බල්ලෝ අනිති. මීහරක් බුරති. නරියෝ සිනාසෙති. සිංහයෝ බලා හිඳිති – ඝාතනය කරන ලද මාධ්‍යවේදී රිචඩ් ද සොයිසා සහ ඇමැති විජිත !

Share post:

අද (06) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක විජිත හේරත් ඇමැතිවරයා මේ ප්‍රකාශය යළිත් මතක් කළේය.

1990 පෙබරවාරි 18 වැනිදා අලුයම 3.30ට රිචඩ් ද සොයිසා සහ ඔහුගේ මව ජීවත් වූ වැලිකඩවත්ත නිවාස සංකීරණයේ නිවසට 32 ශ්‍රී 4748 දරන ලියාපදිංචි අංකය සහිත කොළ පැහැති ජීප් රථයකින් කඩාවැදුණු සන්නද්ධ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් ඔහු ව පැහැරගන්නා ලදි.

රිචඩ්ගේ පැහැරගැනීම සම්බන්ධයෙන් ඔහුගේ මව වන ආචාර්ය මනෝරානි සරවනමුත්තු විසින් එදින ම අලුයම 4.15ට පමණ වැලිකඩ පොලිසියේ පැමිණිල්ලක් ගොනු කර තිබිණි. පැහැරගැනීම ඇසින් දුටු සාක්ෂි 07කි.

රිචඩ්ගේ ඝාතනයේ ප්‍රධාන විත්තිකරු වූ රොනී ගුණසිංහ ඇතුළු අපරාධ චූදිතයන් එවකට ආරක්ෂක ඇමැති රංජන් විජේරක්න විසින් ප්‍රසිද්ධියේ ආරක්ෂා කෙරිණි.

වසර 15ක් තිස්සේ විභාග වූ රිචඩ් ද සොයිසා ඝාතන නඩුවේ අවසන් තීන්දුව 2005 ඔක්තෝබර් 09 වැනි දින ප්‍රකාශයට පත්කෙරිණි. තීන්දුවට අනුව අපරාධයේ සියලු විත්තිකරුවන් නිදොස් කොට නිදහස් ය. තීන්දුවේ සඳහන් වුයේ සාක්ෂිකරුවන්ගේ සාක්ෂි පරස්පර විරෝධී බැවින් විත්තිකරුවන්ට එරහිව ගොනුකොට තිබු චෝදනා ඔප්පු වී නොමැති බවයි. ඒ වනවිටත් රිචඩ්ගේ මව ඇතුළු සාක්ෂිකරුවන් කිහිපදෙනකු මියගොස් තිබිණි.

රිචඩ්ගේ මව විසින් හඳුනාගෙන තිබූ ආකාරයට ඔහු ව පැහැරගැනීමට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොනී ගුණසිංහ, පොලිස් පරීක්ෂක ලාල් ක්‍රිෂාන්ත ධර්මසිරි පැමිණ තිබිණි. රොනී ගුණසිංහ මියගියේ රණසිංහ ප්‍රේමදාස ඝාතනය කෙරුණු බෝම්බයෙනි. පසුව අනාවරණය වූ ආකාරයට රිචඩ් ඝාතනයට පොලිස්‌ පරීක්‌ෂක එම්.ජී.ජී. දේවසුරේන්ද්‍ර, පොලිස්‌ සැරයන් වෙඩික්‌කාරගේ සරත්චන්ද්‍ර සම්බන්ධ වී ඇත.

මෑත කාලීන ඝාතන රැසක විමර්ශන සහ නඩු ක්‍රියාත්මක වේ. අධිකරණය මගින් අපරාධයක් බවට නිගමනය කොට, ඊට වගකිවයුත්තන් අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කර තිබියදීත් පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගැනීමෙන් පසු ඝාතනය කෙරුණු ඉන්දිකගේ ඝාතනයේ චූදිතයන් අත්අඩංගුවට ගෙන නැත. එම පරීක්ෂණ ඉදිරියට ගෙන නොයෑමට නීතිපති දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. එහිදී සිද්ධියේ මරණ පරීක්ෂණය නොසලකා හැර ඇති බව පැහැදිලිව පෙනෙන්නට ඇත.

රොනී ගුණසිංහලාට ලැබුණු දණ්ඩ මුක්තිය, පොලිස් විශේෂ කාර්ය බලකාය ඇතුළු අනෙක් සියලු ලයිෂන් අපරාධ චූදිතයන්ට ලැබෙන්නට ඉඩ දිය යුතුද? නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කොට අපරාධ රාජ්‍යයක අත්තනෝමතික ගමන වළක්වාලීමේ වගකීම ආණ්ඩුවට ඇත.

Related articles

බලය වෙනුවෙන් කළ තවත් අපරාධයක අවසානය : වඳ චෝදනාවෙන් වෛද්‍ය සාෆි නිදහස් !

සිසේරියන් සැත්කම් කිරීමේදී නැවත දරු උපතක් සිදුවිය නොහැකි ලෙස මව්වරුන් වඳභාවයට පත්කරන බවට ඇතැම් පාර්ශ්ව විසින් චෝදනා කරනු...

පිරිමින්ට එරෙහි කාන්තාවන්ගේ සටන

ඇමෙරිකානු ජනාධිපතිවරණය සහ පීනට් නම් සුරතල් ලේනෙකු ඊට බලපෑ තිබෙන ආකාරය පිළිබඳව මම ඊයේ ලිව්වා.නමුත් ඇතැමෙකුට එය අවබෝධ...

‘සීනි මුරුක්කු’ – කසුන් මහේන්ද්‍ර හීනටිගල

ලාංකීය දේශපාලන ඉතිහාසයේ මෑත භාගය වෙසෙසින්ම හැත්තෑ හතෙන් පසු කාලය යනු රටෙහි එතෙක් පැවති අර්ථක්‍රමය මුළුමනින්ම වෙනස් මගකට...

රුක්මල් නිරෝෂ්ගේ ‘අවාලූ පැහැ වලාකුලක්’ සහ ඉලංගෝ රාම් ගේ ‘නෙළුම් කුළුණ’

දෙරණ සිනමා සම්මාන උළෙලට සමාන්තරව පැවැත්වුණු Cinema of Tomorrow වැඩසටහන තුල තිරගත කෙරුණු චිත්‍රපට හතරෙන් දෙකක් නැරඹීමේ අවස්ථාව...