ලීසා, අපි ඉන්නේ දරුවෝ මැරුණු රටක නෙවෙයි. මරපු රටක

Share post:

එල්විස් ප්‍රෙස්ලිගේ දියණිය වෙලා ඉපදිලා, මයිකල් ජැක්සන් කසාද බැඳලා, පස්සේ නිකොලස් කේජ් බැඳලා, ආයේ ආයෙත් විවාහ වෙලා, බැරිනම් අයින් වෙලා, ලෝකේ සියළු මාධ්‍ය ආවරණය ලබල, දරුවෝ ලැබිල, තමන්ගේ කියල සිංදුත් කියල, ලෝක සංගීත නාමාවලිවල අංක එක දෙක වගේ තැන්වලටත් ගිහිල්ල, නාන්න තරමට සල්ලිත් ලැබිල එවන් සංකේත ලෝකෙක මැරෙන්න නම් ඉතින් මාර වාසනාවක් තියෙන්න ඕනි.

හැබැයි මේ ඔක්කොම ලැබිල ලීසා මාරි ප්‍රෙස්ලි මැරිලා තියෙන්නේ තමන්ගේ මියගිය පුතෙක් ගැන වේදනාව දරාගන්න බැරුව.

ඇය අන්තිමට දකුණු කකුලේ පච්චයක් ගහනවා ඒ මියගිය පුතා වෙනුවෙන්. සැප්තැම්බර් මාසේ ජාතික ශෝක දිනයක එයා මෙහෙම ලියනවා.

”බෙන්ජමින්, ඔයාගේ මරණය විසින් මගෙත් ඔයාගේ සහෝදරියෝ තුන්දෙනාගෙත් ජීවිත පුපුරවා හැරිය. අපි ඒ වේදනාව හැමදාම හැම දවසකම අපේ ජීවිත එක්ක ඉස්සරහට අරන් යනවා. අපි ජීවත් වෙන සංස්කෘතියෙන් අපිට හැමදාම මතක්කළා ඔය වේදනාව අමතක කරලා ඉස්සරහට යන්න කියල. වේදනාව අතික්‍රමණය කරන්න කියල. මම ස්ථිරව කියන්නම් එකක්. කාලයත් එක්ක ඒ වේදනාව අමතක වෙන්නේ නැහැ. වැඩි වැඩියෙන් දැනෙනවා මිසක්”.

ලීසාට බැරි වෙනවා මේ ක්ෂිතියෙන් ගොඩ එන්න. අපි ජීවත් වෙන්නේ දරුවෝ මැරුණ රටක නෙවෙයි. මරපු රටක.
ශෝකය අතික්‍රමණය කරන්න බැරිකමට ෆ්‍රොයිඩ් කිව්වේ මෙලන්කොලියාව කියල. ශෝකය අමතක නොකර මෙලන්කොලියාවෙන් ම මියයන එක රැඩිකල් ක්‍රියාවක් කියල කියනවා ජිජැක්.
මනුෂ්‍ය පැවැත්මේ පාදම දුක්ඛ සත්‍ය උඩ ගොඩනැගිලා තියනවා කියල බුදුන්, ෆ්‍රොයිඩ්, ලකාන් යන හැම කෙනෙක්ම පිලිගන්නවා.

ලීසා ඒක ඔප්පු කරලා තියනවා එයාගේ සංස්කෘතික නිර්මිතය ඇතුලේ.
මරණයෙන්වත් නිවෙන්න!

මහේෂ් හපුගොඩ

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...