රාජ්‍ය කළමනාකරණ සේවයේ පුරප්පාඩු පුරවන්න කෝටි 8ක් එකතු කරගෙන – රාජ්‍ය පළාත් රාජ්‍ය කළමනාකරණ සේවා නිලධාරී සංගමය අනාවරණය කරයි !

Share post:

රාජ්‍ය කළමනාකරණ සේවය තුළ මේ වන විට පුරප්පාඩු 8,000ක් පමණ තිබෙන බවත්, මේ නිසා රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවාවේ ආයතන වල නිලධාරීන් ගේ අඩුවීම නිසා  තනතුරට අයත් රාජකාරි ඉටුකිරීමේදී ආයතනික මට්ටමින් ගැටලු රැසක් ඇතිවී තිබෙන බවත් රාජ්‍ය පළාත් රාජ්‍ය කළමනාකරණ සේවා නිලධාරී සංගමයේ ප්‍රධාන ලේකම් අමිල බණ්ඩාර පැවසීය.

මෙම පුරප්පාඩු වලින් 5150 ක් පමණ මධ්‍යම රජයේ ආයතන වලට අයත් බවත් ඉතිරි 2850ක ප්‍රමාණය පළාත් සේවාවේ ආයතන වල පවතින බවත් ලේකම්වරයා පෙන්වා දෙයි.

මධ්‍යම රජයේ ආයතන වල 2020 වසරේ පැවති පුරප්පාඩු ගණ්නය කර ඒ සදහා බදවා ගැනීමට 2020 ජූලි 17 දින ගැසට් කළ ද, වසර 5ක් යනතුරුත් විභාගය නොපැවැත්වීම නිසා අයදුම්කරුවන් 135000කට ආසන්න ප්‍රමාණයක් අසාධාරණයට ලක්ව ඇත.

ඒ අනුව සීමිත පදනම මත පසුගිය කාලයේ විභාගය පවත්වා බදවා ගැනීම් සිදුකර තිබුනද වසර 7කට වැඩි කාලයක සිට විවෘත තරග විභාගයක්නොපැවැත්වීම මත අඩු වයසින් රාජ්‍ය සේවයට පිවිසීමේ අවස්ථාව අයදුම් කරුවන්ට මගහැරී ඇති බව වැඩිදුරටත් පෙන්වාදෙයි.

සමස්ත පුරප්පාඩු සංඛ්‍යාවෙන් සියයට 70ක් පමණ බදවා ගන්නේ විවෘත තරග විභාගයෙන් බවත් සීමිත තරග විභාගයෙන් සියයට 30ක් පමණක් බදවා ගැනේ.අයදුම්කරුවන් 135000කට ආසන්න ප්‍රමාණයක් කෝටි 8කට වැඩි මුදලක් එක් එක් අපේක්ෂකයන් රුපියල් 600 බැගින් විභාග ගාස්තු ගෙවා ඇති බවට කරුණු අනාවරණය වී ඇත .

විවෘත තරග විභාගය බදවා ගැනීමට 2022/03 අයවැය චක්‍රලේඛ මතඅත්හිටුවීමට කටයුතු කර තිබුනද 01/2024 චක්‍රලේඛය මගින් පෙර චක්‍රලේඛ අහෝසිකර ඇත.ඒ අනුව රාජ්‍ය සේවාවේ බදවා ගැනීම් සම්බන්ධයෙන් අගමැතිතුමියගේ ප්‍රධානත්වයෙන් පවතින කමිටුවේ අවධානය යොමු කර  2020 ජූලි 17 ගැසට් කල විවෘත තරග විභාගය පැවැත්වීමට කටයුතු කරන ලෙසට කළමනාකරණ සේවා සංගම් නියෝජිතයන් රාජ්‍ය පරිපාලන ඇමැතිතුමාගෙන් ඉල්ලාසිට් අතර මෙම පුරප්පාඩු කඩිනමින් බදවා ගැනීමට කටයුතු කරන ලෙසට බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව රාජ්‍ය පළාත් රාජ්‍ය කළමනාකරණ සේවා නිලධාරී සංගමයේ ප්‍රධාන ලේකම් අමිල බණ්ඩාර වැඩිදුරටත් පැවසීය.

Related articles

2025 වසරේ නිර්මාණය වුනු හොඳම චිත්‍රපටයක් ලෙස Sentimental Value (2025) නම් කළ හැකියි

මෙම චිත්‍රපටය නැරඹීමට ප්‍රධාන හේතුවක් වූයේ අධ්‍යක්ෂක Joachim Trier සහ මෙහි ප්‍රධාන චරිතය රඟ දක්වන Renate Reinsve. Trier...

කතා කළ යුතු තැන සහ නැති තැන, හෙවත් වැඩසටහනක් මෙහෙයවන විදිය, ෂෆාක්ගෙන් ඉගෙනගන්න

පොතක ප්‍රධාන චරිතයට තමන්ගේ භූමිකාව හොඳින් කරගෙන යන්න දායක වන, අප්‍රධාන, සුළු සහ සෙසු චරිත ගැන කවදත් මගේ...

නතාෂා : ඊයේ සහ අද !

2023 ජූලි මාසයේදී දේවගැතිවරයකු ලෙස හඳුන්වාගන්නා ජෙරොම් ප්‍රනාන්දු සිංගප්පූරුවේ සිට එක්සත් රාජධානිය බලා පිටත්ව ගොස් තිබිණි. ඔහු මෙසේ එක්සත්...

කාබුල්හි අරුම කතන්දර කියන්නා; කාබුල් දස්තාන්

පොඩිහිටියාගේ සිට වැඩිහිටියා බවට එළඹුණු හැරවුම් කාලයේ දි, මාමා කෙනෙක් මට පොතක් ගෙනැවිත් දෙනවා. එහි නම, 'ලේ හුරු...