‘ශ්‍රී ලංකාවේ අභිවහන කවි කලාව’ – රන්දික රාජපක්‍ෂ

Share post:

ශ්‍රී ලංකාවේ අභිවහන කවි කලාවේ ඉතිහාසය හා වර්තමාන භාවිතය නම් මේ කෘතිය අද මා අතට පත් වුණා. ඒ පොත දැකීම ලොකු සතුටක් ගෙන දුන් කාරණයක්. ඔහු මුලින්ම මා දකින්නෙ දැතව කනිටු විදුහලේ 2015 දී පැවැත්වූ සාහිත්‍ය උත්සවයේ දී. ඒ උත්සවය දවසෙ 2014වසරෙ හොඳම කාව්‍ය සංග්‍රහය ලෙස රාජ්‍ය සම්මානයට පාත්‍ර වූ ටිම්රාන් කීර්තිට පොඩි උපහාර දැක්වීමකුත් අප කරා. එදා රෑ ටිම්රාන්ලගේ ගෙදර තිබුණු කවි හැනදෑවෙදි රන්දික කතා කරේ විශ්වවිද්‍යාලයට තේරී සිටින ශිෂ්‍යයෙක් ලෙස. අද ඔහු විශ්වවිද්‍යාලයක සහකාර කථිකාචාර්‍යවරයෙක්. රන්දිකත් ඇතුළු තරුණ පරපුරේ උද්‍යෝගීමත් සාහිත්‍ය ලැදි අය මා සමග තියන සම්බන්ධතාවය සෑම විටම එතරම් සුමට එකක් වුණේ නෑ. ඒත් ඒ පරම්පරාවේ අය එක්ක කුමන ආකාරයෙන් හෝ වැඩ කිරීමේ ක්‍රමයක් සොයා ගන්න ඕන කියන විශ්වාසයෙන් මා වැඩ කරන්නෙ. ඒ නිසා මේ පොත ලබා ගන්න මං රන්දික හමුවෙන්න ගියා. මේ පොත ගැන ගිරිඋල්ලෙ කොහේ හෝ තැනක සංවාදයක් කිරීමට යෝජනා කරා. කවි ප්‍රාසාංගිකව ඉදිරිපත් කිරීම ගැන සාකච්ඡා කරන මේ කෘතිය ගැන සංවාදයක් ආචාර්‍ය සුනිල් විජේසිරිවර්ධනත් සහභාගී කරගෙන කරන්න පුළුවන් නම් හොඳයි කියන අදහස මං යෝජනා කළා. මොකද කවි ප්‍රසාංගිකව ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් විජේසිරිවර්ධන පුරෝගාමී කාර්‍යක් කර ඇති නිසා. එහෙම හැන්දෑවකින් පසුව චිත්‍රපටියක් බලලා ඒ ගැන කතාබහකුත් අපට කරන්න පුළුවන් නම් හොඳයි.

ලියනගේ අමරකීර්ති කවිය ගැන ගොඩ නගන සංවාදයත් රන්දිකට සෑහෙන දුරට බලපා ඇති බව පේනවා මේ කෘතියෙන්. මේ කෘතියෙ පෙරවදන ලියා තිබෙන්නේ ආචාර්‍ය සුදේශ් මන්තිලක. නිරෝෂ ප්‍රනාන්දු සමග එක්වී මා කරගෙන ගිය සූම් ටු පොයම් වැඩසටහන ගැනත් ඡේද කීපයක්ම මේ පොතේ තියනවා. ඒ කෘතවේදීත්වය ගැන ඔහුට ස්තුති වෙන්න ඕන. මේ කෘතිය වැනි යමක් අපට තිළින කරන්න රන්දිකට ශක්තියක් වූ කෙනෙක් ලෙස දිලිප් කුමාර ලියනගේ මේ වෙලාවේ කෘතවේදීව මතක් කළ යුතුයි. පොතුලියද්ද, මධුරන්ග වික්‍රමරත්න,ජගත් සී, ටිම් රාන් අපි ඔක්කොම ඉන්න තැනක මේ පොත ගැන දවසක කතා කරමු. හිමින් යමක් ලියන තුරු සුබපැතුම් රන්දික. අපේ නිරෝෂට පුළුවන් රන්දිකගේ මේ ප්‍රයත්නය ගැන සාහිත සංවාද ඔස්සේ සාකච්ඡා කරන්න

ප්‍රියංකර නිවුන්හැල්ල

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...