ශ්‍රී ලංකා වෙ‍ළඳ ප්‍රදර්ශනය ඩුබායි – 2024 නොවැම්බර් 2 හා 3 දෙදින පැවැත්වේ !

Share post:

එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ශ්‍රී ලංකාව සහ ගල්ෆ් කළාපය අතර ව්‍යාපාර ප්‍රවර්ධනය සහ ජාත්‍යන්තර වෙළෙඳාම පෝෂණය කිරීමට ඇති අනගි අවස්ථාවක් වන ශ්‍රී ලංකා වෙ‍ෙළඳ ප්‍රදර්ශනය ඩුබායි 2024 (Sri Lanka Trade Fair Dubai 2024) (www.srilankatradefair.org) නොවැම්බර් 2 හා 3 දිනවලදී පැවැත්වෙයි. මෙයට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ, ඩුබායිහි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයේ,  එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ අනෙකුත් ගල්ෆ් රටවල වාණිජ මණ්ඩලවල පූර්ණ අනුග්‍රහය ලැබී ඇත. මෙම වෙළඳ ප්‍රදර්ශනයේදී ශ්‍රී ලංකාවේ විශිෂ්ට නිෂ්පාදන, සේවා හා නවෝත්පාදනවලට ප්‍රමුඛත්වය දෙන අතර ගල්ෆ් කළාපය සහ ඉන් ඔබ්බෙහි සිටින ගැනුම්කරුවන්, ආයෝජකයන් සහ හවුල්කරුවන් 15,000කට අධික සංඛ්‍යාවක් සමඟ සම්බන්ධ වීමට ප්‍රදර්ශනයට සහභාගී වන අයට අවස්ථාව ලැබේ.

“මේ ප්‍රදර්ශනය තුළින් ශ්‍රී ලාංකික ව්‍යවසායකයන්ට ජාත්‍යන්තර වේදිකාවක ඔවුන්ගේ විශිෂ්ට නිෂ්පාදන හා සේවා ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව ලැබෙනවා. මේ ප්‍රදර්ශනය ශ්‍රී ලාංකික ව්‍යාපාරවල හැකියා පිළිබිඹු කරන අතරම වටිනා ව්‍යාපාර සබඳතා වර්ධනය කර ගැනීමටද හේතු වෙනවා. නව වෙළෙඳපොළ අවස්ථා ගවේෂණය කරමින් දිගු කාලීන හවුල්කාරිත්ව ගොඩ නඟා ගනිමින් ශ්‍රී ලංකාවේ අපනයන අංශයේ අඛණ්ඩ වර්ධනයට දායක වීමට ඩුබායිහිදී අප හා එක් වන ලෙස ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන්ට අප ආරාධනා කරනවා.” ප්‍රදර්ශනයේ ප්‍රධාන සංවිධායක පික්සල් ඇඩ්වර්ටයිසින් සොලූෂන්ස් ප්‍රධාන විධායක නිලධාරී සංජය රත්නායක මහතා පැවසීය. මෙම ප්‍රදර්ශනයේ විවිධ ශ්‍රී ලාංකික නිෂ්පාදන සහ සේවා සඳහා ප්‍රදර්ශන කුටි 100කට අධික ප්‍රමාණයක් ඇත. ශ්‍රී ලංකාව සහ ගල්ෆ් කළාපය අතර වෙළෙඳාමට, ආයෝජනයට සහ ආර්ථික සහයෝගීතාවට අදාළ සම්මන්ත්‍රණ සහ සාකච්ඡා මාලාවක්ද ශ්‍රී ලාංකික සංස්කෘතික සංදර්ශනයක්ද ප්‍රදර්ශනයට සමගාමීව පැවැත්වේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ප්‍රමුඛ පෙළේ ඉසව් කළමනාකරණ සමාගමක් වන ග්ලෝබෝ ආසියා (Globo Asia) සහයෝගීතාවෙන් සහ පික්සල් ඇඩිවර්ටයිසින් සොලියුෂන් (Pixel Advertising Solutions) (+94774006888) ප්‍රධානත්වයෙන් මෙම ප්‍රදර්ශනය සංවිධානය කරනු ලබයි.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...