රන්සුනු ගෙන එන්නී – ඇය සුමුදු නම් වන්නී

Share post:

සති කිහිපයකට පෙර මා සුමුදු චතුරානි ජයවර්ධන සොයුරිය ඇමතුවෙ මගේ අනාගත කටයුත්තක් පිළිබඳ කිසියම් අදහසක් ගන්නට. මගේ ඒ අහඹු තෝරාගැනීම කෙතරම් නිවැරැදිදැයි හැඟුණේ ඇ විසින් මෑතක දී ප්‍රකාශයට පත්කළ ‘රන්සුනු’ නිර්මාණාත්මක රචනය පිළිබඳ සිතිවිලි නමැති මාහැඟි, බරසාර කෘතිය කියවන විටයි.

රන්සුනු යනු යමක් රහට ලියන්නට, කියවන්නට කැමැති රස සොයන පාඨක ලේඛක දෙපාර්ශවයටම අතිශයින් වටිනා අත්පොතක්. ඒ නිසා ම එය ඒ කවුරුත් කියැවිය යුතු අත්පොතක්. ශ්‍රී ලංකාවේ සාහිත්‍ය කතිකාව පුළුල් කිරීමේ කාර්ය භාරය වෙනුවෙන් පසුගිය දසක දෙකක පමණ කාලයක් පුවත්පත් සාහිත අතිරේක සංස්කාරිකාවක, විචාරිකාවක, රූපවාහිනී පූරකවරියක සහ සිළුමිණ පුවත්පතේ නියෝජ්‍ය කර්තෘවරිය ලෙස කටයුතු කිරීමෙන් ඇය ලත් පරිචය මේ කෘතියේ සවිමත් පදනමයි.

රන්සුනු කෘතිය, 1. කියැවීම් පිළිබඳ සිතිවිලි 2. හැදෑරීම් පිළිබඳ සිතිවිලි 3. ලිවීම් පිළිබඳ සිතිවිලි යනුවෙන් කොටස් තුනකින් යුක්තයි. මේ සඳහා කරුණු ගොනු කිරීමට ඉතා වටිනා දේශීය මෙන් ම විදේශීය සාහිත්‍ය සහ විචාර ග්‍රන්ථ 64ක් පරිශීලනය කරමින්, ඒවායේ ‘රන්සුනු’ එක්රැස් කිරීමට ගෙන ඇති මේ වෙහෙසකර උත්සාහය අතිශයින් ප්‍රශංසනීයයි.

පළමු සහ දෙවනකොටස්වල දී කියැවීම සහ හැදෑරීම පිළිබඳවත් තෙවන කොටස සාහිත්‍යකරණයට එළැඹෙන නවකයන් අවධානය යොමුකළ යුතු ලිවීම් කලාව පිළිබඳවත් ඇය අපේ අවධානය යොමු කරවයි. කතුවරිය මෙහිදී දිගින් දිගටම පෙන්වා දෙන්නේ රචනයෙහි මූලික තාක්ෂණික මෙවලම වන භාෂාව, දෘෂ්ටි කෝණය සහ චරිත නිර්මාණය වැනි කරුණු දිගට ම හැදෑරිය යුතු බවයි. සාහිත්‍යකරණය යනු පෙර පින් මහිමයෙන් හා ප්‍රවීණයන්ට පමණක් යොමුවිය හැකි කාරියක් ය කරුණ මෙහිදී නිශේධනය කරන්නේ උනන්දුවෙන් මේ විෂය හදාරන ඕනෑ ම අයෙකුට සාහිත්‍යකරුවෙකු විය හැකි බව නොකියා කියමින්. මේ සෑම පැහැදිලි කීරීමක් සඳහා ම අතිශයින් ගැලපෙන උදෘතයන් ඉතා වටිනා ග්‍රන්ථ ඇසුරෙන් ඉදිරීපත් කිරිම අප්‍රමාණ අයාසකර කයුත්තක් වූවාට සැකයක් නැහැ.

ඒ වෙහෙසකර ආයාසය තව මඳක් අක්ෂර වින්‍යාසය කෙරෙහිත් යොමු කළා නම් වටිනවා.
ඉතා ඉක්මනින් මේ දුලබ, බරසාර ග්‍රන්ථය විශ්වවිද්‍යාල මෙන් ම උසස් අධ්‍යාපන ආයතන සහ පාසල්වල සාහිත්‍ය හදාරණ විද්‍යාර්ථින්ට නිර්දිශ්ට ග්‍රන්ථයක් වනු දැකීමට කැමැතියි. වගකිවයුත්තන්ගේ අවධානය ඒ සඳහා යොමුවේවා.
සුමුදු, ඔබට මේ මහා කාර්යය වෙනුවෙන් මගේ කෘතඥපූර්වක ස්තූතිය පිරිනමන්නේ ගෞරවයෙන්.
සාහිතලෝලියෝ නොපමාව රන්සුනු කියවත්වා…

(SWAN BOOKS ප්‍රකාශනයක්)

පුෂ්කර වන්නිආරච්චි

Related articles

පාස්කු විමර්ශන ගැන කතා කරන එක කොන්ත්‍රාත් එකක් ද? : අපි ඕනෙ කෙනකුට විවෘතයි ! – මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන

ඇත්තටම ඇයි පාස්කු ප්‍රහාරයට අදාළ තොරතුරු හොයන්න ඔච්චර මහන්සි වෙන්නෙ, කෙනෙකුට කියන්න පුළුවන් මේක කොන්ත්‍රාත් එකක් කියලා, සමාජ මාධ්‍යවල ඇතැම්...

රාජපක්ෂලාගෙන් පොරොන්දු ගෙන නීතිය සමග සෙල්ලම් කළ පිල්ලෙයාන් !

නැගෙනහිර පළාතේ ප්‍රදේශ කිහිපයක සිදුවූ ඝාතන 5ක් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව අත්අඩංගුවේ සිටින හිටපු රාජ්‍ය ඇමැති ශිවනේසතුරෙයි...

කොළඹ මහ නගර සභාවේ වංචා හා දූෂණ සොයන කොමිසමේ කාලය දික් කරයි !

කොළඹ මහ නගර සභාවේ සිදුවී ඇතැයි කියනු ලබන දූෂණ, වංචා හා අවභාවිතයන් පිළිබඳ සොයා බලා වාර්තා කිරීම සඳහා...

භික්ෂු හැඳුනුම්පත දෙනකොට නඩු ගැන බලන්න විදිහක් නෑ – බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව

භික්ෂූන් වහන්සේලාට භික්ෂු හැඳුනුම්පත නිකුත් කිරීමේදී උන් වහන්සේලාට එරෙහිව පවතින අධිකරණ කටයුතු සම්බන්ධයෙන් කිසිදු අවධානයක් යොමු නොකරන බව...