කාටවත් කෙදිනකදි හෝ නොකී – දිගුම දිගු කතාවක පද ලියයි,

Share post:

සීතලෙන් පීඩිතව සැලෙන තොල්
ප්‍රේමයෙන් විකසිතව රිදුම්කයි
දුර පේන අඳුරු අහුමුලු අතර
පපුතුරට දැනෙන පෙම සුසුම්ලයි,

බොරපාට රෑ අහස සඟව ගත්
සොඳුරු උඳුවප් මහේ සිහිල සඳ
කාටවත් කෙදිනකදි හෝ නොකී
දිගුම දිගු කතාවක පද ලියයි,

එක්දහස් එක් රැයෙක තාලයට
නිසොල්ලාසය ලියූ මතක පොත
පිටෙන් පිට පෙරළමින් ඉසියුම්ව
රිදුම් පිරිමැදලමින් සිත පෙළයි,

දුරම දුර රෑ අහසෙ අනන්තයෙ
තටු සලා පියඹන්න අවසරයි
කතා කරනා නුඹේ නෙතු අගින්
වැටෙන මේ කඳුළු කැට හරි බරයි,

රුදා දෙන නුරාගිනි සතපමින්
බොහෝවුන් ගිනි අරන් දුව පනියි
නිරාමිස හැඟුම් වැල් දොවාලන
නුඹේ සෙනෙහස හිතට උණුසුමයි,

කාලයක් සිත මැවුණු සිහිනයේ
සියුම් හැඟුමන් හදට කටු අනියි
හෙට උදේ නව අරුණ දොවාලන
අලුත් ඉර සොඳුරියේ නුඹ තමයි……

කුමාර අලගියවන්න

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...