පුළුවන් බස්සෙකුට වුණත්, අපි ඔක්කොම නින්දෙන් ඇහැරන්න !

Share post:

විලිසංගෙ නැති අහස
තාමත් හොයනවා නොවැ
අමාවක ඇතුලෙත් පුරා හඳ

අහුමුළු වල පවා නටන
ඉලංදාරී තාරකා
හිනැහෙන්ට ඇයි මේ තරම් බය
කළු පාට අහසක

ඇයි සුළඟට බැරි
ඉරා දමන්ට කළු අඳුරු වළාකුලු
පෙති කැඩුණු මලක වුණත්
සුවඳ විසුරන්ට කෙළවරට අනන්තය

බට්ටිච්චන්ට පුළුවන් වෙයිද
රාජාලියකුගෙ ඔළුව කඩන්ට
හොට වකුටුවෙච්ච නියපොතු උල්වෙච්ච

රැහැයියෙකුට පුලුවනිනම්
බියකරු රාත්‍රියම හොල්ලන්න
පුලුවන් බස්සෙකුට වුණත්
අපි ඔක්කොම නින්දෙන් ඇහැරන්න

ඒක දූපතක් උන්මාද වෙච්ච
ගිනිමැලයක් නිවෙන දවසක් නැතුව
තැනින් තැන බත්කූරෝ රංචු
ආදරේ හීතල වැහි ඉහින

සෝමලතා හේරත් මැණිකේ

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...