‘මනුෂ්‍යයන් පෘථිවියේ සමබරතාවයට බාධා කරන්නේ නම් ඔවුන්ටද අත්වන්නේ පිදුරු බල්ලන්ගේ ඉරණම’ – ජෝන් ග්‍රේ

Share post:

“පිදුරු බල්ලෝ”- ජෝන් ග්‍රේ
පරිවර්තනය‍: ලියනගේ අමරකීර්ති

අප ජීවත්වන ලෝකය කෙසේ වෙනස් විය යුතුද යන්න පිලිබදව වාමාංශික, ජාතිකවාදී, නව ලිබරල්වාදී යනාදී වශයෙන් වන විවීධ දේශපාලන ධාරාවන්ට විවිධ අදහස් තිබේ. වඩාත් සංකීර්ණ සමාජවල මීටත් වඩා චින්තන ධාරාවන් එකිනෙක හා සටන්කරමින් පවතියි. එහෙත් මෙම බොහෝ අදහස් පද්ධති තුල පරිසරය නම් සාධකය සැලකිල්ලට ගැනෙන්නේ මද වශයෙනි. එය සාකච්ඡාවට ගැනෙන්නේද පාරිසරික අර්බුද සහ බලශක්තියේ හිගබව වැනි ගැටළුවලට අදාල කරගනිමින් පමණකි. එහිදී ලෝකය ජය ගැනීමට නියමිත මිනිසා ඉදිරියේ පවතින නවතම අභියෝග වශයෙන් මේවා සාකච්ඡාවට ගැනෙයි.

යුරෝපීය චින්තනය පිලිබද මහාචාර්යවරයෙකු වන ජෝන් ග්‍රේ මෙම පොත තුල ඉදිරිපත් කරන්නේ මානව කේන්ද්‍රිය චින්තනය කෙරෙහි වන ප්‍රබල විවේචනයකි. ප්ලේටෝගේ සිට ප්‍රබුද්ධත්ව චින්තකයන් හරහා පශ්චාත්නූතනවාදය දක්වා වන චින්තන පද්ධතියත්, කිතු දහමේ සිට විද්‍යා-තාක්ෂණ කතිකාව හරහා ඇදී එන මිනිසාගේ විමුක්තිය පිලිබද අදහසත් චිචාරයට ලක්කරන කතුවරයා ඒවායේ ඇති මානව කේන්ද්‍රියත්වය සාකච්ඡාවට ලක්කරයි. අනෙක් අතින් ඒක පුද්ගල ආත්මීයබව මායාවක් ලෙස වටහා ගන්නා බුදු දහම සහ වේදාන්ත දර්ශනයද විමසා බලන ඔහු පෙන්වා දෙන්නේ එතෙකුදු වුවත් මිනිසා සෙසු සත්වයන්ට වඩා වෙනස් වෙතැයි සලකන්නේ නම් මිස එවන් මායාවකින් ගැලවීම කල හැක්කක්ද නොවන බවයි.

පක්ෂ විපක්ෂ ප්‍රතිචාර රැසකට තුඩුදී ඇති ආන්දෝලනාත්මක කෘතියක් වන මෙම කෘතිය තුල කතුවරයාගේ ප්‍රධාන තර්කය වන්නේ මිනිස් වර්ගයා එකිනෙකා මෙන්ම අවට ලෝකයද වනසා දැමීමට මූලික හේතුව වන්නේ මානව කේන්ද්‍රීය චින්තනය බවයි. ඒ වෙනුවට ඔහු මිනිසාගේ භූමිකාව සමාන කරන්නේ පුරාණ චීන පුද පූජා තුල යොදාගැනුණු පිදුරුවලින් තනන ලද බල්ලන්ටය. පූජාව තුලදී ඉහලම ගෞරවයෙන් යුක්තව සැලකුණු පිදුරු බල්ලන් එයින් අනතුරුව පයින් පාගා පසෙකට විසි කෙරිණි. මනුෂ්‍යයන් පෘථිවියේ සමබරතාවයට බාධා කරන්නේ නම් ඔවුන්ටද අත්වන්නේ පිදුරු බල්ලන්ගේ ඉරණම බව ග්‍රේ පෙන්වාදෙයි.
විද්‍යාව, ප්‍රගතිය, දර්ශනවාදය ගැන උනන්දුව සැමදෙනෙකුටම වැදගත් විය හැකි “පිදුරු බල්ලෝ”, විදර්ශන ප්‍රකාශයනයකි.

නිශාන්ත කුලරත්න

Related articles

කටුවන වෙඩි තියාගත්තෙ ජවිපෙ කණ්ඩායම් දෙකක් – පැය 02කින් මාධ්‍යයට කී හුළුගල්ලෙලා නිදහස්, අමරෙට විතරක් මරණ දඬුවම !

ජී.ජී. අමරසිරි හෙවත් ජූලම්පිටියෙ අමරේ 2012 වසරේදී කළ වෙඩිතැබීමත් සමග එවකට පැවැති ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ...

ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ දස වන අදියර කොළඹදී සාර්ථකව අවසන් වෙයි !

ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ (ITRC) දස වන අදියර ඔක්තෝබර් 1  බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අති සාර්ථක අන්දමින්...

මෛත්‍රීට ඉන්දියන් ඔත්තු සේවය වගේ කතාකරලා පාස්කු ගැන කිව්වෙ සජින් වාස්ද? – සීඅයිඩීයෙන් ප්‍රශ්න කරයි !

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළව සිදුවන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සජින් වාස් ගුණවර්ධන මහතා...

සමස්ත ලංකා පාසල් සංචාරක සංසද අවසන් මහා තරගාවලිය සාර්ථකව අවසන් වේ !

පළාත් මට්ටමින් ආරම්භ වූ සමස්ත ලංකා පාසල් සංචාරක සංසද තරගාවලියේ අවසන් මහා තරගය බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටල් පරිශ්‍රයේදී...