ක්‍රොඒෂියාව – ආජන්ටිනාව අවසන් පූර්ව වටයට

Share post:

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ක්‍රොඒෂියාව සහ ආජන්ටිනාව ඊයේ (09) සමත් විය.

බ්‍රසීලය සහ ක්‍රොඒෂියාව අතර පැවති අර්ධ අවසන් පුර්ව තරගයේදී නියමිත කාලය තුලදී එක් කණ්ඩායමක් හෝ ගෝල වාර්තා කිරීමට සමත් නොවූ අර පසුව අතිරේක කාලයේදී 105 වැනි විනාඩියේදී නේමාර් පළමු ගෝලය වාර්තා කළේය.

එමෙන්ම 117 වැනි විනාඩියේදී ක්‍රෙඒෂියාවද ගෝලයක් වාර්තා කරමින් කණ්ඩායම් දෙකම ගෝල එකට එකක් ලෙස සම තත්ත්වයට පැමිණීයේය.

එයත් සමග දඞුවම් පහර ලබාදීමට තරග තීරකයින් කටයුතු කළේය.

ඒ අනුව දඞුවම් පහර හතරට දෙකක් ලෙස ජයග්‍රහණය ලබාගැනීමට ක්‍රොඒෂියා කණ්ඩායම සමත් විය.

මේ අතර දකුණු ඇමරිකාවන්ගේ පාපන්දු උන්මාදය තවත් තීර්ව කරමින් ආජන්ටිනාව සහ නෙදර්ලන්තය අතර පැවති අර්ධ අවසන් පූර්ව තරගය ජය ගැනීමට ලයනල් මෙසී ප්‍රමුඛ ආජන්ටිනාව ඊයේ සමත්වූහ.

තරගයේ පළමු අර්ධයේ 35 වැනි විනාඩියේදී පසුපෙළ ක්‍රීඩක නවුවෙල් මොලීනා ආර්ජන්ටිනාව වෙනුවෙන් ගෝලයක් වාර්තා කළ අතර පළමු අර්ධය නිමාවේදී ආර්ජන්ටිනාව ගෝල 1-0 ක් ලෙස ඉදිරියෙන් සිටියේය.

දෙවැනි අර්ධයේ 73 වැනි මිනිත්තුවේදී ලැබුණු දඩුවම් පහරක් සාර්ථක කරගැනීමට මෙසී සමත්විය.

නෙදර්ලන්ත පිල වෙනුවෙන් වොට් වෙග්හෝර්ස්ට් 83 වැනි මිනිත්තුවේදී වාර්තා කළ ගෝලයත් සමග ආජන්ටිනාවේ ජයග්‍රහනය යළිත් මදකට ප්‍රමාද විය.

වොට් වෙග්හෝර්ස්ට් අවසන් මිනිත්තුවේදී ලැබුණු නිදහස් පහර ගෝලයක් බවට පරිවර්තනය කිරීමත් සමග සම්පූර්ණ කාලය නිමාවට පත් වුයේ කණ්ඩායම් දෙකම ගෝල දෙකට දෙකක් ලෙස සම තත්ත්වයට පත්වෙමිනි.

පසුව ලබාදුන් දඞුවම් පහර අවස්ථාවේ දී හතරට තුනක් ලෙස ලබාගනිමින් ආජන්ටිනා කණ්ඩායම ලෝක කුසලාන අවසන් පුර්ව වටයට සුදුසුකම් ලැබීමට සමත් විය.

ඒ අනුව ආජන්ටිනා කණ්ඩායම සහ ක්‍රොඒෂියා කණ්ඩායම අතර අවසන් පුර්ව තරගය ලබන 13 වැනිදා පැවැත්වීමට නියමිතය.

මේ අතර අර්ධ අවසන් පුර්ව වටයේ තවත් තරග දෙකක් අද (10) පැවැත්වීමට නියමිතව ඇති අතර ඒ මොරොක්කෝව සහ පෘතුගාල කණ්ඩායම් අතර සහ එංගලන්තය සහ ප්‍රංශ කණ්ඩායම් අතරය.

Related articles

2025 වසරේ නිර්මාණය වුනු හොඳම චිත්‍රපටයක් ලෙස Sentimental Value (2025) නම් කළ හැකියි

මෙම චිත්‍රපටය නැරඹීමට ප්‍රධාන හේතුවක් වූයේ අධ්‍යක්ෂක Joachim Trier සහ මෙහි ප්‍රධාන චරිතය රඟ දක්වන Renate Reinsve. Trier...

කතා කළ යුතු තැන සහ නැති තැන, හෙවත් වැඩසටහනක් මෙහෙයවන විදිය, ෂෆාක්ගෙන් ඉගෙනගන්න

පොතක ප්‍රධාන චරිතයට තමන්ගේ භූමිකාව හොඳින් කරගෙන යන්න දායක වන, අප්‍රධාන, සුළු සහ සෙසු චරිත ගැන කවදත් මගේ...

නතාෂා : ඊයේ සහ අද !

2023 ජූලි මාසයේදී දේවගැතිවරයකු ලෙස හඳුන්වාගන්නා ජෙරොම් ප්‍රනාන්දු සිංගප්පූරුවේ සිට එක්සත් රාජධානිය බලා පිටත්ව ගොස් තිබිණි. ඔහු මෙසේ එක්සත්...

කාබුල්හි අරුම කතන්දර කියන්නා; කාබුල් දස්තාන්

පොඩිහිටියාගේ සිට වැඩිහිටියා බවට එළඹුණු හැරවුම් කාලයේ දි, මාමා කෙනෙක් මට පොතක් ගෙනැවිත් දෙනවා. එහි නම, 'ලේ හුරු...