ජොනීගේ BMW ගනුදෙනුවට ෆොන්සේකාට එරෙහිව එකට සාක්ෂි දුන් ටැක්සි අබේත් හවුල් !

Share post:

හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දුට විදේශ ගමන් තහනම් කෙරුණු බීඑම්ඩබ්ලිව් මෝටර් රථය හිල්ටන් හෝටලයට ගෙනැවිත් ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සමීපතමයකු ලෙස හැඳීන්වෙන, 2010 වසරේදී සරත් ෆොන්සේකාට එරෙහිව ජොන්ස්ටන් ප්‍රනාන්දු සමග සාක්ෂි දුන් ගාමිණී අබේරත්න හෙවත් ටැක්සි අබේ විසින් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශය මගින් අනාවරණය කරගනියි.
ඔහු පසුව ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ අධ්‍යක්ෂවරයකු ලෙස ද කටයුතු කළේය.

මේ මෝටර් රථය නවත්වා තිබූ කොළඹ, හිල්ටන් හෝටලයේ ආරක්ෂක කළමනාකරු විසින් මේ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවසා ඇත. දීර්ඝ කාලයක සිට ගාමිණී අබේරත්න මේ හෝටලයේ නවාතැන් ගෙන සිටි බවත්, පසුගිය ජනාධිපතිවරණයට පෙර දින, එනම් 20 වැනිදා මේ මෝටර් රථය හෝටලයට ගෙනැවිත් නතර කළ බවත් ආරක්ෂක කළමනාකරු වැඩිදුරටත් සඳහන් කර තිබේ.

ගාමිණී අබේරත්න විසින් මේ කරුණු තහවුරු කර ඇති අතර, හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දුට අයත් මේ රථය, රියැදුරකු මාර්ගයෙන් හෝටලයට රැගෙන විත් නතර කළ බව ඔහු පිළිගෙන ඇත.

විමර්ශන නිලධාරීන් මේ පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කරමින් සඳහන් කර ඇත්තේ මේ රථයේ තිබී හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දුට අයත් ලියකියවිලි කිහිපයක් ද හමු වූ බවයි. එහෙත් රථයේ ලියාපදිංචියට අදාළ කිසිදු ලේඛනයක් එහි නොතිබූ බව ද ඔවුන් අධිකරණයට දැනුම් දී ඇත.
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ තොරතුරුවලට අනුව උඡ ක්‍ 24 – 0430 අංක දරන මේ රථය ලියාපදිංචි කර ඇත්තේ නාවල ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික සමාගමක නමින් ය. එම සමාගමේ හිමිකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී ඔහු විමර්ශන නිලධාරීන්ට පවසා ඇත්තේ 2024 මාර්තු මාසයේ තමන් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවෙන් මේ අංක තහඩුව ලබාගත්තත්, පසුව එය කිසිවකු විසින් සොරාගෙන තිබූ බවයි.

ශ්‍රී ලංකා රේගුව මගින් මේ මෝටර් රථයට අදාළ උඊ්5ෑ52010ඨ115194 චැසි අංකය පරීක්ෂා කිරීමේදී අනාවරණය වී ඇත්තේ එම අංකය සහිත වාහනයක් මෙරටට නීත්‍යනුකූල ලෙස ගෙන්වා නැති බවයි. ඉන්පසු විමර්ශන නිලධාරීන් විසින් රස පරීක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන් මගින් මේ මෝටර් රථය පරීක්ෂා කර ඇති අතර, ඔවුන් දැනුම් දී ඇත්තේ මෝටර් රථය කොටස් එකලස් කර සකස් කරන ලද්දක් බවයි.

2010 ජනවාරි 26 වැනිදා පැවැති ජනාධිපතිවරණයට හිටපු යුද හමුදාපති ලෙස සරත් ෆොන්සේකා ඉදිරිපත් වීමෙන් පසු ඔහුට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග කිහිපයක් ගැනිණි. ඒ අතරින් එකක් වූයේ නිල ඇඳූමින් දේශපාලනය කිරීම සම්බන්ධයෙන් හමුදා අධිකරණයක් ඉදිරියේ පැවැති නඩුවයි. එහිදී එවකට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වූ ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ ලක්ෂ්මන් සෙනෙවිරත්නත්, ගාමිණී අබේරත්නත්, එවකට යුද හමුදාවේ මේජර් ජෙනරාල්වරයකු වූ ඒ.ඩබ්ලිව්.ජේ.සී. ද සිල්වාත් සාක්ෂි ලබාදී තිබිණි.

Related articles

‘මල් නොරඳන තුරු’ – චාරුණ්‍යා දෙහිගම

අපේ සමාජය මුලින්ම මාතෘමූලික එකක් කියල ඉතිහාසඥයන් පවසනවා. ඒ මාතෘමූලික සමාජය කාලයත් එක්ක පීතෘමූලික බවට පත්වෙනවා. සමාජය පීතෘමූලික...

ලිංගික අධ්‍යාපනය (Sex Education) දරුවන්ට පමණක් නොව වැඩිහිටියන්ටද ලබා දිය යුතුයි !!

Sex Education ඕනෙද ,එපාද ? ඒ මිනිහා දුවගෙ ඇඟ අතගාලා තිබ්බට යටිකය අතගාලා තිබ්බෙ නැහැ මිස් , යටිකය අතාගාලා...

සිනමාව – සංගීතය හා චිත්‍රපට තේමා සංගීතය !

සිනමාව ( A Cinama ) යනු බොහෝ කලා මාධ්‍යයන් එනම්, සංගීතය - චිත්‍රය - නර්ථනය , නාට්‍ය හා...

සිවිල් වැසියන් 1,400කට ආසන්න පිරිසක් ඝාතනය වෙලා – අණදීම සහ සැලසුම් කිරීම, හසීනාට මරණ දඬුවම

බංගලාදේශයේ හිටපු අගමැතිනිය ශේක් හසීනාට මරණ දඬුවම නියෝග කරන්න එරට අන්තර්ජාතික අපරාධ විනිශ්චය සභාව අද(17) තීරණය කළා. ඒ...