Letsile Tebogo ජීවත් වෙන්නේ Noah Lyles ජිවත් වෙන්න ආස කරපු හීනය ඇතුළේ!

Share post:

Noah Lylesට මීට කාලෙකට කලින් ඔලිම්පික් පදක්කම් හතරක් දිනන්න ඕන වෙලා තිබුණා. මීටර් 100, 200, 100×4, සහ 400×4. ඔය හතරෙන් තුනක් කොහොමත් Lylesගේ අතේ තියෙන පදක්කම්. ඒත් ප්‍රශ්නේ එන්නේ මීටර් 400ට ආවාම. ඇමරිකාව කියන්නේ ධාවකයින්ගේ අඩු පාඩුවක් තියෙන රටකුත් නෙවෙයි. Lylesගේ Workload එකත් එක්ක ඒ වැඩේ අමාරු වෙන්නත් පුළුවන්. කොහොමහරි Lylesට මේ පාර තමන්ගේ හීනෙන් බාගයක්වත් සාර්ථක කරගන්න බැරි වුනා.

ඔය අස්සේ බොට්ස්වානාවල Letsile Tebogo Lylesගෙ හීනයට අත තියන මානයටම ආවා. පිරිමි මීටර් 100 අවසන් තරගයේ දී Letsile Tebogoට හිමි වුනේ 06 වෙනි ස්ථානය. එහෙම වෙලත් ඔහු තමන්ගෙ පෞද්ගලික හොඳම කාලය වගේම බොට්ස්වානා ජාතික වාර්තාවත් අලුත් කරන්න සමත් වෙනවා. ඒ වගේ රේස් එකක 06 වෙනි ස්ථානය කියන්නේම දිනුමක් වගේ දෙයක්.
මීටර් 100 සහය දිවීමේ ඉසව්වට බොස්ට්වානා කණ්ඩායමක් සහභාගී වෙන්නේ නැහැ. ඒ නිසා Tebogoට ඒ ඉසව්ව නියෝජනය කරන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ.

ඒත් පිරිමි මීටර් 200 ඉසව්වෙන් Tebogoට පුළුවන් වෙනවා වත්මන් ලෝක ශූරයාව පරාජය කරන්න. තත්පර 19.46කින් ඉසව්ව නිම කරපු Tebogo මෙතෙක් ඉතිහාසයේ මීටර් 200ට වාර්තා වුන දහ වැනි හොඳම කාලය වාර්තා කරනවා!
ඉන් පසුව ඔහු පිරිමි මීටර් 400 සහය දිවීමේ ඉසව්වට එනවා. එහෙම ආපු Tebogoට මේ ඉසව්වේ රන් පදක්කම අහිමි වෙන්නේ තත්පරයෙන් දහයෙන් පංගුවකින්.

ඔහු මේ ඉසව්වේ තමන්ට නියමිත මීටර් 400 ඉවරකරන්න ගත කරන්නේ තත්පර 43.03ක කාලයක්.

මීටර් 400 ඉසව්වක එක ධාවන වටයක් වෙනුවෙන් මෙතෙක් ඉතිහාසයේ ක්‍රීඩකයෙක් වාර්තා කළ තුන් වෙනි හොඳම ධාවන කාලය තමයි ඒ.
මීටර් 100, 200 සහ 400 ඉසව් තුනම දුවනවා කියන්නෙම සමහරුන්ට හීනයක් වෙලා තියෙන වෙලාවක මේ අවුරුදු 21 පොඩි කොල්ලා ඒ ඉසව් තුනේම ඉතිහාසගත වෙන දිවිලි දුවනවා!

සමහර විට මීළඟ ඔලිම්පික් උළෙලේ වෙද්දී ලෝක මලල ක්‍රීඩාවේ ලොකු වෙනසක් කරන්න Letsile Tebogoට පුළුවන් වෙලා තියේවී!

අනුජ වික්‍රමසිංහ

Related articles

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...

‘ගිගිරි වළලු පය නොලා’ _ සරත් විජේසූරියගේ ක්ෂ්ද්‍ර ප්‍රබන්ධ කෙටිකතා

සිංහල සාහිත්‍ය තුළ ක්ෂුද්‍ර ප්‍රබන්ධ කෙටිකතා මේ වන විට යම් තරමක ජනප්‍රියත්වයක් හිමි කරගෙන ඇත . ලියනගේ අමරකීර්ති...