ධනුෂ්කට එරෙහි චෝදනා 3ක් ඉවතට

Share post:

ඔස්ට්‍රේලියානු කාන්තාවකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එල්ල වී තිබුණු චෝදනා 4 න් තුනක් ඉවත් කරගන්නා බව එරට රජයේ අධිචෝදකවරයා ඊයේ (18) සිඩ්නි නුවර ඩවුනින් සෙන්ටර් අධිකරණයට දැනුම් දුන්නේය.

ඒ අනුව එක් චෝදනාවකට අදාලව නඩු විභාගය පමණක් ඉදිරියට පවත්වාගෙන යනු ඇත.

පසුගිය විස්සයි – 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුරදී Tinder නම් Dating App මගින් හමු වූ කාන්තාවකට ඇගේ කැමැත්තෙන් තොරව ලිංගිකව එක්වීමේ චෝදනාව මත ධනුෂ්ක පසුගිය නොවැ. 6 සිඩ්නි පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබීය.

දින 11ක් සිරගතව සිටි ඔහුට (නොවැ. 17) ඩව්නිං සෙන්ටර් ප්‍රාදේශීය උසාවියේ පැවති නඩු විභාගයකින් පසු ඔස්ට්‍රේලියානු ඩොලර් 150,000 ක් සහ දැඩි ඇප කොන්දේසි මත ඇප නියම විනි.

ඔහුට දැඩි ඇප කොන්දේසි පැනවුණු අතර

  • සෑම දිනකම පොලිසියට වාර්තා කිරීම
  • සෑම දිනකම රාත්‍රී 9 සිට පසුදා උදෑසන 6 දක්වා සංචරණ සීමා පැනවීම
  • පැමිණිලිකාර පාර්ශවය සමග සබඳතා පැවැත්වීම තහනම් කෙරුණු අතර Tinder හා අනෙකුත් Dating App ඇප් භාවිතය තහනම් කෙරිණි.

කෙසේවෙතත් පසුගිය පෙබරවාරි (23) වැනිදා ධනුෂ්ක ගුණතිලක තම නීතිඥයින් මාර්ගයෙන් සිය ඇප කොන්දේසි වෙනස් කරන ලෙස ඉල්ලමින් මෝසමක් ඉදිරිපත්කර තිබුණු අතර එය සලකා බැලූ අධිකරණය ඔහුට whatspp භාවිතයට සහ රාත්‍රී කාලයේ නිවසින් බැහැරව යාමට අවසර ලබා දීමට තීරණය කළේය.

ධනුෂ්ක වෙනුවෙන් සොලිසිටර් ඇලන් සහිනොවික් පෙනී සිටි අතර, නඩු විභාගය ලබන ජූලි මස 13 වැනිදා දක්වා කල් තැබීමට අධිකරණය තීන්දු කර තිබේ.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...