රජයේ මුදල් සාපරාධී පරිහරණය කිරීමේ චෝදනාව : ගොඩහේවා ඇතුළු තිදෙනෙක් නිදොස් කොට නිදහස්

Share post:

ශ්‍රී ලංකා විනිමය හා සුරැකුම් කොමිසමේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී “තාරුණ්‍යට හෙටක්” සංවිධානය සඳහා එම කොමිසමේ අරමුදල් වලින් රුපියල් ලක්ෂ 50ක් ලබාදීම තුළින් රජයේ මුදල් සාපරාධී පරිහරණය කළා යැයි චෝදනා එල්ල වී සිටී පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකු නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබේ.

කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා විසින් එම තීන්දුව ලබා දී ඇත.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව මහාධිකරණ විනිසුරුවරයා එම තීන්දුව ප්‍රකාශයට පත් කර තිබේ.

පැමිණිල්ල විසින් විත්තිකරුවන්ට එරෙහි චෝදනා ඔප්පු කිරීම ඉදිරිපත් කළ සාක්ෂි ප්‍රමාණවත් නොමැති බව සඳහන් කරමින් විනිසුරුවරයා අදාල තීන්දුව ප්‍රකාශයට පත් කර ඇත.

විනිමය හා සුරැකම්පත් කොමිසමේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධම්මික පෙරේරා සහ තාරුණ්‍යට හෙටක් සංවිධානයේ රොනී ඊබ්‍රහිම් යන අය නිදහස් කරන ලද සෙසු විත්තිකරුවන් වෙති.

ඉකුත් යහපාලන රජය සමයේ නීතිපතිවරයා විසින් අදාළ නඩුව ගොනු කරනු ලැබ තිබිණි.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...