පුෂ්කර මි. තරණ සීගිරි බැලීමි. විස්මපත් වී හිඳිමි.

Share post:

තරණ සීගිරි ඔපෙරාව බැලුවා. මේ නිර්මාණය ගැලපෙන්නෙ අදට නෙමෙයි අනාගතයටයි. අපි දැන් ගත කරන්නේ මෙවැනි සම්භාව්‍ය කෘතියක් කොහොම වෙතත් ඉතාම සරල නාට්‍යයක්වත් වේදිකා ගත කරලා දුවවන්න බැරි කාල වකවානුවක. ඒ නිසා ඇත්තටම තරණ සීගිරි අද කාලෙට ගැලපෙනව ද කියල හිතෙනවා.
සාගර, අජිත් මල්ලි උඹලට පිස්සු!

එවැනි කාලෙක මෙවැනි හැකියාවන් රැසක් එක් තැන් කරපු විස්මකර්ම නිර්මාණයක් වේදිකාවට ගෙන ඒම ගැන සාගර ටත් අජිත් ටත් ස්තුතියි, තරණ සීගිරි ඔපෙරාවේ රඟ දැක්වෙන්නේ අපි දන්න සීගිරි කතාව ම නෙවයි. ඒත් ඒක අපූර්ව, අවංක නිර්මාණයක්. විශේෂයෙන්ම ඔපරාවක මූලික වෙන්නෙ වෙන්නේ සංගීතය සහ ගායනයයි. තරණ සීගිරි ඔපෙරාවේ ඒ දෙකම පවතින්නෙ ඉතාම ඉහළ තත්වයක. සංගීතය ඇතුළෙ අපට බටහිර සංගීතය වත් අපිට වඩා හුරු පුරුදු හුරුපුරුදු ඉන්දියානු සංගීතයවත් ඇහෙන්නේ නෑ හැම විටම මතු වී එන්නේ අලුත් අපූර්ව නාද මාලාවක්. ඉන්දියානු ජනප්‍රිය මහා සංගීතවේදී ඒ. ආර්. රහ්මන්ගේ සංගීත නිර්මාණ තුළ පවතින එක ලක්ෂණයක් තමයි කිසියම් සංගීත ඛණ්ඩයක් වාදනය වෙද්දී ඊළඟට ඒක ඇතුළේ සිද්ධවෙන පරිවර්තනය මොකද්ද කියා හිතන්නට අපහසු වීම. ඒ ලක්ෂණය සාගරගේ සංගීතය තුළත් අපට නිතරම දකින්න ලැබෙනවා. ඒක අපූරුයි. ඒත් ගායනාවල සමහර වචන පැහැදිලි නොවීම බටහිර ඔපෙරාවක පවා දක්නට ලැබෙන සහලක්ෂණයක් ද? ඒත් මානසවිල වැනි ඔපෙරාවක ඒ අපහසුතාව තිබුණේ නැති බව මතකයි.

විශේෂයෙන්ම රංගනයේදී සහ සුගායනයේදී සුබුද්ධි, මනීෂා, නිහාරි සහ කාශ්‍යප දියණියගේ චරිතය රඟන ශිල්පිණිය වැනි ශිල්පිනියන්ගේ විස්මිත හැකියාව පිළිබඳ ගෞරවය පූර්වයෙහි ඔවුන්ට දැනමුතුකම් දුන් ආචාර්ය කේමදාසයන් ඇතුළු අයටත් හිමියි. තරණ සීගිරි ඔපෙරාවේ ප්‍රවීණ නවීන සියලු දෙනාම දක්වන දායකත්වය අති විශිෂ්ටයි. ගායනය සහ සංගීතය එකට බැඳුණු හුයක් වගේ. ඇඳුුම් නිර්මාණ මෙන් ම ආලෝක රචනය සහ රංග භූමියේ රූප නිර්මාණය ඇහැට සුවදායකයි.
තරණ සීගිරි ඔපෙරාව, මට නම් මහ පුදුමයක්.
සාගර, සාගරේ තරමට ආදරෙයි.

පුෂ්කර වන්නිආරච්චි

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...