‘බෝ දෑ නික්මෙති’ දෙසැම්බර් 15 ජාතික පුස්තකාලයේදී

507

” අල්පෙනෙත්තක් වැටුණත්
ඇහෙනවා අන්තර්ජාලයට!”
” චීන්නුත් ගමේ යන අවුරුද්ද!!!”

ඉතින් සරත්චන්ද්‍ර වල්පොලගේ පළමු කවි පොත ‘බෝ දෑ නික්මෙති’ “දොරට වඩිනවා” 2022 දෙසැම්බර් 15 හවස 2.30 ට කොළඹ 07 ජාතික පුස්තකාල හා ප්‍රලේඛන මණ්ඩලයේ ශ්‍රවණාගාරයේ දී!

ඉන්නිසය :-කේ.කේ. සමන් කුමාර (සර්පයා)
කංචුකය :-මො.ල‌. සෙනවිරත්න
කර්තෘගේ සිතුවම :-ඔසඳ ඖචිත වල්පොල
ප්‍රකාශනය :-ඇස්.ගොඩගේ සහ සමාගම

අවුරුදු දා කොළඹදී

ඉඳිකටුවක් වැටුණටත්
කොළඹ පොළොවට
ඇහෙනවා අන්තර්ජාලයට

සීතල ගතේ නැත
ගින්දර නිවී ඇත
කොළඹ මාකට් එකට
ඉන්ටවල් ලැබී ඇත

කොළඹ
චයිනීස් රෙස්ටුරන්ට් පවා
වසා දමා
චීන්නුත් ගමේ යන අවුරුද්ද

පාන් නැති නිසා
අවුරුදදාට කොළඹ
කේක් කනවා මිස
වෙන කුමක් කරන්නද?

හැමතැනම එකක් ඇත
වසා ඇත වසා ඇත

අවුරුදුදාට
කොළඹ හැරදා
ගමේ ගිය ඇත්තෝ
යළි කොළඹ එනකං
බලා හිඳිමි මම

සොහොන් පිට්ටනියක වගේ
පාළු මූසල ගතිය නැතිවේවි
මගේ ගම කොළඹ
යළි පණ ලබා නැගිටීවි

  • සරත්චන්ද්‍ර වල්පොල