සේනක බටගොඩ ජීවිතේ ගැන සංදෘෂ්ටිකවාදී දෘෂ්ටියක් තිබ්බ කලාකරුවෙක්

Share post:

මං සේනක බටගොඩ ගායකයෙක් විතරක් කියලා කියන්නේ නැහැ. ඔහු, ගීත වලට තනු නිර්මාණය කරන්නෙක් විතරයි කියලා කියන්නෙත් නැහැ. වෙන කවුරුවත් ලියල දෙන පද පේළියකට තනුවක් දාලා කියන එක විතරක් නෙවෙයි ඔහු කලේ.

සේනක බටගොඩ ජීවිතේ ගැන සංදෘෂ්ටිකවාදී දෘෂ්ටියක් තිබ්බ කලාකරුවෙක් කියලයි මට හිතෙන්නේ.

අපි කවුරුද ගීතය අලුතෙන් තරුණ තරුණියන් අතර ජනප්‍රිය වුණේ සංගීත් විජේසූරියගේ WAYO සංගීත කණ්ඩායමේ ගීතයක් විදිහට. පස්සේ තමයි එහි ඇත්ත නිර්මාණකරුවා හඳුනා ගත්තේ. විජේරත්න වරකාගොඩ ගේ රඟහල දැන් ඇත අඩ අඳුරේ ගීතයත් ඒ වගේ. මේ ගීත එතරම් ජන ආකර්ෂණයක් නැතුව වැලලිලා තියෙද්දි ඒකට අලුතෙන් සංගීත සංයෝජනයන් යොදලා, කොල්ලෝ කෙල්ලෝ නැටවෙන විදිහට පණ ගහලා ගත්තේ සංගීත්ලා, B&S ( සිරි සඟ බෝධි මාලිගාවේදී ) වගේ අලුත් ගායකයෝ. මේ ප්‍රයත්නයන් අගය කරනවා වෙනුවට ඒවායේ මුල් අයිතිය වෙනුවෙන් රණ්ඩු කරගන්න ගිහින් අපිට හොඳ ගීත එකතුවක් update වෙන්නේ නැතුව අහිමි වෙනවා කියලයි මට හිතෙන්නේ. ඒවා සාමකාමීව කිනෙකාට ප්‍රයෝජනවත් වෙන විදිහට විසඳගන්නවනම් හොඳයි. (ජිප්සීස් ගායක සුනිල් අයියා ඒවගේ කෙනෙක්)

සේනක බටගොඩ ආයෙත් මිනිස්සු හඳුනා ගන්නකොට ඔහු වයසට ගිහින්. යළිත් මිනිස්සු අතරට එනකොට එයා යන්නම ගිහින්.
සුබ ගමන් මිත්‍රයා ..

අසෝක හඳගම

ශ්‍රී ලංකාවේ තමන්ගේ වයසට නොගැලපෙන භාෂාවකින් සහ සංගීතයකින් ගායනා කිරීම සේනක බටගොඩ මට අල්ලලා යන්න හේතුවුන ප්‍රධානම කාරණයයි. කලාවේ ගැඹුරුම සහ රසවත්ම පැත්ත ඇත්තේ එය කිසියම් තැනකට ගැලපීම හරහා නොව ඊට වඩා යම් තැනකට රැඩිකල් සහ නාටකීය ලෙස නොගැලපීම මතයි. සේනකගේ ගීතවල ඇති අපූර්වත්වය සහ චමත්කාරය රඳා තිබුණේ එතනයි.

සමහරවිට පදවලින් කුමක් කීවද අර්ථය වශයෙන් ඒවායින් මතු වුණේ ජීවිතයේ අර්ථ ශූන්‍ය භාවය පිළිබඳව උපේක්ෂාවයි. මරණය සුභවාදීම දැකීම සහ එහි නිසල චාම් බව. ඔහුගේ මරණය යනු අවසානයේ ඔහු ගැයූ ගීතය ඔහුම වැළඳ ගැනීමෙන් අවසන් කලා වගෙයි

ධනංජය කරුණාරත්න

Related articles

කාබුල්හි අරුම කතන්දර කියන්නා; කාබුල් දස්තාන්

පොඩිහිටියාගේ සිට වැඩිහිටියා බවට එළඹුණු හැරවුම් කාලයේ දි, මාමා කෙනෙක් මට පොතක් ගෙනැවිත් දෙනවා. එහි නම, 'ලේ හුරු...

බර්ලින් නගරයේ වීදියක

බර්ලින් නගරය ප්‍රසිද්ධ යුද්ධය හෝ හිට්ලර් හේතුවෙන් පමණක්ම නෙවෙයි. සංගීතය සහ කලාවට කැමති හැමෝම එකතුවෙන්නෙත් බර්ලින් නගරයට.චිත්‍ර හා...

අමරකීර්ති අතුකෝරල එදා කොළඹ ආවේ ෂොපින් යන්නද?

පොහොට්ටුවේ අමරකීර්ති අතුකෝරල එදා කොළඹ එන්න ඇත්තේ ෂොපින් යන්න වෙන්න බැහැනේ. එදා එයා එන්නේ අරලිය ගහ මන්දිරයේ තිබ්බ...

පහළ අධිකරණවලට පාඩමක් උගන්වමින් වසර 24ක තෑගි ඔප්පු ප්‍රශ්නයක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විසඳයි !

නඩුවක තීන්දුවක් ලබාදීමේදී ලේඛනගත වර්තමාන නීතිය පමණක් නොව උඩරට නීතිය වැනි සාම්ප්‍රදායික නීතිමය රාමු ද සූක්ෂ්මව ගලපා ගත...