Dearo Investment සමාගම People’s Excellency සම්මාන හතරකින් පිදුම් ලබයි !

Share post:

Dearo Investment පෞද්ගලික සමාගම People`s Excellency 2024 සම්මාන උළෙලේදී වසරේ සේවා ස්ථාන සංවර්ධන විශිෂ්ටතා සම්මානය, විශිෂ්ටම පාරිභෝගික සේවා සපයන්නාට හිමි සම්මානය, විශිෂ්ටම සමූහ මූල්‍ය සමාගමට හිමි සම්මානය සහ විශිෂ්ටම ව්‍යවසාය මූල්‍ය සමාගමට හිමි සම්මානය යන සම්මාන හතරෙන් පිදුම් ලැබීය.

නවීන තාක්ෂණය සහ ඩිජිටල්කරණය සමග ඉදිරියට යන Dearo Investment සමාගම පාරිභෝගිකයන්ගේ අවශ්‍යතාවලට ගැළපෙන ලෙස සැකසූ පෞද්ගලික සහ ව්‍යාපාර මූල්‍ය සේවා, ණය, ආයෝජන වැනි සේවා රැසක් සපයයි. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, හවුල් ව්‍යාපාර සහ ආරම්භක අවස්ථාවේ පවතින ව්‍යාපාර සඳහා අවශ්‍ය මූල්‍ය පහසුකම් සැපයීම, දැනට පවතින ව්‍යාපාරවල ප්‍රාග්ධනය ඉහළ නැංවීම සඳහා අවශ්‍ය ව්‍යවසායක ණය සැපයීම එම සමාගමේ ප්‍රධාන සේවා අතර වේ.

පාරිභෝගිකයන්ට නව්‍ය සහ කාර්යක්ෂම මූල්‍ය විසඳුම් සැපයීමට මුල් තැන දෙන කාර්ය මණ්ඩලයක් හරහා සේවා සපයන එම සමාගම සතු ශාඛා ගණන 30කට අධික වේ. ආරම්භයේ පටන් ක්ෂුද්‍ර, සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධනය කිරීමට ප්‍රමුඛතාව දෙන Dearo Investment සමාගම මූල්‍ය, ව්‍යාපාර සහ නීති, ආහාර පාන, සංචාරක, අධ්‍යාපන, තොරතුරු තාක්ෂණ, රථ වාහන, කෘෂිකාර්මික, වැවිලි වැනි ක්ෂේත්‍ර රැසක් පුරා විහිදී යන ලෙස සිය ව්‍යාපාර පුළුල් කර ඇත. Dearo Investment ප්‍රධාන විධායක නිලධාරි / කළමනාකරණ අධ්‍යක්ෂ ප්‍රසන්න සංජීව මහතා යටතේ එම සමාගම ක්ෂේත්‍රයේ ඉදිරියටම පැමිණ තිබේ. බැංකුකරණ සහ මූල්‍ය ක්ෂේත්‍රයේ වසර 15කට වැඩි අත්දැකීම් සහිත වෘත්තිකයෙකු වන ඔහු පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් අලෙවිකරණය පිළිබඳ ප්‍රථම සහ ශාස්ත්‍රපති උපාධි ලබා ඇත. එසේම ඔහු ණය කළමනාකරණය, බැංකුකරණය සහ මූල්‍ය පිළිබඳ ඩිප්ලෝමාදාරියෙක්ද වේ.

ප්‍රභාෂ් ගුණරත්න, උපුල් එදිරිසූරිය, තරිඳු ධනංජය සමරවික්‍රම, නෙරංජන් වර්ණසූරිය සහ මානව සම්පත් හා පරිපාලන විධායක අධ්‍යක්ෂ තිලිනි කල්හාරි ඒකනායක යන අනෙකුත් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෝ සමාගමේ අභිවෘද්ධිය උදෙසා ඔහුට සහාය වෙති.

Related articles

‘ණයානන්දය’ – සුරත් ද මෙල්

ජීවිතයේ සිව්වන දශකය යනු තාරුණ්‍යයේ උපරිමයත් මැදි වියේ එළිපත්තත් අතර සංක්‍රාන්ති සමයයි. ⁣මෙම අවධියේදී සමහරු විවාහ වී තෘප්තිමත්ව...

උසස් අධ්‍යාපන ආයතනවල හැංගිමුත්තන් සෙල්ලං බෑ – තොරතුරු අයිතිය තහවුරු කරමින් අභියාචනාධිකරණයෙන් තවත් තීන්දුවක් !

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නීති ප්‍රවේශ විභාගයට පෙනී සිටි සිසුවියකට ඇගේ ලකුණු කළ පිළිතුරු පත්‍රය පරීක්ෂා කිරීමට ලබා...

ත්‍රිකුණාමලය මහ රෝහලේ බිලිඳු මරණය : වැඩවර්ජන නිසා සේවය පැහැර හැර පෞද්ගලික රෝහලක සේවය කළ ත්‍රිකුණාමලය GMOA සභාපතිගේ වැඩ තහනම් !

රිකුණාමලය දිස්ත්‍රික් මහා රෝහලේ රාජකාරි වේලාව තුළ සේවය පැහැර හැර පෞද්ගලික රෝහලක සේවය කිරීම සහ රාජකාරියට වාර්තා කළ...

කපිල චන්ද්‍රසේන : මරණයේ හෙවනැලි සහ දූෂණයේ අවතාර !

කපිල චන්ද්‍රසේනගේ මරණය ආන්දෝලනාත්මක ය. එහිදී සිදු වූයේ කුමක්ද යන්න ඉදිරි විමර්ශනවලින් පසු තීරණය වනු ඇත. එතෙක් මරණ...