ඔයාලට හිතෙන්නේ නැද්ද අපි ඉන්නේ මාරම මාරාන්තික වෙලාවක කියල?

Share post:

ලංකාව තියෙන්නේ ගිණිගොඩක් උඩ. හැම පැත්තෙන්ම ගිණි ගන්නවා. කන්න බොන්න නැතුව, බේත් ටික නැතුව, බදු බරින් මිරිකිලා, අනාගතයක් නැතුව, රටේ ධනය හිඳිලා, කිසිම බලාපොරොත්තුවක් නැති මොහොතකට අපි ඇවිල්ල ඉන්නවා. ඒ අස්සේ සියල්ල අවදානමට දාල රටින් යන එවුන් අප්‍රමාණයි. තමන්ගේ විරෝධය හරි ප්‍රකාශ කරගන්න චන්දයක් දෙන්න නැතුව දේශපාලන පීඩනය අහස උසට. ඒ නිසා හැම තැනකම ගින්දර.

ඒ අස්සේ මොන ජනතා විරෝධය තිබ්බත් නිදහස් ආතල් එක ගත්ත. දැන් ජනරජ පෙරහැර ආතල් එක ගන්නවා. මිනිස්සු පෙරහැරක් පැත්ත බලන්නේ නැති වුණත් නිකම් මෝඩ ආතල් එකක් රටේ පාලකයා ගන්නවා.
ඒක කරන්නෙත් නිකම් නෙවෙයි. පරාණ බය නිසා දහස් ගණන් පොලිස් හමුදා ආරක්ෂාව දාගෙන. මේක රෝග ලක්ෂණයක් නෙවෙයි ද?

මොකක්ද මේකෙන් කියවෙන්නේ? ඓතිහාසික උදාහරණයක් ගත්තොත් මේකට තියෙන්නේ ‘රෝමය ගිණි ගනිද්දී නීරෝ වීණා වාදනය කළා’ කියන එක (Niro fiddled while Rome burned). බර්නි සැන්ඩර්ස් කියන විදියට කිව්වොත් ‘ඇමෙරිකාව ගිණිගනිද්දී ට්‍රම්ප් ගොල්ෆ් ගැහුවා’ (Trump golfed while America burned).
ලංකාවේ නම් කියන්න වෙන්නේ ‘ලංකාව බංකොලොත් වෙද්දී රනිල් ජනරජ පෙරහැර ගියා වගේ’ කියල (Ranil paraded while Sri Lanka bankrupted).
නීරෝ බොහෝ විට එහෙම කළේ ආතතියෙන් බේරන්න වෙන්න ඇති කියල සමහර විචාරකයෝ කියනවා. ට්‍රම්ප් නම් හුදෙක්ම නොසැලකිල්ලෙන්. හැබැයි මෙයා නම් කරන්නේ නරුමත්වයෙන්.

එයා දන්නවා මේක ගිලෙනවා කියල. තමනුත් ඒ ගිළෙන නැව එක්ක ගිලෙනවා කියල. එයා නීරෝටත් වඩා නීරෝ කෙනෙක් වෙන්න අධිෂ්ටාන කරගෙන ඉන්නවා.

අවම වශයෙන් තියන සල්ලි ටිකෙන් වත් ප්‍රයෝජනවත් දෙයක්, මිනිස්සු වෙනුවෙන් දෙයක් කරන්න ඕනි කියල හිතන එක ප්‍රතික්ෂේප කරනවා. නැත්නම් දන්නවා වුණත් නොදන්නවා වගේ ඉන්නවා (disavowal). මේක තමයි මේ මිනිස්සුන්ගේ නග්න නරුමත්වය (cynicism).

අන්තිම පැයේ කොහොමත් මිනිස්සුන්ගේ සිහිය විකල් වෙනවා. ඒක තේරුම් ගන්න පුළුවන්. හැබැයි මෙහෙම මරුවිකල්ලෙන්…?.

මහේෂ් හපුගොඩ

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...