චීන ගනුදෙනුව නිසා යන්න බෑ කී බැසිල් ව අයින් කරන්න ගෝඨාභය මහින්දව පාවිච්චි කළා – Sunday Times

Share post:

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් කැබිනට් මණ්ඩලය අක්‍රීය තත්ත්වයට පත්කිරීම නිසා එවකට මුදල් ඇමති බැසිල් රාජපක්ෂ චීනය සමග සිදුකිරීමට ගිය දැවැන්ත ගනුදෙනුවක් වැළකී ගිය බව Sunday Times පුවත්පත සිය දේශපාලන විග්‍රහය මගින් අනාවරණය කරයි.

මෙම ගනුදෙනුව සාර්ථක වීමට ආසන්න තත්ත්වයේ තිබියදී ගෝඨාභය රාජපක්ෂ විසින් බැසිල් රාජපක්ෂට මුදල් ඇමති ධුරයෙන් ඉවත්වීමට දැනුම් දුන් බව ද එහි සඳහන් ය. එහෙත් බැසිල් රාජපක්ෂ එය ප්‍රතික්ෂේප කර තිබේ. එම නිසා ගෝඨාභය රාජපක්ෂ එවකට අගමැති මහින්ද රාජපක්ෂ සමග සාකච්ඡා කොට ඔහු ඉවත් වීමට එකඟ කරගෙන ඇත.

අගමැතිවරයා ඉවත්වීමෙන් පසු කැබිනට් මණ්ඩලය ස්වයංක්‍රීයව විසිරී යන නිසා බැසිල් රාජපක්ෂට මුදල් ඇමති ධුරය ද අහිමි වූ බව එහි වැඩිදුරටත් සඳහන් ය.

දේශපාලන විශ්ලේෂකයන් විසින් පසුගිය වසරේ මුල් කාර්තුවේදී අවධාරණය කළේ ලංකාව බරපතළ ලෙස භූදේශපාලනික අරගලයකට හිරවීමට නියමිත බවයි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඇමෙරිකාව සමග සමීප සම්බන්ධතාවක් පැවැත්වීමත්, අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ බහුතරය චීනය සමග සමීප සම්බන්ධතාවක් පැවැත්වීමත් ඊට හේතු වනු ඇතැයි ද සඳහන් කෙරිණි.  

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...