නීතිපතිගේ ලියුම් කරදහි කතා වස්තුව : ලසන්ත ඝාතන විමර්ශනවල අනාගතය කාගේ අතේ ද?

Share post:

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන සිදුවීම සම්බන්ධයෙන් කළ විමර්ශනවලදී අනාවරණය වූ තොරතුරු අනුව අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනකුට අදාළ ව තවදුරටත් නීතිය ක්‍රියාත්මක කිරීමට අදහස් නොකරන බවත්, ඔවුන් නිදහස් කළ හැකි බවත් නීතිපති පාරින්ද රණසිංහ විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට දැනුම් දෙයි.

පසුගිය ජනවාරි 27දා නීතිපතිවරයාගේ අත්සනින් යොමු කළ ලිපියක මේ බව සඳහන් වේ. මේ ලිපියේ ඇතුළත් කරුණු අදාළ නඩුව විභාග වන ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට වාර්තා කර, අධිකරණය මගින් ඒ සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග ලිපිය ලැබී දින 14ක් තුළ තමන්ට දැනුම් දෙන ලෙස ද එම ලිපියේ දැක්වේ.

මෙසේ නිදහස් කළ හැකි බවට නීතිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ ප්‍රේම් ආනන්ද උදලාගම, හෙට්ටිආරච්චිගේ දොන් තිස්සසිරි සුගතපාල සහ විතාරණ ආරච්චිගේ ප්‍රසන්න නානායක්කාර යන සැකකරුවන් ය.

යුද හමුදා බුද්ධි අංශයේ සාජන් මේජර්වරයකු වූ ප්‍රේම් ආනන්ද උදලාගම 2016 ජූලි 07 වැනි දින ගල්කිස්ස අතිරේක මහෙස්ත්‍රාත් ලෝචනා වීරසිංහ ඉදිරියේදී ලසන්ත වික්‍රමතුංගගේ රියදුරා විසින් හඳූනාගැනිණි. වික්‍රමතුංග ඝාතනයෙන් පසු නිහඬ ව සිටින ලෙස තරුජනය කිරීමට තමන් ව පැහැරගෙන යන ලද්දේ උදලාගම විසින් බවට එම රියදුරා අධිකරණයේදී පැවසීය.

හෙට්ටිආරච්චිගේ දොන් තිස්සසිරි සුගතපාල යනු එවකට ගල්කිස්ස පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ය. ඝාතනයෙන් පසු ලසන්ත වික්‍රමතුංගගේ වැදගත් සටහන් රැසක් සහිත සටහන් පොත ඔහු බාරයට ගෙන තිබිණි.

නිදහස් කළ හැකි බව දැනුම් දී ඇති අනෙක් චූදිතයා වන්නේ එවකට ගල්කිස්ස ප්‍රදේශය බාර ව සිටි නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර ය. ලසන්ත වික්‍රමතුංගගේ සටහන් පොත විනාශ කළ බවට චෝදනා එල්ල වී තිබෙන්නේ ඔහුට ය. කෙසේ වෙතත් පසුව එම සටහන් පොතේ ඡායා පිටපත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් සොයාගැනිණි. එම සටහන් අතර අවස්ථා රැසකදී තමන් ලුහුබැඳ පැමිණි යතුරු පැදිවල අංක ද වූ බව එම දෙපාර්තමේන්තුව මගින් අධිකරණයට වාර්තා කර තිබේ.

ගල්කිස්ස මහෙස්ත්‍රාත් චතුරිකා සිල්වා ඉදිරියේ ඊයේ නඩුව කැඳවූ අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ පොලිස් සැරයන් සිල්වා සහ එහි ස්ථානාධිපති ඉලංගසිංහ සමග සහකාර පොලිස් අධිකාරි කීර්තිසිංහ අධිකරණයේ පෙනීසිටිමින් වැඩිදුර කරුණු ඇතුළත් වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළහ. එහිදී සහකාර පොලිස් අධිකාරිවරයා මෙසේ ද සඳහන් කළේය.

‘සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීම සම්බන්ධයෙන් වන මෙම නඩුවේ සැකකරුවන් තිදෙනකු නිදහස් කරන ලෙස දැනුම් දෙමින් 2025 ජනවාරි 27 දිනැතිව ලිපියක් යොමු කළාග එම ලිපිය අද දින ඉදිරිපත් කරන වැඩිදුර වාර්තාව සමග ඇමුණුම 01 ලෙස සටහන් කරමින් ඉදිරිපත් කර තිබෙනවාග ඉන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම නඩුවට අදාල සියලු සාක්කිවල සහ සටහන්වල උදෘත නීතිපතිතුමා වෙත ඉදිරිපත් කළාග ඒ අනුව 2025 පෙබරවාරි 11 වැනිදා නීතිපති දෙපාර්තමේන්තුව නැවත ලිපියක් යොමු කරමින් දැනුම් දුන්නා පෙර සඳහන් කළ ලිපිය අනුව කටයුතු නොකරන ලෙසග එම දෙවැනි ලිපිය ඇමුණුම 2 ලෙස සටහන් කරමින් වැඩිදුර වාර්තාව සමග ඉදිරිපත් කරනවාග ඉන් පසු අද දිනයේ නීතිපති දෙපාර්තමේන්තුව තවත් වාර්තාවක් ඉදිරිපත් කළාග එම වාර්තාවේ සඳහන් වෙනවා අප විසින් ඉදිරිපත් කරන ලද ගොනු අධ්‍යයනය කිරීමෙන් පසු අදාළ උපදෙස් ලබා දෙන තෙක් නීතිපතිවරයාගේ ජනවාරි 27 මුදා හැරීමේ නියෝගය තාවකාලිකව අත්හිටුවන්න කියලාග එම තුන් වැනි වාර්තාව ඇමිණුම තුන ලෙස වැඩිදුර වාර්තාව සමග ඉදිරිපත් කරනවාග මේ වන විට මෙම විමර්ශනයට අදාළ ව සැකකරුවන් තිදෙනා සම්බන්ධයෙන් ඇති සාක්කි සහිත උදෘත නීතිපතිතුමා වෙත ලබාදී තිබෙනවාග ඒ අනුව එම සියලු දේවල් අධ්‍යයනය කර නීතිපති දෙපාර්තමේන්තුවෙන් ලැබෙන උපදෙස් දැනුම්දීමට සහ වැඩිදුර කරුණු දැනුම්දීම සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා.’

Related articles

2025 වසරේ නිර්මාණය වුනු හොඳම චිත්‍රපටයක් ලෙස Sentimental Value (2025) නම් කළ හැකියි

මෙම චිත්‍රපටය නැරඹීමට ප්‍රධාන හේතුවක් වූයේ අධ්‍යක්ෂක Joachim Trier සහ මෙහි ප්‍රධාන චරිතය රඟ දක්වන Renate Reinsve. Trier...

කතා කළ යුතු තැන සහ නැති තැන, හෙවත් වැඩසටහනක් මෙහෙයවන විදිය, ෂෆාක්ගෙන් ඉගෙනගන්න

පොතක ප්‍රධාන චරිතයට තමන්ගේ භූමිකාව හොඳින් කරගෙන යන්න දායක වන, අප්‍රධාන, සුළු සහ සෙසු චරිත ගැන කවදත් මගේ...

නතාෂා : ඊයේ සහ අද !

2023 ජූලි මාසයේදී දේවගැතිවරයකු ලෙස හඳුන්වාගන්නා ජෙරොම් ප්‍රනාන්දු සිංගප්පූරුවේ සිට එක්සත් රාජධානිය බලා පිටත්ව ගොස් තිබිණි. ඔහු මෙසේ එක්සත්...

කාබුල්හි අරුම කතන්දර කියන්නා; කාබුල් දස්තාන්

පොඩිහිටියාගේ සිට වැඩිහිටියා බවට එළඹුණු හැරවුම් කාලයේ දි, මාමා කෙනෙක් මට පොතක් ගෙනැවිත් දෙනවා. එහි නම, 'ලේ හුරු...