සංසාරය වෙන අන් යමක් ද

Share post:

චෛතසික විදුලිය
හිතට හෙන ගසයි
සමාධිගත මොහොත
අචාචික අර්ථයෙන් එලිය ලබයි

සිතිවිලි චක්‍රය
මැරි මැරී උපදියි
පවත්නා නිමේෂය
ජීවිතය යැයි කියයි

අන්ධකාරය අතර
ගිනි පෙනෙල්ල කරකවයි
නො කැඩුණු එලියේ
කැඩුණු ජීවිතය නො පෙනෙයි

ඉහළට නැගෙන පඩි
තැනක නතර වෙයි
මට මා හමු වන්න
විරාමයක් ඉල්ලයි

තෘප්තියක අවසානය
ලබා නො දෙන පරිභෝජනය
මකුළු දැළක පටලයි
අඩු වැඩි මම ද මගෙ සිත ද
ඔබ වගේමයි

සංසාරය වෙන අන් යමක් ද
මේ දුවන තරඟයයි
සංහිඳක් නැති මහ මගේ
සමාධියටත් හෙන ගසයි

චෛතසික විදුලිය
හිතට හෙන ගසයි
සමාධිගත මොහොත
අචාචික අර්ථයෙන් එලිය ලබයි

මතු භව නො වන
මේ මොහොත සංසාරයයි
නැග බැස යන හිරු ද
තරු එලි අතර සඳැති අඳුර ද

උදය ආර්. තෙන්නකෝන්

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...