Letsile Tebogo ජීවත් වෙන්නේ Noah Lyles ජිවත් වෙන්න ආස කරපු හීනය ඇතුළේ!

Share post:

Noah Lylesට මීට කාලෙකට කලින් ඔලිම්පික් පදක්කම් හතරක් දිනන්න ඕන වෙලා තිබුණා. මීටර් 100, 200, 100×4, සහ 400×4. ඔය හතරෙන් තුනක් කොහොමත් Lylesගේ අතේ තියෙන පදක්කම්. ඒත් ප්‍රශ්නේ එන්නේ මීටර් 400ට ආවාම. ඇමරිකාව කියන්නේ ධාවකයින්ගේ අඩු පාඩුවක් තියෙන රටකුත් නෙවෙයි. Lylesගේ Workload එකත් එක්ක ඒ වැඩේ අමාරු වෙන්නත් පුළුවන්. කොහොමහරි Lylesට මේ පාර තමන්ගේ හීනෙන් බාගයක්වත් සාර්ථක කරගන්න බැරි වුනා.

ඔය අස්සේ බොට්ස්වානාවල Letsile Tebogo Lylesගෙ හීනයට අත තියන මානයටම ආවා. පිරිමි මීටර් 100 අවසන් තරගයේ දී Letsile Tebogoට හිමි වුනේ 06 වෙනි ස්ථානය. එහෙම වෙලත් ඔහු තමන්ගෙ පෞද්ගලික හොඳම කාලය වගේම බොට්ස්වානා ජාතික වාර්තාවත් අලුත් කරන්න සමත් වෙනවා. ඒ වගේ රේස් එකක 06 වෙනි ස්ථානය කියන්නේම දිනුමක් වගේ දෙයක්.
මීටර් 100 සහය දිවීමේ ඉසව්වට බොස්ට්වානා කණ්ඩායමක් සහභාගී වෙන්නේ නැහැ. ඒ නිසා Tebogoට ඒ ඉසව්ව නියෝජනය කරන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ.

ඒත් පිරිමි මීටර් 200 ඉසව්වෙන් Tebogoට පුළුවන් වෙනවා වත්මන් ලෝක ශූරයාව පරාජය කරන්න. තත්පර 19.46කින් ඉසව්ව නිම කරපු Tebogo මෙතෙක් ඉතිහාසයේ මීටර් 200ට වාර්තා වුන දහ වැනි හොඳම කාලය වාර්තා කරනවා!
ඉන් පසුව ඔහු පිරිමි මීටර් 400 සහය දිවීමේ ඉසව්වට එනවා. එහෙම ආපු Tebogoට මේ ඉසව්වේ රන් පදක්කම අහිමි වෙන්නේ තත්පරයෙන් දහයෙන් පංගුවකින්.

ඔහු මේ ඉසව්වේ තමන්ට නියමිත මීටර් 400 ඉවරකරන්න ගත කරන්නේ තත්පර 43.03ක කාලයක්.

මීටර් 400 ඉසව්වක එක ධාවන වටයක් වෙනුවෙන් මෙතෙක් ඉතිහාසයේ ක්‍රීඩකයෙක් වාර්තා කළ තුන් වෙනි හොඳම ධාවන කාලය තමයි ඒ.
මීටර් 100, 200 සහ 400 ඉසව් තුනම දුවනවා කියන්නෙම සමහරුන්ට හීනයක් වෙලා තියෙන වෙලාවක මේ අවුරුදු 21 පොඩි කොල්ලා ඒ ඉසව් තුනේම ඉතිහාසගත වෙන දිවිලි දුවනවා!

සමහර විට මීළඟ ඔලිම්පික් උළෙලේ වෙද්දී ලෝක මලල ක්‍රීඩාවේ ලොකු වෙනසක් කරන්න Letsile Tebogoට පුළුවන් වෙලා තියේවී!

අනුජ වික්‍රමසිංහ

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...