සේනක බටගොඩ ජීවිතේ ගැන සංදෘෂ්ටිකවාදී දෘෂ්ටියක් තිබ්බ කලාකරුවෙක්

Share post:

මං සේනක බටගොඩ ගායකයෙක් විතරක් කියලා කියන්නේ නැහැ. ඔහු, ගීත වලට තනු නිර්මාණය කරන්නෙක් විතරයි කියලා කියන්නෙත් නැහැ. වෙන කවුරුවත් ලියල දෙන පද පේළියකට තනුවක් දාලා කියන එක විතරක් නෙවෙයි ඔහු කලේ.

සේනක බටගොඩ ජීවිතේ ගැන සංදෘෂ්ටිකවාදී දෘෂ්ටියක් තිබ්බ කලාකරුවෙක් කියලයි මට හිතෙන්නේ.

අපි කවුරුද ගීතය අලුතෙන් තරුණ තරුණියන් අතර ජනප්‍රිය වුණේ සංගීත් විජේසූරියගේ WAYO සංගීත කණ්ඩායමේ ගීතයක් විදිහට. පස්සේ තමයි එහි ඇත්ත නිර්මාණකරුවා හඳුනා ගත්තේ. විජේරත්න වරකාගොඩ ගේ රඟහල දැන් ඇත අඩ අඳුරේ ගීතයත් ඒ වගේ. මේ ගීත එතරම් ජන ආකර්ෂණයක් නැතුව වැලලිලා තියෙද්දි ඒකට අලුතෙන් සංගීත සංයෝජනයන් යොදලා, කොල්ලෝ කෙල්ලෝ නැටවෙන විදිහට පණ ගහලා ගත්තේ සංගීත්ලා, B&S ( සිරි සඟ බෝධි මාලිගාවේදී ) වගේ අලුත් ගායකයෝ. මේ ප්‍රයත්නයන් අගය කරනවා වෙනුවට ඒවායේ මුල් අයිතිය වෙනුවෙන් රණ්ඩු කරගන්න ගිහින් අපිට හොඳ ගීත එකතුවක් update වෙන්නේ නැතුව අහිමි වෙනවා කියලයි මට හිතෙන්නේ. ඒවා සාමකාමීව කිනෙකාට ප්‍රයෝජනවත් වෙන විදිහට විසඳගන්නවනම් හොඳයි. (ජිප්සීස් ගායක සුනිල් අයියා ඒවගේ කෙනෙක්)

සේනක බටගොඩ ආයෙත් මිනිස්සු හඳුනා ගන්නකොට ඔහු වයසට ගිහින්. යළිත් මිනිස්සු අතරට එනකොට එයා යන්නම ගිහින්.
සුබ ගමන් මිත්‍රයා ..

අසෝක හඳගම

ශ්‍රී ලංකාවේ තමන්ගේ වයසට නොගැලපෙන භාෂාවකින් සහ සංගීතයකින් ගායනා කිරීම සේනක බටගොඩ මට අල්ලලා යන්න හේතුවුන ප්‍රධානම කාරණයයි. කලාවේ ගැඹුරුම සහ රසවත්ම පැත්ත ඇත්තේ එය කිසියම් තැනකට ගැලපීම හරහා නොව ඊට වඩා යම් තැනකට රැඩිකල් සහ නාටකීය ලෙස නොගැලපීම මතයි. සේනකගේ ගීතවල ඇති අපූර්වත්වය සහ චමත්කාරය රඳා තිබුණේ එතනයි.

සමහරවිට පදවලින් කුමක් කීවද අර්ථය වශයෙන් ඒවායින් මතු වුණේ ජීවිතයේ අර්ථ ශූන්‍ය භාවය පිළිබඳව උපේක්ෂාවයි. මරණය සුභවාදීම දැකීම සහ එහි නිසල චාම් බව. ඔහුගේ මරණය යනු අවසානයේ ඔහු ගැයූ ගීතය ඔහුම වැළඳ ගැනීමෙන් අවසන් කලා වගෙයි

ධනංජය කරුණාරත්න

Related articles

අද ඇති න්‍යෂ්ටික අවි ප්‍රහාරයක අළු මත නැවත ගොඩනැගිය හැකි ශිෂ්ටාචාරයක් නැත

මීට පැය කිහිපයකට කලින් ඇමරිකාවෙන් නිකුත් වුණු ප්‍රකාශ කිහිපයක් මුළු ලෝකයම කම්පා කර ඇත. ඒවා නිකම්ම නිකම් දේශපාලන...

ඉරානය වසර 40 ක් තිස්සේ නිහඬව සිටින්නේ ඔවුන්ගේ “රොස්තම්ගේ උපාය” ක්‍රියාත්මක කිරීමටයි

අද ලෝක දේශපාලනය දෙස බලන විට බොහෝ දෙනෙකුගේ හදවතේ තියෙන්නේ ලොකු බයක්. තුන්වන ලෝක යුද්ධය පටන් ගනීවිද? ඉරානයට...

‘මව්වත් හදවත්’ ඇත්තටම සුවදායී පොතක්

"අපිට වුණු සමහර දේවල් අනුව අපි හිතනවා, මේ දේ නොවුනා නම්, ජීවිතේ මෙහෙම වෙන්න ඉඩ තිබුණා කියලා. අපරාදේ...

දේශපාලන සමාජ සංස්කෘතිය නිර්මාණාත්මකව කියවීම…තුනුවිල…නින්නාද…..

හර්ෂනී පුෂ්පමාලා ආරච්චි "තුනු විල" හා "නින්නාද .." යන නිර්මාණාත්මක ප්‍රකාශනයන් හරහා ලාංකික දේශපාලන සමාජ ආර්ථික සංස්කෘතික සිදුවීම්...