“කිළි වැදුනු පඬුරක් “

Share post:

කම්හලේ මහ මැසිමෙ
ලීවරයෙ අත නොගැටි
යන්තරේ කරකවන
දැති රෝදයකිය නුඹ.

වැඩබිමේ පලංචියෙ
උඩ-පහල යනු නොහැකි
පලංචියෙ මල්ලිළගෙ
අත රැදුනු වැලිතැටිය.

ලිප් බොක්කෙ පැහි පැහී
ගිණි අගුරු මත ඉදෙන
නුඹ මුට්ටියකිය දැලි
සුදු කැකුළු බත් පිසින.

ගොවිබිමේ ලහි ලහියෙ
ඩා බිoදු වැගුරුවට
ඉඩම් හිමියට නුඹව
පිච්චියයි ලංසුවට.

විශ්වයේ සුන්දරම
ඉසව් පින්තාරු කල
උන් සිත්තරුන් මහඟු
පමණි නුඹ කැන්වසය.

නේක තුරු-මල් පිරුනු
උයන්-වතු අස්වදින
උයන්පල්ලන්‍ට නුඹ
ඵලයක්ය රසවිඳින.

ධාතු කරඬුව රැගෙන
නිළමෙලා ඇතුන් පිට
පානගන පෙරහැරේ
පාවාඩයක්ය නුඹ.

දස මසක් කුස දරා
දරු -පැටව් වැදුවාට
උප්පැන්න සහතිකේ
පැටව් හිමි අප්පාට.

නීතියේ දෙවඟනගෙ
ඇස් බැන්දෙ බලවත්තු
තරාදිය බරින් වැඩි
උන්ට බව නොපෙනෙන්ට.

පත්තිරිප්පුවට නැගි
තෙද බළැති රජ-මැතිද
ඔසවයිද ඉතින් නුඹ
පහත මාළෙන් උඩට ?

-ඉ ස කී.

Enokaa Sathyangani Keerthinanda

සිතුවම (Louise Bourgeois, Femme Maison, 1946-1947)

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...