ශ්‍රී ලාංකේය නාට්‍ය වංශයම අතැඹුලක් කර එකම වේදිකාවකට ගෙනා යුග තුනක තුන්දෙනෙක්

Share post:

‘නන්නානේ නා’
පහුගිය දවසක BMICH එක ඇතුළෙ කොළඹ කමතෙ තිබුණ නියම වැඩක්. ඉහළින් දාල තියෙන්නෙ ඒකට දාල තිබුණු නම.
,එදා නන්නානෙ නා ශ්‍රී ලාංකේය නාට්‍ය වංශයම අතැඹුලක් කරලා අපේ පාමුලටම අරන් ඇවිත් අතහැරියා කියල කිව්වනං හරි.

එක එක විදිහෙ වර්ගීකරණයන්ගෙන් බෞතීස්ම වෙලා තියෙන අපේ රටේ නාට්‍ය කලාව උපන්දා ඉඳන් අද වෙනකම්ම එක එක තැන්වල හැප්පිලා, කැලැත්තිලා, කරනම් ගහලා අද මේ තියෙන තත්වෙට ගොඩනැගිච්ච හැටි රංගන සහ ගායන වින්‍යාසයන් සහිතව ඉදිරිපත් කෙරුණු හැටි වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සිත්ගන්නාසුළුයි.

මෙතන තිබුණු සුවිශේෂත්වය තමයි යුග තුනක තුන්දෙනෙක් එකම වේදිකාවකට ඇවිත් මේක ජනගත කිරීම.
එක නං ආශ්චර්යමත් වින්දන ප්‍රවේශයක්. නුර්ති සහ නාඩගම් ගායනයේ ප්‍රවීණයෙක් වන
රොඩ්නි වර්ණකුලටත්, ස්වභාවික සහ ශෛලිගත සම්ප්‍රදායන්ගේ රංග විධීන් ක්‍රමිකව හදාරමින් අද බහුතර නාට්‍ය සංඛ්‍යාවකට තමන්ගේ දායකත්වය ලබාදෙන ඉෂාර ප්‍රමුදිත වික්‍රමසිංහටත්, නූතන ප්‍රාසාංගික වේදිකාවේ තම ගායන ශක්‍යතාවය රිදී ඉරක් වගේ ඔප්නංවන හේෂානි එරන්දිටත් අපේ ආචාරය හිමිවිය යුතුමයි.

ඒ වගේමයි ඒ මොහොතෙ එයාලට මනා අනුප්‍රාණයක් සහ සහයෝගයක් සපයපු වාද්‍ය වෘන්දයත් ප්‍රේක්ෂක ගොන්න අතරෙ ගෞරවාන්විත වුණා. අන්තිමට කියන්න තියෙන්නෙ මේ වගේ දෘශ්‍ය සහ කර්ණ රසායන වැඩසටහන් නාට්‍ය හා රංග කලාව
වගේ විෂයයක් මුල ඉඳන්ම හදාරන ඈත ඈත ගම් දනව්වල දරුවන්ට අත්විඳින්න ලැබෙනව නං ඒක මොන තරම් වටිනාකමක්ද? මට හිතෙන විදිහට මේක අධ්‍යාපන අමාත්‍යංශයේ අනුග්‍රහයෙන් රට පුරා පාසැල්වල කරන්න ඕනෑ වැඩක්.

එදා විලක්කු එළිවලින් වටවුණු රෙඩිමේඩ් කමත වටේට රොක්වෙලා මේක බලපු හැමෝම වගේ ලබාගත්තෙ නං පට්ට ප්‍රහර්ෂයක්.
ඇත්තමයි මං හිතන්නෙ වසන්තය එනව කියන්නෙ මේකට.

හේමන්ත අරුණසිරි

ඡායාරුප- හේමන්ත අරුණසිරි

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...