ශ්‍රී ලංකා වෙ‍ළඳ ප්‍රදර්ශනය ඩුබායි – 2024 නොවැම්බර් 2 හා 3 දෙදින පැවැත්වේ !

Share post:

එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ශ්‍රී ලංකාව සහ ගල්ෆ් කළාපය අතර ව්‍යාපාර ප්‍රවර්ධනය සහ ජාත්‍යන්තර වෙළෙඳාම පෝෂණය කිරීමට ඇති අනගි අවස්ථාවක් වන ශ්‍රී ලංකා වෙ‍ෙළඳ ප්‍රදර්ශනය ඩුබායි 2024 (Sri Lanka Trade Fair Dubai 2024) (www.srilankatradefair.org) නොවැම්බර් 2 හා 3 දිනවලදී පැවැත්වෙයි. මෙයට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ, ඩුබායිහි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයේ,  එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ අනෙකුත් ගල්ෆ් රටවල වාණිජ මණ්ඩලවල පූර්ණ අනුග්‍රහය ලැබී ඇත. මෙම වෙළඳ ප්‍රදර්ශනයේදී ශ්‍රී ලංකාවේ විශිෂ්ට නිෂ්පාදන, සේවා හා නවෝත්පාදනවලට ප්‍රමුඛත්වය දෙන අතර ගල්ෆ් කළාපය සහ ඉන් ඔබ්බෙහි සිටින ගැනුම්කරුවන්, ආයෝජකයන් සහ හවුල්කරුවන් 15,000කට අධික සංඛ්‍යාවක් සමඟ සම්බන්ධ වීමට ප්‍රදර්ශනයට සහභාගී වන අයට අවස්ථාව ලැබේ.

“මේ ප්‍රදර්ශනය තුළින් ශ්‍රී ලාංකික ව්‍යවසායකයන්ට ජාත්‍යන්තර වේදිකාවක ඔවුන්ගේ විශිෂ්ට නිෂ්පාදන හා සේවා ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව ලැබෙනවා. මේ ප්‍රදර්ශනය ශ්‍රී ලාංකික ව්‍යාපාරවල හැකියා පිළිබිඹු කරන අතරම වටිනා ව්‍යාපාර සබඳතා වර්ධනය කර ගැනීමටද හේතු වෙනවා. නව වෙළෙඳපොළ අවස්ථා ගවේෂණය කරමින් දිගු කාලීන හවුල්කාරිත්ව ගොඩ නඟා ගනිමින් ශ්‍රී ලංකාවේ අපනයන අංශයේ අඛණ්ඩ වර්ධනයට දායක වීමට ඩුබායිහිදී අප හා එක් වන ලෙස ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන්ට අප ආරාධනා කරනවා.” ප්‍රදර්ශනයේ ප්‍රධාන සංවිධායක පික්සල් ඇඩ්වර්ටයිසින් සොලූෂන්ස් ප්‍රධාන විධායක නිලධාරී සංජය රත්නායක මහතා පැවසීය. මෙම ප්‍රදර්ශනයේ විවිධ ශ්‍රී ලාංකික නිෂ්පාදන සහ සේවා සඳහා ප්‍රදර්ශන කුටි 100කට අධික ප්‍රමාණයක් ඇත. ශ්‍රී ලංකාව සහ ගල්ෆ් කළාපය අතර වෙළෙඳාමට, ආයෝජනයට සහ ආර්ථික සහයෝගීතාවට අදාළ සම්මන්ත්‍රණ සහ සාකච්ඡා මාලාවක්ද ශ්‍රී ලාංකික සංස්කෘතික සංදර්ශනයක්ද ප්‍රදර්ශනයට සමගාමීව පැවැත්වේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ප්‍රමුඛ පෙළේ ඉසව් කළමනාකරණ සමාගමක් වන ග්ලෝබෝ ආසියා (Globo Asia) සහයෝගීතාවෙන් සහ පික්සල් ඇඩිවර්ටයිසින් සොලියුෂන් (Pixel Advertising Solutions) (+94774006888) ප්‍රධානත්වයෙන් මෙම ප්‍රදර්ශනය සංවිධානය කරනු ලබයි.

Related articles

මේ හෙමින් යන ගමනක්… පියවරෙන් පියවර යන දිගු ගමනක්

ඇමරිකා එක්සත් ජනපද විශ්ව විද්‍යාල හෙවත් කොලීජි අතර පැවැත්වෙන ගෘහස්ත මලල ක්‍රීඩා තරඟාවලි මේ දිනවල ඇරඹෙනවා.ආර්කන්සාස්.. ජෝර්ජියා.. කෙන්ටකි.....

“සෑම කතන්දරයක්ම, ප්‍රමාණවත් තරම් දුරක් ගියහම මරණයකින් කෙළවර වෙනවා”

මගේ ලිවීමේ ළිඳ හින්දවන්නෙ නැතුව ඉන්න මම ඉගෙන ගත්තා. මම හැමවෙලාවෙම ළිං අඩියට ආවම ලියන එක නවත්තලා රෑට...

කාන්තා ඇඳුමේ රණ්ඩු සරුවල්

මේ ඈත අතීතයට අයිති බොහොම ලස්සන පිංතූරයක්.වර්ශය 1890-1900 අතර කාලයකටයි අයිති.ලන්ඩනයේ ප්‍රසිද්ධ වීදියක දර්ශණයක් විදිහට අපිට හඳුනා ගන්න...

​පාවුලෝ කොයියෝ: තමාගේ “පෞද්ගලික පුරාවෘත්තය” හඹා ගිය මිනිසාගේ කතාව

ඔහු නීතිඥයෙකු වීමට අකමැති වීම නිසා ඔහුගේ දෙමාපියන් ඔහුව මානසික රෝහලක සිර කර විදුලි සැර ප්‍රතිකාර ලබා දුන්හ....