ධනුෂ්කට එරෙහි චෝදනා 3ක් ඉවතට

Share post:

ඔස්ට්‍රේලියානු කාන්තාවකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එල්ල වී තිබුණු චෝදනා 4 න් තුනක් ඉවත් කරගන්නා බව එරට රජයේ අධිචෝදකවරයා ඊයේ (18) සිඩ්නි නුවර ඩවුනින් සෙන්ටර් අධිකරණයට දැනුම් දුන්නේය.

ඒ අනුව එක් චෝදනාවකට අදාලව නඩු විභාගය පමණක් ඉදිරියට පවත්වාගෙන යනු ඇත.

පසුගිය විස්සයි – 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුරදී Tinder නම් Dating App මගින් හමු වූ කාන්තාවකට ඇගේ කැමැත්තෙන් තොරව ලිංගිකව එක්වීමේ චෝදනාව මත ධනුෂ්ක පසුගිය නොවැ. 6 සිඩ්නි පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබීය.

දින 11ක් සිරගතව සිටි ඔහුට (නොවැ. 17) ඩව්නිං සෙන්ටර් ප්‍රාදේශීය උසාවියේ පැවති නඩු විභාගයකින් පසු ඔස්ට්‍රේලියානු ඩොලර් 150,000 ක් සහ දැඩි ඇප කොන්දේසි මත ඇප නියම විනි.

ඔහුට දැඩි ඇප කොන්දේසි පැනවුණු අතර

  • සෑම දිනකම පොලිසියට වාර්තා කිරීම
  • සෑම දිනකම රාත්‍රී 9 සිට පසුදා උදෑසන 6 දක්වා සංචරණ සීමා පැනවීම
  • පැමිණිලිකාර පාර්ශවය සමග සබඳතා පැවැත්වීම තහනම් කෙරුණු අතර Tinder හා අනෙකුත් Dating App ඇප් භාවිතය තහනම් කෙරිණි.

කෙසේවෙතත් පසුගිය පෙබරවාරි (23) වැනිදා ධනුෂ්ක ගුණතිලක තම නීතිඥයින් මාර්ගයෙන් සිය ඇප කොන්දේසි වෙනස් කරන ලෙස ඉල්ලමින් මෝසමක් ඉදිරිපත්කර තිබුණු අතර එය සලකා බැලූ අධිකරණය ඔහුට whatspp භාවිතයට සහ රාත්‍රී කාලයේ නිවසින් බැහැරව යාමට අවසර ලබා දීමට තීරණය කළේය.

ධනුෂ්ක වෙනුවෙන් සොලිසිටර් ඇලන් සහිනොවික් පෙනී සිටි අතර, නඩු විභාගය ලබන ජූලි මස 13 වැනිදා දක්වා කල් තැබීමට අධිකරණය තීන්දු කර තිබේ.

Related articles

අඳුරු යුගය ආලෝකමත් කරන්න ඉදිරිපත් වුණු මිනිසෙක් – රන්කරුවෙක්! වයින් යන්ත්‍රයකින් අකුරු මිරිකීම!

අදට අවුරුදු 600කට කලින්, ලෝකය මීට වඩා ගොඩක් වෙනස්. ඒ කාලේ පොතක් කියන්නේ සාමාන්‍ය මනුස්සයෙකුට හීනයක් විතරයි. එක...

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...