නික්මගොස් විසිහයක්- ගතවුණේ සසරක්..

Share post:

වරක් එක්තරා රූපවාහිනී නාලිකාවක විකාශය වූ ක්ලැරන්ස් විජයවර්ධන අනුස්මරණ වැඩසටහනකට පැමිණි ප්‍රසිද්ධ සංගීත කණ්ඩායමක නායකයෙක් ක්ලැරන්ස් ගේ සංගීත ආරය පිළිබඳ මෙසේ පැවසුවේය .

“ක්ලැරන්ස් ගේ සින්දු අරගෙන බැලුවම අපිට පේන්න තියෙන්නෙ ඒවා බොහොම සරළ කෝඩ්ස් කිහිපයකින් නිර්මාණය වෙලා තියෙන්නෙ. උදාහරණයක් විදියට අපි ගමු ‘මලට බඹරෙකු සේ ‘ . ( ඔහු බොක්ස් ගිටාරය ගෙන එහි ආරම්භක සංගීත ඛණ්ඩය වාදනය කර පෙන්වයි.) . පේනවා නේද මේක මේ බොහොම සරළ කෝඩ්ස් ටිකකින් නිර්මාණය කරල තියෙන්නෙ.ඒක තමයි ක්ලැරන්ස් ගේ සංගීතයේ විශේෂත්වය.”

ඔහුගේ ප්‍රකාශය හමුවේ ඒ මොහොතේම මම කල්පනාවකට වැටුණෙමි. ඔහුගේ ප්‍රකාශය න්‍යායාත්මකව නිවැරදිය. එසේනම් එම සරළ කෝඩ්ස් සියල්ල ක්ලැරන්ස් ගේ අභාවයත් සමගම මෙලොවින් අතුරුදහන් වීද ?? ඔහුගේ සමුගැනීමත් සමගම ඒ සරළ සුගම ගීත කලාව ට නැවතීමේ තිත තැබුණේ ඇයි??. එම විග්‍රහය සිදුකල සංගීත කණ්ඩායම් නායකයා ද විවිධ ගීත ගණනාවක් ම ඉදිරිපත් කර තිබුණද ඒවා රසිකයන් ක්ලැරන්ස් ගේ ගීත තරම් ආගමක් කරනොගන්නේ ඇයි ?? ඔය තරම් සරළ කෝඩ්ස් වාදනය ඔහුට සිදුකරන්නට නොහැකි නිසාද ??

ඇත්තවශයෙන්ම පැවසිය යුතු කරුණ නම් ගිටාර් වාදනය කල හැකි ලක්‍ෂ ගණනක පිරිසක් සිටියද ගිටාරයේ හදවත සොයාගත් කෙනෙක් වීනම් ඒ දුර්ලභ කරුණකි. ක්ලැරන්ස් විජයවර්ධන යනු එසේ ගිටාරයේ හදවත සොයාගත් සුවිශේෂී සංගීත වේදියෙකි. ඔහුගේ ගිටාරයේ තත් අපගේ හදවත් හා සුසර වී අනුනාදය වීම ක්ලැරන්ස් ගේ ගීත කලාව ශ්‍රාවකයින්ගේ හදවත් තුල කිදාබැසීමට හේතුව ලෙස මම දකිමි. නික්මගොස් වසර විසිහයක් ගතවුවද ක්ලැරන්ස් ” කොපිකල හැක- සමකල නොහැක ” තත්වයට පත්ව ඇත්තේ එබැවිනි .
දයාබර ක්ලැරන්ස්

නික්ම ගොස් විසිහයක්- ගතවුණේ සසරක් (1996-12-13~2022-12-13)

ජයශංඛ කරුණාරත්න

කණ්ඩායම් නද නුඹයි සදාතන දිවියක රස ඳුන.

සැලෙන ගිටාරය
රඳවා මුසු වුනු
සොඳුරු සෙනේ බර
මද නල අතරින්
සිප එන සුළඟට
රසික දනන් හද
මෝහනයන් කළ
හද සුවපත් කොට
සංගීතය නම්
කණ්ඩායම් නද
නුඹයි සදාතන
දිවියක රස ඳුන..

1996 වසරෙහි අදවන් දිනෙක අහිමිව ගිය සදාතනික ගී හඬ..

නලින් හේමන්ත

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...