බල්ලෝ අනිති. මීහරක් බුරති. නරියෝ සිනාසෙති. සිංහයෝ බලා හිඳිති – ඝාතනය කරන ලද මාධ්‍යවේදී රිචඩ් ද සොයිසා සහ ඇමැති විජිත !

Share post:

අද (06) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක විජිත හේරත් ඇමැතිවරයා මේ ප්‍රකාශය යළිත් මතක් කළේය.

1990 පෙබරවාරි 18 වැනිදා අලුයම 3.30ට රිචඩ් ද සොයිසා සහ ඔහුගේ මව ජීවත් වූ වැලිකඩවත්ත නිවාස සංකීරණයේ නිවසට 32 ශ්‍රී 4748 දරන ලියාපදිංචි අංකය සහිත කොළ පැහැති ජීප් රථයකින් කඩාවැදුණු සන්නද්ධ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් ඔහු ව පැහැරගන්නා ලදි.

රිචඩ්ගේ පැහැරගැනීම සම්බන්ධයෙන් ඔහුගේ මව වන ආචාර්ය මනෝරානි සරවනමුත්තු විසින් එදින ම අලුයම 4.15ට පමණ වැලිකඩ පොලිසියේ පැමිණිල්ලක් ගොනු කර තිබිණි. පැහැරගැනීම ඇසින් දුටු සාක්ෂි 07කි.

රිචඩ්ගේ ඝාතනයේ ප්‍රධාන විත්තිකරු වූ රොනී ගුණසිංහ ඇතුළු අපරාධ චූදිතයන් එවකට ආරක්ෂක ඇමැති රංජන් විජේරක්න විසින් ප්‍රසිද්ධියේ ආරක්ෂා කෙරිණි.

වසර 15ක් තිස්සේ විභාග වූ රිචඩ් ද සොයිසා ඝාතන නඩුවේ අවසන් තීන්දුව 2005 ඔක්තෝබර් 09 වැනි දින ප්‍රකාශයට පත්කෙරිණි. තීන්දුවට අනුව අපරාධයේ සියලු විත්තිකරුවන් නිදොස් කොට නිදහස් ය. තීන්දුවේ සඳහන් වුයේ සාක්ෂිකරුවන්ගේ සාක්ෂි පරස්පර විරෝධී බැවින් විත්තිකරුවන්ට එරහිව ගොනුකොට තිබු චෝදනා ඔප්පු වී නොමැති බවයි. ඒ වනවිටත් රිචඩ්ගේ මව ඇතුළු සාක්ෂිකරුවන් කිහිපදෙනකු මියගොස් තිබිණි.

රිචඩ්ගේ මව විසින් හඳුනාගෙන තිබූ ආකාරයට ඔහු ව පැහැරගැනීමට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොනී ගුණසිංහ, පොලිස් පරීක්ෂක ලාල් ක්‍රිෂාන්ත ධර්මසිරි පැමිණ තිබිණි. රොනී ගුණසිංහ මියගියේ රණසිංහ ප්‍රේමදාස ඝාතනය කෙරුණු බෝම්බයෙනි. පසුව අනාවරණය වූ ආකාරයට රිචඩ් ඝාතනයට පොලිස්‌ පරීක්‌ෂක එම්.ජී.ජී. දේවසුරේන්ද්‍ර, පොලිස්‌ සැරයන් වෙඩික්‌කාරගේ සරත්චන්ද්‍ර සම්බන්ධ වී ඇත.

මෑත කාලීන ඝාතන රැසක විමර්ශන සහ නඩු ක්‍රියාත්මක වේ. අධිකරණය මගින් අපරාධයක් බවට නිගමනය කොට, ඊට වගකිවයුත්තන් අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කර තිබියදීත් පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගැනීමෙන් පසු ඝාතනය කෙරුණු ඉන්දිකගේ ඝාතනයේ චූදිතයන් අත්අඩංගුවට ගෙන නැත. එම පරීක්ෂණ ඉදිරියට ගෙන නොයෑමට නීතිපති දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. එහිදී සිද්ධියේ මරණ පරීක්ෂණය නොසලකා හැර ඇති බව පැහැදිලිව පෙනෙන්නට ඇත.

රොනී ගුණසිංහලාට ලැබුණු දණ්ඩ මුක්තිය, පොලිස් විශේෂ කාර්ය බලකාය ඇතුළු අනෙක් සියලු ලයිෂන් අපරාධ චූදිතයන්ට ලැබෙන්නට ඉඩ දිය යුතුද? නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කොට අපරාධ රාජ්‍යයක අත්තනෝමතික ගමන වළක්වාලීමේ වගකීම ආණ්ඩුවට ඇත.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...