අධිකරණ අපහාස චෝදනාවට සැප්. 25 සිට රිමාන්ඩ් එකේ ඉන්න ආගමන විගමන පාලක ඇප ඉල්ලයි !

Share post:

ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටියගේ ඇප ඉල්ලීමක් සලකා බැලීම ලබන 27 වැනිදා සිදුකරන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ආගමන විගමන පාලකවරයා වෙනුවෙන් ඔහුගේ නීතිඥවරු අද (22) මේ ඉල්ලීම කළහ. එහිදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල තීරණය කළේ 27 වැනිදා ඒ ඉල්ලීම සලකා බැලීමට ය.

විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රමය අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් අතුරු තහනම් නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැරහැරීමෙන් අධිකරණයට අපහාස කිරීම පිළිබඳව ආගමන විගමන පාලකවරයාට චෝදනා එල්ල වී තිබේ.

2024 සැප්තැම්බර් 25 වැනිදා ආගමන විගමන පාලකවරයා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. විද්‍යුත් වීසා ක්‍රමය පිළිබඳ මේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කර තිබුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්.ඒ. සුමන්තිරන්, රාවුෆ් හකීම් සහ පාඨලී චම්පික රණවක විසිනි.

Related articles

‘මල් නොරඳන තුරු’ – චාරුණ්‍යා දෙහිගම

අපේ සමාජය මුලින්ම මාතෘමූලික එකක් කියල ඉතිහාසඥයන් පවසනවා. ඒ මාතෘමූලික සමාජය කාලයත් එක්ක පීතෘමූලික බවට පත්වෙනවා. සමාජය පීතෘමූලික...

ලිංගික අධ්‍යාපනය (Sex Education) දරුවන්ට පමණක් නොව වැඩිහිටියන්ටද ලබා දිය යුතුයි !!

Sex Education ඕනෙද ,එපාද ? ඒ මිනිහා දුවගෙ ඇඟ අතගාලා තිබ්බට යටිකය අතගාලා තිබ්බෙ නැහැ මිස් , යටිකය අතාගාලා...

සිනමාව – සංගීතය හා චිත්‍රපට තේමා සංගීතය !

සිනමාව ( A Cinama ) යනු බොහෝ කලා මාධ්‍යයන් එනම්, සංගීතය - චිත්‍රය - නර්ථනය , නාට්‍ය හා...

සිවිල් වැසියන් 1,400කට ආසන්න පිරිසක් ඝාතනය වෙලා – අණදීම සහ සැලසුම් කිරීම, හසීනාට මරණ දඬුවම

බංගලාදේශයේ හිටපු අගමැතිනිය ශේක් හසීනාට මරණ දඬුවම නියෝග කරන්න එරට අන්තර්ජාතික අපරාධ විනිශ්චය සභාව අද(17) තීරණය කළා. ඒ...