රන්සුනු ගෙන එන්නී – ඇය සුමුදු නම් වන්නී

Share post:

සති කිහිපයකට පෙර මා සුමුදු චතුරානි ජයවර්ධන සොයුරිය ඇමතුවෙ මගේ අනාගත කටයුත්තක් පිළිබඳ කිසියම් අදහසක් ගන්නට. මගේ ඒ අහඹු තෝරාගැනීම කෙතරම් නිවැරැදිදැයි හැඟුණේ ඇ විසින් මෑතක දී ප්‍රකාශයට පත්කළ ‘රන්සුනු’ නිර්මාණාත්මක රචනය පිළිබඳ සිතිවිලි නමැති මාහැඟි, බරසාර කෘතිය කියවන විටයි.

රන්සුනු යනු යමක් රහට ලියන්නට, කියවන්නට කැමැති රස සොයන පාඨක ලේඛක දෙපාර්ශවයටම අතිශයින් වටිනා අත්පොතක්. ඒ නිසා ම එය ඒ කවුරුත් කියැවිය යුතු අත්පොතක්. ශ්‍රී ලංකාවේ සාහිත්‍ය කතිකාව පුළුල් කිරීමේ කාර්ය භාරය වෙනුවෙන් පසුගිය දසක දෙකක පමණ කාලයක් පුවත්පත් සාහිත අතිරේක සංස්කාරිකාවක, විචාරිකාවක, රූපවාහිනී පූරකවරියක සහ සිළුමිණ පුවත්පතේ නියෝජ්‍ය කර්තෘවරිය ලෙස කටයුතු කිරීමෙන් ඇය ලත් පරිචය මේ කෘතියේ සවිමත් පදනමයි.

රන්සුනු කෘතිය, 1. කියැවීම් පිළිබඳ සිතිවිලි 2. හැදෑරීම් පිළිබඳ සිතිවිලි 3. ලිවීම් පිළිබඳ සිතිවිලි යනුවෙන් කොටස් තුනකින් යුක්තයි. මේ සඳහා කරුණු ගොනු කිරීමට ඉතා වටිනා දේශීය මෙන් ම විදේශීය සාහිත්‍ය සහ විචාර ග්‍රන්ථ 64ක් පරිශීලනය කරමින්, ඒවායේ ‘රන්සුනු’ එක්රැස් කිරීමට ගෙන ඇති මේ වෙහෙසකර උත්සාහය අතිශයින් ප්‍රශංසනීයයි.

පළමු සහ දෙවනකොටස්වල දී කියැවීම සහ හැදෑරීම පිළිබඳවත් තෙවන කොටස සාහිත්‍යකරණයට එළැඹෙන නවකයන් අවධානය යොමුකළ යුතු ලිවීම් කලාව පිළිබඳවත් ඇය අපේ අවධානය යොමු කරවයි. කතුවරිය මෙහිදී දිගින් දිගටම පෙන්වා දෙන්නේ රචනයෙහි මූලික තාක්ෂණික මෙවලම වන භාෂාව, දෘෂ්ටි කෝණය සහ චරිත නිර්මාණය වැනි කරුණු දිගට ම හැදෑරිය යුතු බවයි. සාහිත්‍යකරණය යනු පෙර පින් මහිමයෙන් හා ප්‍රවීණයන්ට පමණක් යොමුවිය හැකි කාරියක් ය කරුණ මෙහිදී නිශේධනය කරන්නේ උනන්දුවෙන් මේ විෂය හදාරන ඕනෑ ම අයෙකුට සාහිත්‍යකරුවෙකු විය හැකි බව නොකියා කියමින්. මේ සෑම පැහැදිලි කීරීමක් සඳහා ම අතිශයින් ගැලපෙන උදෘතයන් ඉතා වටිනා ග්‍රන්ථ ඇසුරෙන් ඉදිරීපත් කිරිම අප්‍රමාණ අයාසකර කයුත්තක් වූවාට සැකයක් නැහැ.

ඒ වෙහෙසකර ආයාසය තව මඳක් අක්ෂර වින්‍යාසය කෙරෙහිත් යොමු කළා නම් වටිනවා.
ඉතා ඉක්මනින් මේ දුලබ, බරසාර ග්‍රන්ථය විශ්වවිද්‍යාල මෙන් ම උසස් අධ්‍යාපන ආයතන සහ පාසල්වල සාහිත්‍ය හදාරණ විද්‍යාර්ථින්ට නිර්දිශ්ට ග්‍රන්ථයක් වනු දැකීමට කැමැතියි. වගකිවයුත්තන්ගේ අවධානය ඒ සඳහා යොමුවේවා.
සුමුදු, ඔබට මේ මහා කාර්යය වෙනුවෙන් මගේ කෘතඥපූර්වක ස්තූතිය පිරිනමන්නේ ගෞරවයෙන්.
සාහිතලෝලියෝ නොපමාව රන්සුනු කියවත්වා…

(SWAN BOOKS ප්‍රකාශනයක්)

පුෂ්කර වන්නිආරච්චි

Related articles

වසර 28ක් පුරා එකම නගරයක, එකම පවුලක සාමාජිකයන් බෙදා වෙන්කළ බර්ලින් තාප්පය

දෙවන ලෝක යුද්ධය නිල වශයෙන් අවසන් වන්නේ 1945 මැයි 8 වෙනිදා. ජයග්‍රහණය කරන මිත්‍ර පාර්ශ්වය වන්නේ සෝවියට් රුසියාව.....

කොක්අඩිචෝලෙයි : වසර 38ක් තිස්සේ යුක්තිය අහිමි සමූහ ඝාතනයක් !

කුඩා දරුවන් ඇතුළු නිරායුධ දෙමළ වැසියන් සිය ගණනක් මරා දැමූ බවට ආරක්ෂක අංශ වෙත චෝදනා එල්ල වී තිබෙන...

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට රනිල් අනීතිකව දුන් අක්කර 5ක් ආපසු ගනී : අපියි කිව්වෙ ගන්න කියලා – සංගමයේ ලේකම්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නිවාඩු නිකේතනයක් ඉදිකිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට බදු පදනම යටතේ ලබා දී...

නාට්‍ය කලාවට දේශපාලන අනුග්‍රහය එපා!

ඉන්දියාවේ නාට්‍යය උත්සවයකට යාමට මුදල් හෙවූ නාට්‍යකරුවන් දෙදෙනා, බුද්ධික සහ චාමිකට ඉන්දියාවට යාමට අවශ්‍ය ගුවන් ප්‍රවේශ පත්‍රවලින් අඩකට...