ක්‍රොඒෂියා මැච් එකට කලින්

Share post:

අද 2022 පාපන්දු ලෝක කුසලානයේ පළවෙනි අවසන් පූර්ව වටය පවත්වන්න නියමිත වෙලා තියෙනවා. මේ මැච් එක කොච්චර තීරණාත්මක එකක් ද කියලා අමුතුවෙන් පැහැදිලි කරන්න අවශ්‍ය නෑ. අද මැච් එකේ ගේම් ප්ලෑන් එක මෙන්න මේ විදිහට වෙයි කියලා හිතෙනවා.

ක්‍රොඒෂියාව ගහන්නේ බ්ලොක් එකක් දාගෙන. හැබැයි වැරදියට හිතන්න එපා. මේක මොරොක්කෝව දානවා වගේ ලෝ බ්ලොක් එකක් නෙමෙයි. ක්‍රොඒෂියාව බ්ලොක් එක දාන්නේ ග්‍රවුන්ඩ් එකේ මිඩ් සහ හාෆ් මිඩ් වගේ. ඒ කියන්නේ ඔය උඩ කියපු තැන් වල බෝලේ තියාගෙන ඉන්නවා. වැඩිය ඇටෑක් කරන්නෙත් නෑ. බ්‍රසීල මැච් එකේදි 115 වෙනි විනාඩිය වෙනකන්ම ක්‍රොඒෂියාව ඔන් ටාගට් ශොට් එකක් වත් ගැහුවේ නෑ.

ක්‍රොඒෂියා වල සෙන්ටර් බැක් දෙකම සෑහෙන්න උසයි. මේ උස සෙන්ටර් බැක් දෙකට ක්‍රොස් කරලා ගහන එක නම් අමාරුයි. හැබැයි ක්‍රොඒෂියා ඩිෆෙන්ස් එකට ගහන්න පුළුවන් හොඳට කපලා ගහන ඇටෑක් එකකට. අන්න ඒක නිසා ඈන්හෙල් ඩි මරියා ස්ටාට් කිරීම ආජන්ටිනාව පැත්තෙන් මාරම වැදගත් වෙනවා.

දෙවනි කෑල්ල තමයි මාසෙලෝ බ්‍රොසොවිච් සහ ලුකා මොඩ්රිච් කියන අය. බ්‍රොසොවිච් මේ තරගාවලිය පුරාවටම සෑහෙන ග්‍රවුන්ඩ් එකක් කවර් කරනවා. ඩිෆෙන්ස් කරන්න, ඇටෑක් එකට එන්න බ්‍රොසොවිච් ට පුළුවන්. මොඩ්රිච් ගැන අමුතුවෙන් අටුවා ටීකා අවශ්‍ය නෑ නේ. මිනිහා තමයි ක්‍රොඒෂියා ටීම් එකේ හාට් එක. හැමැතැනම දුවනවා. ඇටෑක්, ඩිෆෙන්ස් මේ ඕනිම දේකට මොඩ්රිච් ලෑස්තියි. බ්‍රොසොවිච් මොඩ්රිච් දෙන්නා මේ මැච් එකේදි පට්ටම ඇණයක් වෙනවා.
ඇටෑක් එකේ නම් ක්‍රැමරිච්, පෙරිසිච් ක්‍රියේටිව් ගහන කොවසිච් මේ තුන් දෙනාම බුරුතු පිටින් යුරෝප් ක්ලබ් ෆුට්බෝල් වල එක්ස්පීරියන්ස් ගත්ත ඩයල්ස්. ක්‍රොඒෂියාව කවුන්ටර් ඇටෑක් කරද්දි හරි නිකම් ඇටෑක් එකකදි හරි හොඳටම සෙට් වෙනවා. ඒකට හේතුව තමයි මෙයාලා අවුරුදු ගානක් එකම කෝච් යටතේ ක්‍රීඩා කරන එක.

ආජන්ටිනාව පැත්තෙන් විශාලම පාඩුවක් වෙලා තියෙනවා. ඒ තමයි මාකස් ඇකුනා ට මේ මැච් එක ගහන්න බැරි වෙන එක. ලෙෆ්ට් එකෙන් ගහන තලියෆිකෝ ව සත පහකට ශුවර් කරන්න බෑ. ගොන්සාලෝ මොන්සියාල් ටත් ඩබල් යෙලෝ නිසා ගහන්න වෙන්නෙ නෑ. මොලීනා ට ගොඩක් වෙලාවට ෆුල් මැච් එකම ගහන්න වෙයි. මේ හේතුව හින්දා ආජන්ටිනා ෆුල් බැක්ස් දෙදරලා ගිහින් තියෙන්නේ

මට හිතෙන්නේ සෑහෙන මැච් එකක් යයි. කවුරුත් බලාපොරොත්තු නොවෙන රිසාල්ට් එකක් ලැබෙයි කියලා හිත කියනවා. මේ මැච් එක Extra Time වත් Penalties වත් යන්නෙ නැතුව නවත්තගන්න එක ආජන්ටිනාවට වාසි වෙයි. මොකද ක්‍රොඒෂියාව කියන්නේ Extra Time සහ Penalty ස්පෙෂලිස්ට් ලා. අනිවාර්යයෙන්ම ඒ වෙනකන් ඇදුනොත් මේ මැච් එක දිනන්න 99% ක විතර අවස්ථාවක් ක්‍රොඒෂියාව ට තියෙනවා.

කාටහරි හිතෙනවා නම් ක්‍රොඒෂියාව ඉන්නෙ අවුට් ඔෆ් ෆෝම්, මේ World Cup එකෙන් තමා ආයේ ෆෝම් වුණේ කියලා එහෙම නෑ හොඳේ. මේ පාර නේෂන්ස් එකේ A ඩිවිෂන් සෙමි ෆයිනල් එන්න World Cup එකට කලින්ම ක්‍රොඒෂියාව ට පුළුවන් වුණා. නිකම් නෙමෙයි ප්‍රංශය, ඔස්ට්‍රියාව, ඩෙන්මාර්කය හිටපු ගෲප් එකෙන් ටොප් වෙලා. ඒක හින්දා ක්‍රොඒෂියාව කියන්නේ පුදුම විදිහට බලාපොරොත්තු නොවෙන දස්කම් දක්වන්න පුළුවන් ටීම් එකක්. ආජන්ටිනාව ට පොඩ්ඩක් වත් ලේසි නෑ. අමතක කරන්න එපා ක්‍රොඒෂියාව අන්තිම 2018 ලෝක කුසලානෙදි ආජන්ටිනාවට ගෝල් 3-0 ක් විදිහට ගැහුවා. බලමු!

ශමින්ද ජයරත්න

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...