සැල්ටිකෝවු ෂෙඩ්රින් ගොලොවුල්යෝවු පවුලේ කථාන්තරය

Share post:

“ප්‍රවේණි දාසක්‍රමයේ නරක ම අවස්ථාව දැක බලා ගැනීමට මගේ ළමාවියෙහි දී මට හැකි විය. එය සමාජ ජීවිතයේ හැම ස්තරයකට ම ගලා ගොස් තිබිණ. ඉඩම්හිමි රදලයන් හා වහල් භාවයේ බැඳී සිටි ගොවිජනයා පමණක් නො ව, වරප්‍රසාද හිමි අහිමි කවර සමාජ පන්තියක් වුව ද පරිහානිගත වෙමින් තිබිණ. මුළුමනින් ම අයිතිවාසිකම් අහිමි වූ පරිසරයක් තුළ, වංචාව, කෛරාටික භාවය මුල් තැන ගෙන තිබිණ. කවර මොහොතකට වුව ද කෙනකු තළාපෙළා විනාශ කැර දමනු ඇත යන භීතිය සමාජය පුරා පැතිර තිබිණ” යනුවෙන් ෂෙඩ්රින් තම ළමාවියෙහි අත්දැකීම් ගැන පවසයි.

මිඛායිල් යෙවුග්‍රෆොවිච් සැල්ටිකෝවු ෂෙඩ්රින්

වර්ෂ 1827 ජනවාරි මස 26 වැනි දින ස්පාස්-යුගොල්හි දී උපත ලැබුවේ ය.

ඔහු ගේ චරිතාපදානාත්මක වාර්තා අල්ප වන අතර “මගේ සාහිත්‍ය නිර්මාණ, මගේ ආත්මකථාව වන්නේ ය” යනුවෙන් ඔහු ප්‍රකාශ කළේ ය.

ඔහු ඉඩම්හිම් රදල පවුලකින් පැවැත එන අයෙක් විය. ඔහු ගේ ළමාවිය ගම්බද වතුයායක ගත ව ගියේ ය. ඔහු ගේ ම වදනින් ඒ පිළිබඳ ව පවසන්නේ නම්, “මා හැදී වැඩුණේ වැඩවසම් ක්‍රමයේ ඇකයෙහි ය; වහල් කාන්තාවක ගෙන් කිරි බී මම පෝෂණය වීමි. මා හදා වඩා ගත්තේ වහල් සේවිකාවන් විසිනි… වැඩවසම් ක්‍රමයට අයත් දාස භාවයෙහි පැවැති බියකරු බව හා ක්‍රෑර භාවය මම ඇසින් දිටිමි…” යනුවෙන් ඔහු සඳහන් කැර ඇත.
ඔහු ගේ සියලු නිර්මාණවල අරමුණ වූයේ වැඩවසම් ක්‍රමය නිරාවරණය කිරීම හා එය හෙළාදැකීම ය. මේ පිළිබඳ ව ගෝර්කි “19 වැනි සියවසේ දෙ වැනි භාගයේ රුසියානු ඉතිහාසය ෂෙඩ්රින් ගේ පිහිට නොමැති ව ඇගැයීමට ලක් කළ නොහැකි ය” යනුවෙන් සඳහන් කළේ ය.
රුසියානු නවකථා සම්ප්‍රදායයේ ප්‍රමුඛයකු වූ සැල්ටිකෝ ෂෙඩ්රින් 1889 මැයි මස 10 වැනි දින කීර්තිශේෂභාවෝපගත විය.

දෙසැම්බර් 28 නිකුත්වෙයි…
පරිවර්තනය – ආනන්ද අමරසිරි
වැසුම් නිමැවුම – දිනිඳු සිරිවර්ධන
පිටු – 552

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...