ලොව මෙතෙක් වාර්තා වූ ලාබාලතම මව, අද ලෝක මව් වරුන්ගේ දිනය

Share post:

අද ලෝක මව් වරුන්ගේ දිනයේ මේ සටහන ලොව මෙතෙක් වාර්තා වූ ලාබාලතම මව පිළිබඳවය.
මේ පළමු පින්තූරයේ දැක්වෙන කාන්තාව ගේ දැන් වයස අවුරුදු 89 ක් වෙනව.
1933 වසරෙ සැප්තැම්බර් මස 23 වෙනි දින පේරු රටේ උපන් ඇගේ නම ලීනා මාර්සෙලා මෙඩිනා.
වෛද්‍ය විද්‍යා ඉතිහාසයේ ඇගේ නම ලියැවී තිබෙන්නෙ ලොව මේ දක්වා වාර්තා වී තිබෙන ලාබාලතම මව ලෙසයි.
මේ 2023 වර්ෂයේ ලෝක මව්වරුන්ගේ දිනය යෙදී තිබෙන අද වාගෙ දිනයක, එනම් 1939 වසරෙ මැයි මාසෙ 14 වෙනි දිනයෙ ඇය සිසේරියන් සැත්කමක ආධාරයෙන් පිරිමි දරුවෙකු බිහි කරනව.

එදිනට ඇගේ වයස වූයේ අවුරුදු 5, මාස 7, දින 21 යි.
කිලෝ ග්‍රෑම් 2.7 ක් බරැති ඇගේ දරුවා පිරිමි දරුවෙකු වන අතර ඔහුට ජෙරාඩෝ යනුවෙන් නම් තබනව.

පසුව වයස අවුරුදු 40 ක් වන තෙක් ජීවත්වන ඔහු ඇට මිදුළු වල ඇතිවන රෝගයක් නිසා මරණයට පත් වන්නෙ 1979 වසරෙදි.
ලීනා මෙඩිනා උපත ලබන්නෙ දරුවන් නව දෙනෙක් සිටි පවුලක එක් දරුවෙක් ලෙසයි.
ඇගේ පියා, ටිබුරෙලෝ මෙඩිනා රිදී කාර්මිකයෙක්.
ඇගේ මව , වික්ටෝරියා ලොසියා.

ඇයව වයස අවුරුදු පහේදී දෙමාපියන් විසින් පේරු රටේ පිස්කෝ නගරයේ රෝහලක් වෙත රැගෙන යන්නෙ ඇගේ උදරයේ අසාමාන්‍ය ලෙස සිදුවෙමින් පැවති මහත්වීම නිසයි.
එවිට එහි වෛද්‍යවරුන් විසින් ලීනා මෙඩිනා සත් මස් ගැබිණියක බව අනාවරණය කර ගන්නව.
එයින් සති 6 කට පසු පේරු රටේ ජාතික මාතෘ රෝහලේදී ඇය වෛද්‍ය ජෙරාඩෝ ලොසාඩා සහ වෛද්‍ය බුසලියු විසින් සිදු කරන සිසේරියන් සැත්කමකින් පසුව ඇය තම දරුවා බිහි කරනව.
ඇගේ ප්‍රජනනේන්ද්‍රියයන් ඒ වන විටත් සම්පූර්ණයෙන් පරිණතව ඇති බව වෛද්‍යවරුන් විසින් අනාවරණය කර ගන්නව.
එපමණක් නොව ඇගේ මල්වරවීම වයස මාස 8 දී සිදුව ඇති බවත් , වයස අවුරුදු 3 හෝ දෙක හමාරේ පටන් ආර්තව චක්‍රය ක්‍රමවත්ව ක්‍රියාත්මකව පැවති බවත් සොයා ගන්නව.

පළමුව ඇගේ දරුවාට ඇයව හඳුන්වා දෙන්නෙ ඔහුගේ සහෝදරිය ලෙසයි.
එහෙත් ඔහුට වයස අවුරුදු 10 දී පමණ ඇය තම මව බව හඳුන්වා දෙනු ලබනව.
ලීනා මෙඩිනා තම දරුවාගේ පියා කවරෙකුදැයි කිසිම විටෙක අනාවරණය කර නැහැ.
ළමා ලිංගික අපයෝජනය පිළිබඳව ඇගේ පියා සැක පිට අත් අඩංගුවට ගනු ලැබුවද, ප්‍රමාණවත් සාක්ෂි නොමැති වීම හේතුවෙන් ඔහු පසුව නිදහස් කෙරෙනව.

ලීනා මෙඩිනා තම 37 වෙනි වියේදි, එනම් 1970 වසරෙ විවාහ දිවියට ඇතුළත් වෙනව.
රාවුල් ජුරාඩෝ නම් ඇගේ සැමියාට දාව ඇය තම දෙවෙනි දරුවා බිහි කරන්නෙ, 1972 වසරෙ. ඔහුත් පිරිමි දරුවෙක්.
ඇගේ තරුණ වියේදි ඇය පේරු රටේ අගනුවර වන ලීමා වල පිහිටි වෛද්‍ය ලොසාඩා ගේ සායනයේ ලේකම්වරියක ලෙස සේවය කරනව.
ඇගේ පළමු දරුවාට ජෙරාඩෝ යන නම තබන්නෙත් වෛද්‍ය ජෙරාඩෝ ලොසාටා විසින්මයි.

ප්‍රේමශාන්ත කුමාරසිරි

ලීනා මෙඩිනා දැරිය සහ ඇගේ බිළිඳු දරුවා.
ලීනා මෙඩිනා දැරිය හා හෙදියක විසින් වඩාගෙන සිටින ඇගේ දරුවා.

Related articles

” ‘කන්ද උඩ ගින්දර’ නවකතාව කියවාගෙන යද්දී ඉංග්‍රීසි සාහිත්‍යයේ ගොතික් සම්ප්‍රදාය මතක් වුණා”

නවකතාවන් අතර නිර්මාණයකට මෙහෙයවීම අසීරුම ලියවිල්ල ඓතිහාසික නවකතාව කියලා කීවෝත් ඔබ එකඟ වෙයි. ඓතිහාසික මූලාශ්‍ර මත පාඨක මනසෙහි...

“සෘතු සංහාරය” -(පරිවර්තනය) කරුණාරත්න අමරසිංහ

නූතන තාක්ෂණයේ වේගවත් දියුණවත් නවීන තාක්ෂණ මෙවලම් හඳුන්වාදෙනු ලැබීමේ වේගයත් හමුවේ අදවන විට මතුන ඇති අදහසක් වනුයේ සාහිත්‍ය...

ජාත්‍යන්තර සංචාරක නායකයන්ගේ සමුළුව ජනපතිගේ ප්‍රධානත්වයෙන් සාර්ථකව පැවැත්වේ !

එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානයේ (UNWTO) “සංචාරක කර්මාන්තය සහ තිරසාර පරිවර්තනය” යන තේමාව මුල් කර ගත් 2025 ලෝක...

තරිඳුගේ මූලික අයිතිවාසිකම් පෙත්සමේදී නීතිපති දෙපාර්තමේන්තුව වෙනස් පාරක යන හැඩක් !

මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර උද්ඝෝෂණයක් ආවරණය කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන පහරදීමේ සිදුවීම පිළිබඳ වූ මූලික අයිතිවාසිකම් නඩුව විභාගයට නොගෙන...