චීනයේ ජනගහනය පහතට : තත්ත්වය පාලනයට අලුත් ප්‍රතිපත්ති!

Share post:

බිලියන 1.4ක ජනගහනයක් වාසය කරන චීනයේ ජන අනුපාතය වසර 60කට පසුව පහත වැටී තිබේ.

ඒ අනුව චීනයේ උපත් අනුපාතය පුද්ගලයන් 1,000කට උපත් 6.7ක් දක්වා අඩුවී ඇති බව සංඛ්‍යාලේඛන වාර්තා කරයි.

කාලයක් තිස්සේ චීන රජය විසින් ඉතා දැඩි ලෙස ක්‍රියාත්මක කරන ජනගහන පාලන නීති රීති හේතුවෙන් පසුගිය කාලය පුරාවටම චීනයේ උපත් ප්‍රමාණයේ පැහැදිලි අඩුවක් දක්නට ලැබිණි.

විශේෂයෙන් ‘එක් පවුලකට එක් දරුවෙක්’ වැනි ප්‍රතිපත්ති මත පැනවූ නීති මෙලෙස ජනගහනය පහත වැටීමට හේතුවක්ව ඇති බව නොරහසකි.

එසේම කොරෝනා වසංගතය නිසා සිදුවූ මරණ ප්‍රමාණයද මෙසේ ජනගහනය අඩුවීමට බලපා ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් වසර 60කට පසුව මෙලෙස ජනගහනය අඩුවීම චීන රජය සසල කිරීමට හේතුවක්ව තිබේ.

එසේම මේ වසරේදී බොහෝවිට ඉන්දියාවේ ජනගහනය චීනය ඉක්මවා යාමට ඉඩ ඇති බවද සැලවේ.

මේ පිළිබඳව අවධානය යොමුකල චීන බලධාරීන් මේ වනවිට ජනගහනය පහත වැටීම පාලනයට අවශ්‍ය ප්‍රතිපත්තිමය තීරණ ගැනීමට කටයුතු කරමින් සිටී.

එහි ප්‍රතිඵලයක් ලෙස චීනයේ සිචුවාන් ප්‍රාන්තයේ සෞඛ්‍ය බලධාරීන් දරුවන් ලැබීමට කැමැති අවිවාහක පුද්ගලයින්ට ඊට අවස්ථාව ලබා දීමට තීරණය කර තිබේ.

එමෙන්ම විවාහක යුගල සඳහා රජයෙන් ලබාදෙන සහන , ප්‍රතිලාභ එවැනි අවිවාහක යුගල සඳහාද භුක්ති විඳීමට ඉඩ ලැබෙනු ඇත.
චීනය තුළ විවාහක කාන්තාවන්ට පමණක් දරු ප්‍රසූතියට නීත්‍යානුකූලව අවසරය ලැබුණද මෑත වසරවලදී විවාහ සහ උපත් අනුපාතිකය වාර්තාගත ලෙස පහත වැටීමත් සමඟ එය ඉහළ නැංවීමේ නවතම ප්‍රයත්නයක් ලෙස මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව පෙබරවාරි 15 සිට, විවාහක ජෝඩු සහ දරුවන් අවශ්‍ය ඕනෑම පුද්ගලයෙකුට චීනයේ තුන්වැනි වැඩිම ජනගහනය සහිත පළාත වන සිචුවාන් හිදී ලියාපදිංචි වීමට අවසර දෙනු ලැබේ.

මේ වනතෙක් ලියාපදිංචි වීමට අවසර දී තිබුණේ දරුවන් දෙදෙනෙකු දක්වා උප්පත්තිය ලබා දීමට පමණි.

එහෙත් නවතම තත්වය සැලකිල්ලට ගෙන ලියාපදිංචි විය හැකි දරුවන් සංඛ්‍යාවේ සීමාවක් නොමැති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

සබැඳි පුවත්

ජපානය වයසට යයි – උපත් වැඩිකරන්නට මිලියන ගණන් තෑගි!

Related articles

“පොප් තාරකාවක අපරිමිත හද ගැස්ම” – “Michael”

ජැක්සන් මැරෙන්නේ මීට අවුරුදු 17කට කලින්. හරියටම 2009 වසරේ ජූනි 25. ජැක්සන් මැරෙද්දි එයාට අවුරුදු 50යි. අද හිටියා...

පාස්කු ප්‍රහාරයෙන් පසු කවුරුත් නොකරන දෙයක් මෛත්‍රී කළා – ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු වෙනත් කිසිදු රටක රාජ්‍ය නායකයකු සිදුනොකරන ප්‍රකාශයක් එවකට ජනාධිපති ධුරය දැරූ මෛත්‍රිපාල සිරිසේන...

සුන්දරම්පුරම් ජනෙල් පියන්පත්: වාර්ගික සංහිඳියාව බිඳවැටීමේ සහකම්පනය

මහාචාර්ය සරත් චන්ද්‍රජීව විසින් සංස්කරණය ලද – යාපනයේ අවතැන් වූ නිවාස, දොර ජනෙල්වල පින්තූර සමග සිංහල, දෙමළ, ඉංග්‍රීසි...

සලේ JMO හමුවට – පාස්කු නඩුවේ තීරණාත්මක සාක්ෂිකරුවන්ට බලපෑම් !

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා හමුවට ඉදිරිපත් කර තිබේ. පාස්කු ඉරිදා...