අධිකරණ අපහාස චෝදනාවට සැප්. 25 සිට රිමාන්ඩ් එකේ ඉන්න ආගමන විගමන පාලක ඇප ඉල්ලයි !

Share post:

ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටියගේ ඇප ඉල්ලීමක් සලකා බැලීම ලබන 27 වැනිදා සිදුකරන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ආගමන විගමන පාලකවරයා වෙනුවෙන් ඔහුගේ නීතිඥවරු අද (22) මේ ඉල්ලීම කළහ. එහිදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල තීරණය කළේ 27 වැනිදා ඒ ඉල්ලීම සලකා බැලීමට ය.

විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රමය අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් අතුරු තහනම් නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැරහැරීමෙන් අධිකරණයට අපහාස කිරීම පිළිබඳව ආගමන විගමන පාලකවරයාට චෝදනා එල්ල වී තිබේ.

2024 සැප්තැම්බර් 25 වැනිදා ආගමන විගමන පාලකවරයා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. විද්‍යුත් වීසා ක්‍රමය පිළිබඳ මේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කර තිබුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්.ඒ. සුමන්තිරන්, රාවුෆ් හකීම් සහ පාඨලී චම්පික රණවක විසිනි.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...