අනුර කුමාර දිසානායක සහෝදරයාට ‘ජයවේවා !’ කියන අතරේම, ලියන්නට හිතුණා

Share post:

ජාත්‍යන්තර වාම දේශපාලන ඉතිහාසය තුළ ඉතා දුර්ලභ වන ඓතිහාසික අවස්ථාවක් ලංකාවේ අප ඉදිරියේ තිබේ. එය මග නොහරිමු.
ජාජබ නායක ලංකාවේ 9 ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයාට ‘ජයවේවා !’ කියන අතරේම, ලියන්නට හිතුණු , එහෙත් බොහෝ කලක් තිස්සේ කල්පනා කරන ලද, යම් අදහසකට ඉඩක් දෙන්න. ජාජබ සහ ජවිපෙ නායකත්ව මණ්ඩලවල හෝ ඒ ආශ්‍රිත මම දන්නා කියන කීපදෙනා සහෝදරත්වයෙන් මතක් කරමින් …..

ලංකාවේ ඉදිරිගාමී සමාජ සංවර්ධනය උදෙසා කළ යුතු වැඩ බොහෝ ඇති බව අපි හැමෝම (සමාන අන්දමට නොවුනත්) යම් යම් ආකාරයෙන් දනිමු. ආණ්ඩුවකට එම දෙන ලද සංදර්භය තුළ කළ හැකි වැඩ ඇත. එහෙත් කළ නොහැකි වැඩද ඇත. සම්ප්‍රදායික වාම දේශපාලන චින්තනයට මෙකී නොකළ හැකි ඉතා තීරණාත්මක වැඩ ගැන සාංකාවක අදහසක් හෝ නොමැති බව හොඳාකාරව දනිමි. ඔවුන්ගේ මුළු දේශපාලනය කැරකැවෙන්නේ හුදෙක් රාජ්‍ය බලය කේන්ද්‍ර කරගෙනය.

මහජන විඥානය සහ සාමුහික පරිකල්පනය පරිවර්තනය කිරීමේ සැබෑ – ගැඹුරු ලෙස – විප්ලවකාරී වැඩභාරය සමාජ ජීවිතයේ සූක්ෂම තලයේ වැඩ කළ හැකි දියුණු ව්‍යාපාරයන්ට අයිති කටයුත්තකි. ඊට රාජ්‍ය බලය අත්‍යවශ්‍යම නැත.

කෙසේ නමුත් රාජ්‍ය බලය හා සමාජ පරිවර්තනය (මහජන විඥානය පරිවර්තනය ) අතර වූ මේ ඓතිහාසික ගැටය සෝවියට් ආණ්ඩුවට හා බෝල්ෂේවික් පක්ෂයට ලිහා ගන්නට නොහැකි විය. මන්ද යත් ඒ කාලයේ (19-20 සියවස්වල මාක්ස්වාදී දේශපාලන සිතීමට අනුව) ඊට උදව් කරන න්‍යායික ප්‍රවේශයක් තිබුණේ නැති බැවිනි. ( මේ අවිද්‍යාවේ ප්‍රතිඵල වශයෙන්, එහි පුරවැසි සමාජය විනාශ විය. මහජනයාගේ නිර්මාණශීලී සමාජ -දේශපාලන ක්‍රියාකාරිත්වය නැති භංග විය. අවසානයේ සෝවියට් කොමියුනිස්ට් පක්ෂය සතුව නිතරඟ රාජ්‍යබලය තිබුනද, සෝවියට් දේශය වසර 70 කින් අනතුරුව කිසිදු ප්‍රතිරෝධයකින් තොරව බිඳ වැටින.

තවමත් රුසියානු සමාජය මෙන්ම අවශේෂ පැරණි සෝවියට් කලාපයේ සමාජ සාමකාමී සමාජ සංවර්ධන මාවතින් දුරස්ය. කොටින්ම රුසියාව හා උක්‍රයීනය සහෝදර ඝාතක යුද්ධයක අද කරවටක් ගිලීයන තරමට සිදුවූ විනාශය බැරෑරුම්ය . )

21 සියවසේ නව විප්ලවකාරී සිතීම්වලට අනුව වාම දේශපාලනය හිරවී ඇති අර ඓතිහාසික දේශපාලන ගැටය කැපිය හැකිය. ඊට න්‍යායක් තිබේ. එය මා නම් කරන්නේ සාමකාමී සමාජ සංවර්ධනය නම් කුරුල්ලාගේ තටු දෙකේ න්‍යාය කියායි. එය භාවිතා කිරීමට ප්‍රශස්ත අවස්ථාවක් ලංකාවේ උදාවී තිබේ..ඒ ජාජබ සහ ජවිපෙ නම් එකිනෙක හා බැඳුණු පක්ෂ සංවිධාන දෙකක් කරළියට ඒම නිසාය.. මීට වඩා යමක් මේ ගැන කීමට තැන මේ නොවේ… මා හිතනවා වත්මන් ජවිපෙ නායකත්වයට එය ගැන යම් අවබෝධයක් තිබෙනවා කියා. ඒ කිව්වෙ අර තටු දෙකම එකිනෙකින් යම් පමණින් ස්වායත්තව මෙන්ම දෙකම දෙවිදිහකට සක්‍රියව තබාගන්නට නුවණක් ඔවුන් අනිවාර්‍යයෙන් පාදා ගනී කියා…., අඩු තරමින් තමන් ඉදිරියේ ඇති දේශපාලන අභියෝගය ගැන ඔවුන් මනා සේ දැනුවත් කියා විශ්වාස කරමි.

සුනිල් විජේසිරිවර්ධන

Related articles

කටුවන වෙඩි තියාගත්තෙ ජවිපෙ කණ්ඩායම් දෙකක් – පැය 02කින් මාධ්‍යයට කී හුළුගල්ලෙලා නිදහස්, අමරෙට විතරක් මරණ දඬුවම !

ජී.ජී. අමරසිරි හෙවත් ජූලම්පිටියෙ අමරේ 2012 වසරේදී කළ වෙඩිතැබීමත් සමග එවකට පැවැති ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ...

ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ දස වන අදියර කොළඹදී සාර්ථකව අවසන් වෙයි !

ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ (ITRC) දස වන අදියර ඔක්තෝබර් 1  බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අති සාර්ථක අන්දමින්...

මෛත්‍රීට ඉන්දියන් ඔත්තු සේවය වගේ කතාකරලා පාස්කු ගැන කිව්වෙ සජින් වාස්ද? – සීඅයිඩීයෙන් ප්‍රශ්න කරයි !

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළව සිදුවන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සජින් වාස් ගුණවර්ධන මහතා...

සමස්ත ලංකා පාසල් සංචාරක සංසද අවසන් මහා තරගාවලිය සාර්ථකව අවසන් වේ !

පළාත් මට්ටමින් ආරම්භ වූ සමස්ත ලංකා පාසල් සංචාරක සංසද තරගාවලියේ අවසන් මහා තරගය බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටල් පරිශ්‍රයේදී...