රාජ්‍ය කළමනාකරණ සේවයේ පුරප්පාඩු පුරවන්න කෝටි 8ක් එකතු කරගෙන – රාජ්‍ය පළාත් රාජ්‍ය කළමනාකරණ සේවා නිලධාරී සංගමය අනාවරණය කරයි !

Share post:

රාජ්‍ය කළමනාකරණ සේවය තුළ මේ වන විට පුරප්පාඩු 8,000ක් පමණ තිබෙන බවත්, මේ නිසා රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවාවේ ආයතන වල නිලධාරීන් ගේ අඩුවීම නිසා  තනතුරට අයත් රාජකාරි ඉටුකිරීමේදී ආයතනික මට්ටමින් ගැටලු රැසක් ඇතිවී තිබෙන බවත් රාජ්‍ය පළාත් රාජ්‍ය කළමනාකරණ සේවා නිලධාරී සංගමයේ ප්‍රධාන ලේකම් අමිල බණ්ඩාර පැවසීය.

මෙම පුරප්පාඩු වලින් 5150 ක් පමණ මධ්‍යම රජයේ ආයතන වලට අයත් බවත් ඉතිරි 2850ක ප්‍රමාණය පළාත් සේවාවේ ආයතන වල පවතින බවත් ලේකම්වරයා පෙන්වා දෙයි.

මධ්‍යම රජයේ ආයතන වල 2020 වසරේ පැවති පුරප්පාඩු ගණ්නය කර ඒ සදහා බදවා ගැනීමට 2020 ජූලි 17 දින ගැසට් කළ ද, වසර 5ක් යනතුරුත් විභාගය නොපැවැත්වීම නිසා අයදුම්කරුවන් 135000කට ආසන්න ප්‍රමාණයක් අසාධාරණයට ලක්ව ඇත.

ඒ අනුව සීමිත පදනම මත පසුගිය කාලයේ විභාගය පවත්වා බදවා ගැනීම් සිදුකර තිබුනද වසර 7කට වැඩි කාලයක සිට විවෘත තරග විභාගයක්නොපැවැත්වීම මත අඩු වයසින් රාජ්‍ය සේවයට පිවිසීමේ අවස්ථාව අයදුම් කරුවන්ට මගහැරී ඇති බව වැඩිදුරටත් පෙන්වාදෙයි.

සමස්ත පුරප්පාඩු සංඛ්‍යාවෙන් සියයට 70ක් පමණ බදවා ගන්නේ විවෘත තරග විභාගයෙන් බවත් සීමිත තරග විභාගයෙන් සියයට 30ක් පමණක් බදවා ගැනේ.අයදුම්කරුවන් 135000කට ආසන්න ප්‍රමාණයක් කෝටි 8කට වැඩි මුදලක් එක් එක් අපේක්ෂකයන් රුපියල් 600 බැගින් විභාග ගාස්තු ගෙවා ඇති බවට කරුණු අනාවරණය වී ඇත .

විවෘත තරග විභාගය බදවා ගැනීමට 2022/03 අයවැය චක්‍රලේඛ මතඅත්හිටුවීමට කටයුතු කර තිබුනද 01/2024 චක්‍රලේඛය මගින් පෙර චක්‍රලේඛ අහෝසිකර ඇත.ඒ අනුව රාජ්‍ය සේවාවේ බදවා ගැනීම් සම්බන්ධයෙන් අගමැතිතුමියගේ ප්‍රධානත්වයෙන් පවතින කමිටුවේ අවධානය යොමු කර  2020 ජූලි 17 ගැසට් කල විවෘත තරග විභාගය පැවැත්වීමට කටයුතු කරන ලෙසට කළමනාකරණ සේවා සංගම් නියෝජිතයන් රාජ්‍ය පරිපාලන ඇමැතිතුමාගෙන් ඉල්ලාසිට් අතර මෙම පුරප්පාඩු කඩිනමින් බදවා ගැනීමට කටයුතු කරන ලෙසට බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව රාජ්‍ය පළාත් රාජ්‍ය කළමනාකරණ සේවා නිලධාරී සංගමයේ ප්‍රධාන ලේකම් අමිල බණ්ඩාර වැඩිදුරටත් පැවසීය.

Related articles

කවි අඳුරේ ගිනි පුළිඟුවක් රැගෙන යන ‘වසිලිස්සා’ – ප්‍රගීතිකා

මේ මොහොතේ අද්‍යතන කිවිඳියන් තිදෙනෙකු එකට තබා කියවමි. ඉන් පළමුවැන්නී ප්‍රගීතිකා ජයසේකර ය. ඇගේ දෙවන කාව්‍ය සංග්‍රහය "වසිලිස්සා...

කටුවන වෙඩි තියාගත්තෙ ජවිපෙ කණ්ඩායම් දෙකක් – පැය 02කින් මාධ්‍යයට කී හුළුගල්ලෙලා නිදහස්, අමරෙට විතරක් මරණ දඬුවම !

ජී.ජී. අමරසිරි හෙවත් ජූලම්පිටියෙ අමරේ 2012 වසරේදී කළ වෙඩිතැබීමත් සමග එවකට පැවැති ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ...

ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ දස වන අදියර කොළඹදී සාර්ථකව අවසන් වෙයි !

ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ (ITRC) දස වන අදියර ඔක්තෝබර් 1  බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අති සාර්ථක අන්දමින්...

මෛත්‍රීට ඉන්දියන් ඔත්තු සේවය වගේ කතාකරලා පාස්කු ගැන කිව්වෙ සජින් වාස්ද? – සීඅයිඩීයෙන් ප්‍රශ්න කරයි !

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළව සිදුවන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සජින් වාස් ගුණවර්ධන මහතා...