“නන්නාඳුනන ලෙසේ මගතොට යළිත් හමුවෙලා – මහමෙර හිසින් දරාගෙන අපි යමු දුරස්‌ වෙලා” මැරෙන්නේ නැති ආදරය ‘La La Land’ !

Share post:

La La Land චිත්‍රපටියේ ක්ලයිමැක්ස් එක ගැන මට ආයෙත් ළඟදී දවසක මතක් වුනා. ඒ නිසාම චිත්‍රපටිය ආයෙත් බැලුවා.
දෙවෙනි වතාවක් චිත්‍රපටිය බලනවා කියන්නේම අපිට අහු නොවුණු කතා තව සෑහෙන්න අහු වෙනවා කියන එක.

සෙබස්තියන් සහ මියා දෙන්නාම හරි අහිංසක හීන තිබුණු දෙන්නෙක්. මම පෞද්ගලිකව කැමති සෙබස්තියන්ගේ හීනෙට. ඒකේ තියෙනවා හරි නිදහස් ගතියක්. සෙබස්තියන් තමන්ගේ හීනය පස්සෙන් යන ගමනේ එක තැනක දී තීරණය කරනවා හීනේ පැත්තකට දාලා, තමන්ගේ පැශන් එක වෙනස් කරගෙන අලුත් ගමනක් යන්න. එහෙම ගිය ගමන ඇතුළේ සෙබස්තියන් හොඳට මුදල් උපයනවා. උපරිම කාර්ය බහුල වෙනවා. ඒත් සෙබස්තියන්ට තමන්ව අහිමි වෙනවා. ආදරය කරපු ගෑණු ළමයා අහිමි වෙනවා.

මට හිතෙන විදිහට සෙබස්තියන් කියන්නේ Old Passion මනුස්සයෙක්. සෙබස්තියන්ගේ හීනේ පවා Old Passion. ඔය Old Passion ගතිය නිසාම සෙබස්තියන්ව සහ ඔහුගේ හීනය ගැන මට පෞද්ගලිකව සෑහෙන්න දැනෙනවා. සෙබස්තියන්ට ඕන වුනේ තමන්ගේ ජෑස් මියුසික් ආසාව එක්ක තමන්ගේම තැනක් හොයාගෙන තමන් කැමති විදිහට දේවල් කරන් පාඩුවේ ජීවත් වෙන්න.

මනුස්සයෙක් වුනාම ලොකු ලොකු හීන තියෙන්න ඕන කියලා විශ්වාස කරන මිනිස්සු අතරේ සෙබස්තියන් වගේ හරි සාමාන්‍ය හීන දැකලා, ඒ සාමාන්‍ය හීනවලින් නොසෑහෙන්න තෘප්තිමත් වෙන මිනිස්සු ඉන්නවා. මම පෞද්ගලිකව කැමතියි ජීවිතයට එහෙම අවසානයක් ලැබෙනවාට. කවදා හරි දවසක මම ඉන්න ඕන ඉහළම තැනක නෙවෙයි, මම ඉන්න ඕන මම කැමතිම තැන කියලයි මම හිතන්නේ.

කලින් කිව්වා වගේම සෙබස්තියන් තමන්ගේ හීනෙන් පිට ගියපු වෙලාවෙ දී මියා කියන්නේ එකම දෙයයි. “ඔය ඉන්නේ ඔයා නෙවෙයි, ඔයා ඔය යන්නේ ඔයාගේ හීනේ පස්සෙන් නෙවෙයි කියන එක”.

ඒක තේරුම් ගන්න සෙබස්තියන්ට කාලයක් ගත වුනා. ඒත් ඒ වෙද්දී මියා ඔහුගෙන් දුරස් වෙලා ඉවරයි. කාලයකට පස්සේ ආයෙත් ඒ දෙන්නට ලං වෙන්න අවස්ථාවක් ලැබුණත් ඒ වෙද්දී මියා එයාගේ හීනයට ලං වෙන්න අවශ්‍ය පාර කපාගෙන ඉවරයි. සෙබස්තියන්ගේ වගේ නෙවෙයි මියාගේ හීනය ලොකුයි. සාමාන්‍ය අවසානයක් සහිත ජීවිතයක් නෙවෙයි මියාට අවශ්‍ය වුනේ. ඉතින් ඒ වෙනුවෙන් කැප වෙන්න අවශ්‍ය ඉඩ ලබා දෙන ගමන් සෙබස්තියන් මේ ආදර කතාවෙන් ඈත් වෙන්න තීරණය කරනවා.

ඒත් මිනිස්සු ඈත් වුන පළියට ආදරය මැරෙන්නේ නැහැ කියලා චිත්‍රපටියේ අන්තිමට පෙන්නවා. La La Land ක්ලයිමැක්ස් එකට ඒ නිසාම මම හරි ආදරෙයි.

“නන්නාදුන ලෙසේ මගතොට
යළිත් හමුවෙලා
මහමෙර හිසින් දරාගෙන අපි
යමු දුරස්‌ වෙලා”

අවුරුදු ගාණකට පස්සේ මියා සහ සෙබස්තියන් මුණ ගැහෙන තැන ඒ දෙන්නාම තමන්ගේ හීනවලට ලඟා වෙලා ඉවරයි. දැන් දෙන්නට දෙන්නාම මේ ලෝකයට ආගන්තුකයින් දෙන්නෙක් විතරයි. ඉතින් මහමෙරක් හිතින් දරාගෙන පරණ මතකයන් සහ හැඟීම් වෙනුවෙන් ඒ දෙන්නා ලොකු බරක් තියෙන පොඩි හිනාවක් විතරක් හුවමාරු කරන් වෙන් වෙලා යන්න යනවා.

ඒක Epic Climax එකක්!

අනුජ වික්‍රමසිංහ

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...