“ප්‍රවේණි දාසක්‍රමයේ නරක ම අවස්ථාව දැක බලා ගැනීමට මගේ ළමාවියෙහි දී මට හැකි විය. එය සමාජ ජීවිතයේ හැම ස්තරයකට ම ගලා ගොස් තිබිණ. ඉඩම්හිමි රදලයන් හා වහල් භාවයේ බැඳී සිටි ගොවිජනයා පමණක් නො ව, වරප්‍රසාද හිමි අහිමි කවර සමාජ පන්තියක් වුව ද පරිහානිගත වෙමින් තිබිණ. මුළුමනින් ම අයිතිවාසිකම් අහිමි වූ පරිසරයක් තුළ, වංචාව, කෛරාටික භාවය මුල් තැන ගෙන තිබිණ. කවර මොහොතකට වුව ද කෙනකු තළාපෙළා විනාශ කැර දමනු ඇත යන භීතිය සමාජය පුරා පැතිර තිබිණ” යනුවෙන් ෂෙඩ්රින් තම ළමාවියෙහි අත්දැකීම් ගැන පවසයි.
මිඛායිල් යෙවුග්‍රෆොවිච් සැල්ටිකෝවු ෂෙඩ්රින්
වර්ෂ 1827 ජනවාරි මස 26 වැනි දින ස්පාස්-යුගොල්හි දී උපත ලැබුවේ ය.
ඔහු ගේ චරිතාපදානාත්මක වාර්තා අල්ප වන අතර “මගේ සාහිත්‍ය නිර්මාණ, මගේ ආත්මකථාව වන්නේ ය” යනුවෙන් ඔහු ප්‍රකාශ කළේ ය.
ඔහු ඉඩම්හිම් රදල පවුලකින් පැවැත එන අයෙක් විය. ඔහු ගේ ළමාවිය ගම්බද වතුයායක ගත ව ගියේ ය. ඔහු ගේ ම වදනින් ඒ පිළිබඳ ව පවසන්නේ නම්, “මා හැදී වැඩුණේ වැඩවසම් ක්‍රමයේ ඇකයෙහි ය; වහල් කාන්තාවක ගෙන් කිරි බී මම පෝෂණය වීමි. මා හදා වඩා ගත්තේ වහල් සේවිකාවන් විසිනි… වැඩවසම් ක්‍රමයට අයත් දාස භාවයෙහි පැවැති බියකරු බව හා ක්‍රෑර භාවය මම ඇසින් දිටිමි…” යනුවෙන් ඔහු සඳහන් කැර ඇත.
ඔහු ගේ සියලු නිර්මාණවල අරමුණ වූයේ වැඩවසම් ක්‍රමය නිරාවරණය කිරීම හා එය හෙළාදැකීම ය. මේ පිළිබඳ ව ගෝර්කි “19 වැනි සියවසේ දෙ වැනි භාගයේ රුසියානු ඉතිහාසය ෂෙඩ්රින් ගේ පිහිට නොමැති ව ඇගැයීමට ලක් කළ නොහැකි ය” යනුවෙන් සඳහන් කළේ ය.
රුසියානු නවකථා සම්ප්‍රදායයේ ප්‍රමුඛයකු වූ සැල්ටිකෝ ෂෙඩ්රින් 1889 මැයි මස 10 වැනි දින කීර්තිශේෂභාවෝපගත විය.
දෙසැම්බර් 28 නිකුත්වෙයි…
පරිවර්තනය – ආනන්ද අමරසිරි
වැසුම් නිමැවුම – දිනිඳු සිරිවර්ධන
පිටු – 552