අපි අපේ හිත් බැන්ද, කෙළි කවට කම් අතර

Share post:

අපට අප පමණක්ම
හිතවත්ම බව දැනුණු
කුඩා මතක උයනෙහි
වියළි ගහ කොළ අතර
මම තවම සැරිසරමි

අප එදා පියනැඟූ
කෙටි-සිහින් මංපෙත් හි
කෙමෙන් මැකි මැකී යන
පැරැණි පිය ළකුණු මත
යළි යළිත් ඇවිද යමි

අප හෙළූ කඳුළුවල
අවසාන සිහිවටන
කුඩා පිණි බිඳිති සේ
අඳුරු තණ පත් අතර
ඉසිර ඇති හැටි දකිමි

අප යනෙන තැන පිපුණු
තණ පඳුරු මත රැඳුණු
කුඩා කහ පැහැ කුසුම්
නිකිණි පාළුව අතර
මියගොසින් බව දකිමි

අපි අසා සිටි අපේ
සුසුම්වල හඬ නැවත
පාව එන වියළි පත්
උනුන් සවනින් අසනු
යළි යළිත් අසා ඉමි

අපි අපේ හිත් බැන්ද
කෙළි කවට කම් අතර
ඔබ නැගූ කිකිණි නද
නියං සියොතුන් තුඩග
වෙළෙනු සවනත රඳමි

සිතුමිණි රත්නමලල

Related articles

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...

විගණකාධිපති ප්‍රශ්නය – ජනාධිපති හරි ද? ව්‍යවස්ථාදායක සභාව හරි ද?

‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 සහ 41 (සී) යන ව්‍යවස්ථා අනුව විගණකාධිපතිවරයා සම්බන්ධ නම නිර්දේශ කරන්නෙ ජනාධිපතිවරයා. එය ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත...

මතක මල් පැස හා අපේ කතාව!!

2025 අවුරුද්දෙ ටිකක් බරවැඩ කීපයක නියැලී උන්න නිසා ගෙදර ගොඩගැහෙන පොත්වලින් කියවගන්න ලැබුණෙ ටිකයි.ඒ අතර විටින් විට තැනක්...