික් සාගර පතුලේ ගිළුණු ටයිටැනික් නැවේ ඡායාරූප විශාල ප්‍රමාණයක් ලබාගෙන එහි ත්‍රිමාණ සජීවී අනුරුවක් සකස් කරන්න සමත්වෙලා තියනවා.

මේ ව්‍යාපෘතිය හඳුන්වන්නේ මේ දක්වා ලෝකයේ කරපු විශාලතම මුහුදු පතුල Scan කිරීමේ ව්‍යාපෘතිය විදිහටයි. ඒ අනුව මේ ව්‍යාපෘතිය හරහා ටයිටැනික් නැව සම්බන්ධයෙන් මෙතෙක් නොවිසඳුණු ප්‍රශ්න ගණනාවකට පිළිතුරු ලබාදෙන්න පුළුවන් වෙයි කියලා මේ පර්යේෂණ කණ්ඩායම සඳහන් කරනවා.

2022 අවුරුද්දේ ගිම්හාන සෘතුවේදී කැනඩා මුහුදු වෙරළෙන් දියත්කරපු පර්යේෂණ යාත්‍රා කිහිපයක් ඉතා පරිස්සමින් මුහුදු පත්ලේ තැන්පත්වෙලා තියන ටයිටැනික් නෞකාවේ නටඹුන් පරික්ෂා කරමින් ඡායාරූප ගන්න සමත්වුණා. මේ කාර්යයේදී ටයිටැනික් නැවේ සුන්බුන් වලට පුංචිම හරි හානියක් නොවෙන්න මේ කණ්ඩායම ඉතාම පරිස්සම්වෙලා තිබුණා.

මුහුදු පතුලේ වර්ග සැතපුම් තුනක සීමාවක් පුරා පැතිර තියන ටයිටැනික් නැවේ නටඹුන්වල සෑම මිලිමීටරයකම ඡායාරූප ලක්ෂ 7කට වැඩි ප්‍රමාණයක් ලබාගන්න මේ කණ්ඩායම සමත්වුණා. මෙහිදී එකතු කරගත්ත දත්ත ප්‍රමාණය ටෙරාබයිට් 16කට වැඩියි. ඒ අනුව තමයි ටයිටැනික් නැවේ ඉතිරිවෙලා තියන සුන්බුන් අනුව එහි සම්පූර්ණ අනුරුවක් නිර්මාණය කරන්න සමත්වෙලා තියෙන්නේ.

මේ සම්බන්ධයෙන් මැදිහත්වෙන පාර්ක්ස් ස්ටීවන්සන් කියන්නේ අවුරුදු 20ක් පුරාවට ටයිටැනික් ගැන පර්යේෂණය කරන ඉතිහාසඥයෙක්. ඔහු කියන්නේ මේ අළුත්ම පර්යේෂණයේ ප්‍රතිඵල විශ්මිත බවයි. ඒ මගින් ටයිටැනික් ගැන බොහෝ අළුත් දේ හොයාගන්න පුළුවන්වූ බවත්, තව දුරටත් සොයමින් පවතින බවයි.

ඉතිහාසයේ මුල්ම වතාවට මේ පර්යේෂණය හරහා ටයිටැනික් නැවේ බඳ බිඳීගිය ස්ථානය හරියටම සොයාගන්න වගේම, නැවේ ප්‍රධාන අවරපෙත්තේ හඳුනාගැනීමේ අංකය සොයාගන්නත් සමත්වුණා.

මේ දත්ත භාවිතා කරලා සුන්බුන් ටයිටැනික් නැවේ ත්‍රිමාණ ආකෘතිය නිර්මාණය කරපු කණ්ඩායමේ ප්‍රධානියා වන ගෙහාර්ඩ් සෙයිෆර්ට් කියන්නේ කවමදාකවත් කාටවත් දකින්න නොලැබුණු තරම් සජීවීමට ටයිටැනික් නැව දකින්න මේ අනුරුව හරහා අවස්ථාව ලැබෙනවා කියලා. ඒ නිසාම ටයිටැනික් නැව ගැන පර්යේෂණ අළුත් තැනකින් පටන්ගන්න ලැබෙනවා කියලත් ඔහු කියනවා.

ජනරඟ විජඉඳු දේවසුරේන්දු

ඡායාරූප – BBC

Related articles

අඳුරු යුගය ආලෝකමත් කරන්න ඉදිරිපත් වුණු මිනිසෙක් – රන්කරුවෙක්! වයින් යන්ත්‍රයකින් අකුරු මිරිකීම!

අදට අවුරුදු 600කට කලින්, ලෝකය මීට වඩා ගොඩක් වෙනස්. ඒ කාලේ පොතක් කියන්නේ සාමාන්‍ය මනුස්සයෙකුට හීනයක් විතරයි. එක...

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...