චීනයේ කොවිඩ් යළි භයානක තත්වයක

Share post:

කොවිඩ් වෛරසය පැතිරීම ප්‍රථම වරට වාර්තා වී වසර තුනකට පසු යළි චීනය තුළ වෛරස ආසාදන වීමේ භයානක තත්වයක් මතුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

චීනයේ පනවා තිබූ කොවිඩ් සීමා ලිහිල් කිරීමෙන් පසු එරටින් වාර්තා වන කොවිඩ් රෝගීන් ගණන සහ කොවිඩ් මරණ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් පවතින බව එම මාධ්‍ය මාධ්‍ය වාර්තා වල සඳහන් වේ.

චීන වැසියන්ගෙන් 90% ට වැඩි පිරිසක් එන්නත්කරණයට ලක්ව සිටිය ද බූස්ටර් එන්නත ලබා ගෙන ඇත්තේ වැඩිහිටියන්ගෙන් 57.9%ක් පමණි.

ඒ අනුව, නිවෙස්වලට ගොස් වැඩිහිටියන් එන්නත්කරණයට ලක් කිරීමට බලධාරීන් කටයුතු කර ඇත.

මේ අතර වසංගත රෝග විශේෂඥයෙකු වන එරික් ෆීගල් ඩිං (Eric Feigl-Ding)අනතුරු ඇඟවූයේ චීනයේ දැනට පවතින කොවිඩ් රැල්ල ඉදිරි දින 90 තුළ රටේ ජනගහනයෙන් 60% කට වඩා ආසාදනය විය හැකි බවයි.

එය එලෙස වූවොත් මරණ සංඛ්‍යාව මිලියන ගණනක් දක්වා ඉහළ යා හැකි බවද බලපෑම චීනයට පමණක් සීමා නොවන අතර එය ගෝලීය වශයෙන් ව්‍යප්ත වනු ඇතැයිද ඔහු අනතුරු අඟවා තිබේ.

මේ අතර කොවිඩ් රෝගීන් ගණන ඉහළ යාම හේතුවෙන් ෂැංහයි හි පාසල් වසා දැමීමට බලධාරීන් කටයුතු කර ඇති අතර මේ වනවිට එම පාසල්වල ගෘහස්ථ ක්‍රීඩාංගන වෛද්‍ය සායන බවට පත්කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා වල සඳහන් වේ.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...