පාදෙනියගේ වුවමනාවට පවිත්‍රා ගත් තීන්දුව නීතිවිරෝධියි : අභියාචනාධිකරණයෙන් වෛද්‍ය සභාව ගැන තීරණාත්මක තීන්දුවක් !

Share post:

සෞඛ්‍ය ඇමති ධුරය දරන කාලයේ පවිත්‍රා වන්නිආරච්චි විසින් එවකට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙනියගේ අවශ්‍යතාව මත ගත් තීරණයක් නීතිවිරෝධී බව අද (26) අභියාචනාධිකරණය තීන්දු කළේය.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ එවකට සභාපති ධුරය දැරූ මහාචාර්ය හරේන්ද්‍ර ද සිල්වා ඇතුළු 05දෙනෙකු 2020 නොවැම්බර් මාසයේදී ඇමතිවරිය විසින් මෙසේ ඉවත් කර තිබිණි. මේ සම්බන්ධයෙන් අභියාචනාධිකරණයට ඉදිරිපත් වූ CA/WRT/422/2020 සහ CA/WRT/44/2020 අංක දරන පෙත්සම් විභාග කළ ටී. මොහොමඩ් ලෆාර් සහ එස්.යූ.බී. කරල්ලියද්ද යන විනිසුරුවරුන් මෙම තීරණය ප්‍රකාශයට පත්කරන ලදි.

මහාචාර්ය ඩි.ජී. හරේන්ද්‍ර ද සිල්වා සමග මහාචාර්ය නාරද දීඝගාමිණී වර්ණසූරිය, වෛද්‍ය ඩබ්ලිව්.එම්. සුනිල් රත්නප්‍රිය, වෛද්‍ය යූ.එම්. ගුණසේකර, වෛද්‍ය පුෂ්පිත දර්ශන සුනිල් උභයසිරි යන එවකට වෛද්‍ය සභාවේ සාමාජිකයන් මෙම පෙත්සම් ගොනුකර තිබිණි.

මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබුණේ එවකට සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චි, අදාළ සාමාජිකයන් ඉවත් කිරීම සඳහා පත්කරන ලද සභාපති වෛද්‍ය හේමන්ත පෙරේරා ඇතුළු සාමාජිකයන්, ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සහ එහි රෙජිස්ට්‍රාර් ඇතුළු 13 දෙනෙකි.

තහවුරු නොකරන ලද චෝදනා මත පවිත්‍රා වන්නිආරච්චි විසින් මහාචාර්ය හර්න්ද්‍ර ද සිල්වා ඇතුළු පිරිස ඉවත් කරන ලද අතර, ඒ වෙනුවෙන් පත්කරන ලද කමිටුවේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වර්තමාන සභාපති වෛද්‍ය දර්ශන සිරිසේන ද විය. එවකට චෝදනා එල්ල වූයේ මෙම පත්කිරීම් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට අවශ්‍ය පරිදි සිදු වූ බවටයි. හරේන්ද්‍ර සිල්වා ඇතුළු පිරිස වෛද්‍ය සභාව තුළ තීරණාත්මක වෙනස්කම් කිහිපයක් සිදුකිරීමට උත්සාහ කිරීම ඊට හේතුව විය. වෛද්‍ය සභාවේ ක්‍රියාකාරිත්වය වෙනස් කිරීම, විදේශීය විශ්වවිද්‍යාල වෛද්‍ය උපාධි සම්බන්ධයෙන් තීරණ, වෛද්‍ය සභාවට වෛද්‍යවරුන් නොවන වෘත්තිකයන් පත්කිරීම ඔවුන් විසින් සිදුකිරීමට උත්සාහ කළ එවැනි වෙනස්කම් කිහිපයකි.

නීත්‍යනුකූල ලෙස පත්වූ සාමාජිකයන් ඉවත් කිරීමට හේතුව ලෙස අවසානයේදී දක්වන ලද්දේ හිටපු සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න විසින් පත්කිරීම ය.

කෙසේ වෙතත් වෛද්‍ය සභා ව්‍යවස්ථාවට අනුව සෞඛ්‍ය ඇමතිවරයාට මෙම පත්කිරීම කළ හැකි වුවද, ඉවත් කිරීමේ බලයක් නැත. ඊට හේතුව සභාව ස්වාධීන තීරණ ගැනීමේ අවශ්‍යතාව බව වෛද්‍ය සභාවේ හිටපු සභාපතිවරයෙක් thetime.lk වෙත පැවසීය. ඉල්ලා අස්වීම, වාර 03කට වඩා නොදන්වා නොපැමිණීම ඇතුළු එම සාමාජිකත්වය පුරප්පාඩු වන අවස්ථා ව්‍යවස්ථාවේ දක්වා ඇතැයි ද ඔහු පෙන්වා දුන්නේය.

Related articles

ගල් අඟුරු ටෙන්ඩරයේදී ස්වභාවික යුක්ති මූලධර්ම උල්ලංඝනය කරලා – නලින්ද පාර්ලිමේන්තුවේ කියපු 2016 නඩු තීන්දුව මෙන්න !

අධිකරණයේ හෘදය සාක්ෂිය කම්පනයට පත්කරන මට්ටමේ ගනුදෙනුවක් ගල් අඟුරු සම්බන්ධයෙන් සිදු වී ඇති බව 2016 වසරේදී ශ්‍රේෂ්ඨාධිකරණය අවධාරණය...

ගල් අඟුරු වංචාවලට පූර්ණ බලැති පරීක්ෂණ කමිටුවක් : නඩු දාන්නත් සූදානම් : අපි ලෑස්තියි සියල්ල අනාවරණය කරන්න – ඇමැති නලින්ද ජයතිස්ස

මෙතෙක් කාලයක් ගල් අගුරු ගෙන ආ සියලු නැව් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පුර්ණ බලැති පරීක්ෂණ කමිටුවක් පත් කරන බව...

ජෙයරාජ් ඝාතනයට සැක පිට අත්අඩංගුවේ සිටි පොලිස් අධිකාරි වහාම සේවයේ පිහිටුවන්න : පරිපාලන අභියාචනා විනිශ්චය අධිකාරියෙන් නියෝගයක්

හිටපු ඇමැති ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඝාතනයට ආධාර අනුබල දුන් බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගෙන සිටි, පසුව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිදොස් කොට...

මේ තමයි ට්‍රම්ප්ට හෝ ඔහුගේ කඳවුරට කිසිදාක අවබෝධ කරගත නොහැකි ශිෂ්ටත්වය, ශිෂ්ටාචාරය සහ අභිමානය

එක පැත්තකින් බල ලෝභයෙන් සහ තමන්ගෙ උද්දච්චකමෙන් රෝගී වුණ සුදු පිරිමියෙක්, ශිෂ්ටාචාරයක් විනාශ කරන බව කියමින් උදම් අනනවා.අනිත්...