නිමිත්ත – චම්මින්ද වෙලගෙදර; නවතම කෘතිය ‘ස්වප්නේශ්වර’; ජනවාරි 28 ; මහවැලි කේන්ද්‍රයේ දී ;

Share post:

මට මතක හැටියට 1987 දී සුගතපාල ද සිල්වාගේ ‘මරාසාද්‘ පරිවර්තන නාට්‍ය කෘතිය පිළිබද පළමු විචාරය දිවයින පත්තරේට ලියුවේ ඔහු ය.

බැංකුවක ලෙජර්, වවුුචර, ගිණුම්, අතර සිිරගතව සිටිය ද ඔහු නවකතාවට, කෙටිකතාවට හා කවියට ඇති සාහිත කාමය අත්හළේ නැත. චම්මින්ද වෙලගෙදර ලේඛන කලාවට හුරුවෙන්නේ ඇත්ත පත්තරෙන් කවියට පෙම් බඳිමිනි.
සම්මානනීය ලේඛිකා සුමිත්‍රා රාහුබද්ධ කියන්නී ගම ගැන අවංකවම කියවන්නට නම්, චම්මින්ද වෙලගෙදර ගේ පොත් කියවන ලෙසයි.

චම්මින්ද වෙළගෙදර උසස් අධ්‍යාපනයට හා රස්සාවට අගනුවරට ආ ගැමියෙකි. අකුරු කරන්නට ගම අතහැර ආව ද ඔහු ගම අත්හළේ ද නැත. ඔහු ගමේ ,කෙතේ, ඇළේ දොළේ කතා ලියන්නේ රූප මවාගෙන නොවේ. ඒවා සමග ජීවත්ව ලද අත්දැකීම් වලින් අපගේ සිත්වල රූප මවමිනි.

ඔහු Messenger සහ Facebook හරහා ද අපට එවන ගැමි වහර මුසු දිගු කාව්‍යමය පයිණ්ඩයන්ගෙන් ද පළ කරන්නේ ඒ බවයි.

‘‘…………………………………ඉස්සර යක්කු හිටියලු. දෙය්යෝ හිටියලු. ශක්රයා මිනිස් ලොවට ඇවිත් අසරණ මිනිසුන්ට පිහිට උනාළු. ඉස්සර යක්කුන්ට දෙවියන්ට මේ තරම් පුදපූජා කරපු බවක් පේන්නට නෑ. වැදි ඇත්තන් නෑ යකුන් පිදුවා හැර. හැබැයි ගමරාළලත් හිටියා යක්කුන්ට කටු ගහපු. නිකන්ම නොවෙයි ඔවුන් ගෙන්වගෙන ගෙදර වැඩ ගත්තු.

ඉස්සර එහෙම උනාට අද බුදු හාමුදුරුවෝ දේශනා කළාටත් වඩා බලිබිලි දෙනවා අපේ ඇත්තෝ. ඒ කරන දේවල හැටි බලපුවම යක්කු වැහි වැහැලා. කොටින්ම කීවොත් යක්කුන්ගෙයි මිනිස්සුන්ගෙයි වෙනසක් නැති තරමට ඔවුන්ට සැලකුම්. ඉස්තරම් කෑම, මත්පැන් , මස්මාළු,ගංජා වලින් තමයි යහන් ගොටු පුරවන්නේ. ඒ නිසා යක්කු වැඩි වෙලාද මිනිස්සු යක්කු වෙලාද කියල අද ගැඹුරින් හිතන්න වෙලා…………………………“

මුදිතා ගුණය, ළතෙත්බව උතුරන මේ පයිණ්ඩයන්ට ප්රතිචාර නොදැක්වුයේ නම් හිත රිදවාගන්නට තරම් ඔහු සංවේදී මිනිසෙකි.

නවකතාව සිිය ප්රකාශන මාධ්‍යය කරගත් ඔහු” යාය තුන” මගින් මහවැලිය හරහා මෙරට අතර මං වූ සමාජ සංස්කෘතිය මෙන්ම අප්‍රේල් නැගිටීම හා සිය අත් දැකීම් අපට කියා දෙයි.
ඔහුගේ ” සත් පුරුෂ” මෙරට බද්ධ නොවූ වාමාංශික ව්‍යාපාරයේ මානුෂිකත්වය හා පරස්පරතා ගැන කතා කරයි. ඔහු සිය ” කාල අග්නි” ලියන්නේ 28 වසරක ශාපලත් යුද්ධයක මිනිස්කම සොයා යමිනි.

“සක්කාරං” නුවර පෙරහැර සමග ඇඳී බැඳී ගිය කුලවාදය,ආර්ථික හා ලිංගික සූරාකෑම ඔස්සේ සන්නද්ධ වීමට මෝදුව එන තාරුණ්‍ය ගැන අපට කියයි. එය සිනමාවකට මෙන් ම ටෙලියකට ද පරිවර්තනය වුව ද ටෙලිය ගැන සපුරා සතුටු වූ යේ නැත.

“සන්තිපරං” යනු බ්‍රිතාන්‍ය හා ඊටපසු සියලු පාලනයන් විසින් නොසලකා හරින ලද උතුරු මැද පළාතේ පොළොව හා ජලය අතර හුදෙකලා වන අරගලයයි. එහිදී ඔහු එදවස එම ප්‍රත්‍යන්ත දේශයේ පැවති භාෂාව පිළිබඳ ඉතා ගැඹුරු සොයා බැලීමක් කරයි. ඔහුගේ නවකතා කරණයේ විශේෂත්වය වෙන්නේ ඒවා දිගු කාලීන පර්‍යේෂණයන්හි සාධුතර ඵලයන් වීමයි. එහි තවත් අග්‍රඵලයක් ලෙසින් දැනට වසර කීපයකට පෙර ඔහු අපට දුන් “සන්තිපරං” සැලකිය හැකිය.

චම්මින්ද මුලින් 60 දශකයේ පාඨකයා අතරට එන්නේ කවියෙකු ලෙසින් වුවත් ඔහු කෙටිකතාවේ පෑ නිර්මාණශීලිත්වය ඔහුගේ “නෙතට කඳුළක්” , “ආවා යහපතැයැ ” හා “නාගයා අවදියෙනි ” මගින් පෙනේ.

මට මතක් වෙන්නේ ඔහුගේ “සක්කාරං” කෘතිය එළිදක්වන මොහොතේ දී කතා කළ දිවංගත ආචාර්ය එඩ්වින් ආරියදාසයන් කියූ වදනකි. “අපේ චම්මින්ද පළමු පංතියේ ප්‍රවේශ පත්‍රයක් අතේ තබා ගෙන තුන්වන කැලෑසියේ ගමන් කරන්නෙකි.”

මෙලෙස නිරන්තරයෙන් සිය සමාජය විනිිවිද කියවන සම්මානනීය ගත්කරු චම්මින්ද වෙලගෙදර විසින් රචිත නවතම කෘතිය ‘ස්වප්නේශ්වර’ ජනවාරි 28 වැනි දා දොරට වඩී. ඒ මහවැලි කේන්ද්‍රයේ දී ය. පස්වරු 2. 30 ට පමණ ස්වප්නේශ්වර නවකතාව එළිදැක්වීමේ උලෙළ ඇරැඹ‍ෙන්නට නියමිත ය.

‘ස්වප්නේශ්වර’ සුරස ප්‍රකාශනයකි.

පුෂ්කර වන්නිආරච්චි

Related articles

‘ඔස්ට්‍රියානු සංස්කෘතික භීතිකාව නොහොත් ආගමික මිථ්‍යාවෙන් සියදිවි නසා ගැනීම’ – ‘The Devil’s Bath’

උදෑසනම රූස්ස ගස් පිරි මහා වනයේ නිහඬතාවය කපාගෙන යන පුංචි බිළින්දෙකුගේ නොනවත්වා හැඬිමක්. හඬන බිළින්දා ඇකයට ගන්නා මව...

එය කැම්පේන් පාරකි නව මගක ගිය – රසිකාගාරයට හඳයා නොමැත ණය

කඩමින් කලාවේ හැකි උපරිම සීමාආවා වගේ අරගෙන එක එක තේමාආරංචියකි වඩවන ප්‍රීතිය බෝමාපායයි රිදී තිරයෙහි යළි හඳ මාමා සිනමා...

එක පෑන් පහරින් ට්‍රම්ප් ක්‍රියාත්මක කළ මුල්ම නියෝග

ඇමෙරිකාවේ 47 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් තේරීපත් වුණා.එහිදී ඔහු පළමු රාජකාරිය ලෙස, වැඩ භාරගත් පළමු මොහොතේම...

නාමල්ට ඇප දුන්නු ගමන් ඉවත් කරගත් අල්ලස් නඩුව මතකද? : රුපියල් මිලියන 450ක ක්‍රිෂ් ගනුදෙනුව ගැන අල්ලස් කොමිසම නව විමර්ශනයක් අරඹයි !

ඉන්දියාවේ අමිත් කට්‍යාල්ගේ අත්අඩංගුවට ගැනීම ලංකාවේ මාධ්‍යවලට ද ප්‍රවෘත්තියක් විය. අමිත් කට්‍යාල් යනු ලංකාවට සෘජු ව සම්බන්ධ වූ...