‘ගංගාවක මූලාශ්‍ර හෝ සාන්තුවරයෙකුගේ පූර්වගාමීන් සොයන්න වෙහෙසෙන්න එපා!’

Share post:

සාම්ප්‍රදායික භ්‍රාහ්මණ වංශික පවුලකට දාව උපන් පලගාට් මනි අයියර්, දකුණු ඉන්දියාවෙන් බිහිවුනු විශිෂ්ඨ ගණයේ මෘදංගම් වාදකයෙක්. ඔහුගේ නම මෘදංගම් බෙරයත් සමග ආත්මීයව බැඳී තියෙනවා. මනි අයියර් දැඩිව විශ්වාස කළා මෘදංගම් කියන්නේ වේද සම්හිතා සමග බැඳුනු සංගීත භාණ්ඩයක් කියා. එහෙත් මෘදංගම් බෙරයට බැඳ ඇත්තේ හරක් සහ එළු හම් සන්ධි කොට නිමවාගත් විශේෂ හමක්. මේ සත්‍යයට මුහුණ දෙන්නට නොහැකි මනි අයියර් දැඩි ප්‍රතිවිරෝධතා හැඟීමකින් පීඩා වින්දා. ඔහු නිරන්තරයෙන්ම ඔහුව ප්‍රශ්න කරගත්තා.

“මා වාදනය කරන සංගීත භාණ්ඩය නිපදවන්නට සතුන් ඝාතනය කරනවා. මේක නිරයට වැටෙන්නට තරම් පාපී කටයුත්තක්.”

මේ සැකය පහදා ගන්නා අටියෙන් මනි අයියර්, එවක, ගාන්ධිගේ හෘද සාක්ෂිය සුරකින්නා ලෙස විරුධාවලිලත් රාජ්‍ය තාන්ත්‍රික, සී. රාජගෝපාලාචාරි මුණගැහෙන්නට යනවා. රාජාජී හිතෝපදේශයක් උපුටා දක්වමින් මෙහෙම උත්තර දෙනවා…

“කවමදාකවත් ගංගාවක මූලාශ්‍ර හෝ සාන්තුවරයෙකුගේ පූර්වගාමීන් සොයන්න වෙහෙසෙන්න එපා”

මනි අයියර් මේ සුවපහසු පිළිතුරෙන් සන්තෘප්ත වූවා. ගවයා කෙතරම් ශුද්ධවන්ත සත්ත්වයෙක් වුවත් මේ ඝාතනය සිදුකරන්නේ මෘදංගම් වාදන ශිල්පියා නෙවෙයි. මේ අජූව අතරමැදි භූමිකාව රඟපාන්නේ මෘදංගම් නිශ්පාදකයා. ගව ඝාතන අකුසලයත්, මියගිය සතාගේ හම ගැලවීමේ පාප ක්‍රියාවත් සිදුවන්නේ කලාකරුවාගේ දෑස් වලට නොපෙනෙන මානයක. ඉඳින් ඇයි කලාකරුවා පසුතැවෙන්නේ. මේ ක්‍රියාවලිය එළිපත්තේ සිටින්නේ නිශ්පාදකයා. ඒ නිසා භ්‍රාහ්මණ වංශික කලාකරුවාගේ පවිත්‍රත්වය මොන විදියකටවත් කෙලෙසෙන්නේ නැහැ.

සිම්පල් සයිමන්

විෂ්ණු වාසු

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...