Dearo Investment සමාගම Iconic සම්මාන හතරකින් පිදුම් ලබයි !

Share post:

මූල්‍යකරණයේ නව්‍යකරණය යන විරුදාවලිය ලැබූ, මූල්‍ය ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු ලෙස වැජඹෙන Dearo Investment සමාගම Iconic Awards 2024 සම්මාන උළෙල වර්ණවත් කරමින් වසරේ විශිෂ්ටම ආයෝජන නිෂ්පාදන සැපයුම්කරු, වසරේ විශිෂ්ටම ව්‍යාපෘති මූල්‍ය සමාගම, වසරේ විශිෂ්ටම සංවර්ධන ආයෝජන සමාගම සහ වසරේ විශිෂ්ටම පාරිභෝගික සැපයුම්කරු යන සම්මාන හතරෙන් පිදුම් ලැබීය.

මූල්‍ය ගැටළුවලට නව්‍ය ඩිජිටල් මූල්‍ය විසදුම් සපයන ආයතනයක් ලෙස කීර්ති නාමයක් දිනා ඇති Dearo Investment පාරිභෝගිකයන්ට පිරිනමන සේවා අතර පෞද්ගලික සහ ව්‍යාපාර මූල්‍ය සේවා, විවිධ ණය සහ ආයෝජන විසඳුම්, ව්‍යාපාර ප්‍රාග්ධනය ඉහළ නැංවීම සඳහා ව්‍යවසායකත්ව ණය සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්, හවුල් ව්‍යාපාර හා ආරම්භක මට්ටමේ පවතින ව්‍යාපාර සඳහා අවශ්‍ය මූල්‍ය පහසුකම් සැපයීම ආදිය ප්‍රධාන වේ. ලංකාව පුරා විහිදුණු ශාකා 30කට අධික ජාලයකට හිමිකම් කියන එම සමාගම අගෝස්තු 18 දින සිය නවතම ශාකාව පොළොන්නරුවේදී විවෘත කළ අතර තවත් නගර රැසක මූල්‍යකරණයේ විප්ලවීය වෙනසක් සිදු කිරීමට අපේක්ෂාවෙන් සිටී.

ක්ෂුද්‍ර, සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධනයට ප්‍රමුඛතාව දෙන Dearo Investment වර්තමානයේදී සිය ව්‍යාපාර කටයුතු මූල්‍ය, නීති, ආහාර පාන, සංචාරක, අධ්‍යාපන, තොරතුරු තාක්ෂණ, රථ වාහන, කෘෂිකාර්මික සහ වැවිලි ආදී ක්ෂේත්‍රවල ව්‍යාප්ත කර ඇත. Dearo Investment ප්‍රධාන විධායක නිලධාරි / කළමනාකාර අධ්‍යක්ෂ ප්‍රසන්න සංජීව මහතා බැංකුකරණ සහ මූල්‍ය ක්ෂේත්‍රයේ වසර 15කට වැඩි අත්දැකීම් සහිත වෘත්තිකයෙකි. පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් අලෙවිකරණය පිළිබඳ ප්‍රථම සහ ශාස්ත්‍රපති උපාධි ලබා ඇති ඔහු ණය කළමනාකරණය, බැංකුකරණය සහ මූල්‍ය පිළිබඳ ඩිප්ලෝමාද ලබා ඇත. ඔහුගේ පරිපාලනය යටතේ ප්‍රභාෂ් ගුණරත්න, උපුල් එදිරිසූරිය, තරිඳු ධනංජය සමරවික්‍රම, නෙරංජන් වර්ණසූරිය සහ මානව සම්පත් හා පරිපාලන විධායක අධ්‍යක්ෂ තිළිණි කල්හාරි ඒකනායක යන අයගෙන් සමන්විත අත්දැකීම් සහිත අධ්‍යක්ෂ මණ්ඩලයේ සහාය ඇතිව ක්‍රියාත්මක එම සමාගම ක්ෂේත්‍රයේ ඉදිරියටම යමින් සිටී.

Related articles

‘ණයානන්දය’ – සුරත් ද මෙල්

ජීවිතයේ සිව්වන දශකය යනු තාරුණ්‍යයේ උපරිමයත් මැදි වියේ එළිපත්තත් අතර සංක්‍රාන්ති සමයයි. ⁣මෙම අවධියේදී සමහරු විවාහ වී තෘප්තිමත්ව...

උසස් අධ්‍යාපන ආයතනවල හැංගිමුත්තන් සෙල්ලං බෑ – තොරතුරු අයිතිය තහවුරු කරමින් අභියාචනාධිකරණයෙන් තවත් තීන්දුවක් !

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නීති ප්‍රවේශ විභාගයට පෙනී සිටි සිසුවියකට ඇගේ ලකුණු කළ පිළිතුරු පත්‍රය පරීක්ෂා කිරීමට ලබා...

ත්‍රිකුණාමලය මහ රෝහලේ බිලිඳු මරණය : වැඩවර්ජන නිසා සේවය පැහැර හැර පෞද්ගලික රෝහලක සේවය කළ ත්‍රිකුණාමලය GMOA සභාපතිගේ වැඩ තහනම් !

රිකුණාමලය දිස්ත්‍රික් මහා රෝහලේ රාජකාරි වේලාව තුළ සේවය පැහැර හැර පෞද්ගලික රෝහලක සේවය කිරීම සහ රාජකාරියට වාර්තා කළ...

කපිල චන්ද්‍රසේන : මරණයේ හෙවනැලි සහ දූෂණයේ අවතාර !

කපිල චන්ද්‍රසේනගේ මරණය ආන්දෝලනාත්මක ය. එහිදී සිදු වූයේ කුමක්ද යන්න ඉදිරි විමර්ශනවලින් පසු තීරණය වනු ඇත. එතෙක් මරණ...