පහුගිය දවස් ටිකේ හුරු පුරුදු සාහිත ක්ෂේත්‍රය නාය ගිහින් තිබ්බ නිසා පැත්තකට වෙලා හිටියත්, චුට්ට චුට්ට නැගිටින් පටන් අරගෙන නිසා ඒවා ගැන ආයෙ හොයල බැලුවා.
ඔය අස්සේ දැකපු මේ වැඩසටහන් දෙක ගැන මුකුත් නොකියාම බැරිවුණා.
අපේ රටේ සාහිත්‍යය වෙනුවෙන් මුලින්ම වැඩසටහනක් කරේ ස්වාධීන රූපවාහිනිය. ෆ්‍රැන්සිස් වන්නිආරච්චි මහත්තය ඒ කාලෙ කරායින් පසුව ජාතික රූපවාහිනිය ඒ වැඩේ අපුරුවට කරගෙන ගියා. ඒ කාලෙ ඒවා කරේ එච්.එම් ගුණසේකර, ප්‍රේමකීර්ති, පාලිත පෙරේරා, ජැක්සන් ඇන්තනී ඉඳන් අතුල පීරිස්, ජනක කුඹුක්ගේ සහ නදී වාසලමුදලිආරච්චි වෙනකං ඒක ආවා. හැබැයි ඒවා පසුගිය අවුරුදු 10ක විතර කාලයේ විකාශය වුණේ එපා වාහෙට හොදි බෙදනව වගේ. අතරින් පතර කුමන හෝ වැඩසටහනක් විකාශය වුණා. හිරු නාලිකාව සහ සිරස රූපවාහිනියත් නින්දෙන් නැගිටල වගේ ටික කාලයක් ඇතැම් වැඩසටහන් කරත් ඒවා ඇදගෙන ගියේ නෑ. ස්වර්ණවාහිනිය ඉතාම හොද වැඩසටහන් මාලාවක් කරා තාරකා වාසලමුදලිආරච්චි මහත්මිය එක්ක. ඒක සෑහෙන කල් කරා. නමුත් මොනවා හෝ එකකින් ඒකත් හබක්…! චරණ කියන කේබල් නාලිකාව තමා අදටත් සාහිත්‍ය කලා වැඩසටහන් අතින් අංක එකට ඉන්නෙ.
නමුත් එතෙක් එහි ආධිපත්‍ය ගත්තෙ ඒ කාලය පුරාවටම දෙරණ රූපවාහිනිය. වසන්ති නානායක්කාර මහත්මිය හරි අපූරුවට වැඩේ ඇදගෙන ගියා. ලේඛක-ලේඛිකාවන්ට අති විශාල සහයෝගයක් ලැබුණා. ඒක දැවැන්ත සාහිත්‍ය ව්‍යාපෘතියක් එම නාලිකාවේ විකාශය වුණු. නමුත් දැන් ඒක පේන්න නෑ.
නැවතත් ජාතික රූපවාහිනිය තමුන්ගේ නැතිවී ගිය ආධිපත්‍යය හෙමින් ගොඩ නගමින් යනවා. රූපවාහිනිය කාපු උන්ට බනිනවා වුණාට රූපවාහිනියට බනින්නැත්තේ අපි පොත් කියෙව්වේ සහ රටට බරක් නැතුව ඉන්න පුරුදු කෙරෙව්වෙ ජාතික රූපවාහිනිය නිසා.
අලුත් වැඩ දෙක ඉතා ලස්සනයි. බුක්මාර්ක් ගත්තොත් කල් යල් බලල, මහන්සි වෙලා ඉවසීමෙන් කරන වැඩ සටහනක්. සුවිශේෂම කාරණාව තමා තාරකා වාසලමුදලිආරච්චි, වසන්ති නානායක්කාර, සුමුදු චතුරානි ජයවර්ධනගෙන් පස්සේ වැඩේට මහන්සිවෙලා, පොත කියවල, රෙඩි වෙලා වැඩේ කරනව දැක්ක නිවේදිකාවක් තමා පාරමී රණසිංහ. ඇය ජාතික රූපවාහිනිය තියාගත යුතු, රැක ගත යුතු සම්පතක්.
අනෙක් වැඩසටහන ‘සාහිත රසවිත’ සාහිත්‍යයේ විවිධ ඉසව් ගණනවක් ආවරණය වන පරිදි ලේඛකයින්, විද්වතුන් ගෙනැල්ලා කරන සාකච්ඡා මාලාව. ඒක පාසල් හා විශ්ව විද්‍යාල සිසුන්ටත් පාඨකයන්ටත් එකසේ වැදගත් වේවි. ඒකෙ එක වැඩසටහනක් ලහිරු කිතලගම සහ නවෝද්‍යා පවනි විසින් ද අනෙක කාංචනා ප්‍රියකාන්ත සහ නලින් කාරියවසම් මෙහෙයවනව.
එතනදි නවෝද්‍යා සහ කාංචනා ආධුනික වුණාට ඉතාම ලස්සනට වැඩේ කරනවා. ඒ අයව කැමරාවට මුහුණ දීම, හඬ පාලනය හා මුහුණේ ඉරියව් පවත්වාගැනීම් ආදිය පුරුදු පුහුණු කරල ගන්න එක රූපවාහිනියට ලොකු ආයෝජනයක් වෙයි. දෙන්නම පොතපත කියවන අය.. දෙන්නම රහක් තියෙන අය.. ඒ වගේම දෙන්නම අඩුපාඩු හදාගෙන ඉදිරියට යන නිහතමානි අය… පෞද්ගලිකව දන්න නිසා කියන්නෙ.. මුන් ලොකු වැඩක් ඉස්සරහට කරාවි. ලහිරු සහ නලින් ගැන කියන්නෑ. ලහිරු සම්මානිත ලේඛකයෙක් ඔහුට ඕක කරත් නැතත් ඔහුට වෙන මාවතක් තියෙනව යා යුතු. පෞද්ගලිකව ඔහු නිවේදකයෙක් වෙනවට මම ආසත් නෑ.
වැඩසටහන ගැන කිව්වොත් සංවර්ධන කරගතයුතු පැති තියෙනවා. විද්වතුන් හා ලේඛකභවතුන් ගෙන්වද්දි නිතර වැඩසටහන් වල නොදකින මුහුණු ගෙන්වීම සිදුකරනව නං හොදයි, ඒ වගේම ඇතැම් අය කොච්චර ජ්‍යෙෂ්ඨ වුණත් ඒ අයගේ දැනුම තාම ඒ අයගේ විශ්ව විද්‍යාල හෝ පාසල් පංති කාමරයේ ලැබු සාහිත්‍ය දැනුමට වඩා ශතයක් වැඩිවෙලා නෑ,.. ඉතින් දැන් සාහිත්‍ය ලෝකය පරිගණක ජාලකරණය වගේ වේගවත්ව වෙනස් වෙනවා. කවිය, කෙටිකතාව, නවකතාව අලුත් ආකෘති හොයාගන්නවා. බටහිර රටවල පර්යේෂණ වෙනවා. ඉතින් ඒවා ගැන කතාකරන්න සුදුස්සෝ රටේ ඉන්නවා. ඒ අය ගෙන්වන්න. ලංකාවේ මේ සාහිත්‍යංග තුන තාම දහනමවැනි සියවසේ ඉන්නේ ඇයි කියල විවාදාත්මකව අදහස් ප්‍රකාශ කළ හැකි, උණුසුම් මත ගැටුම් ඇතිවන වැඩසටහනක් කරොත් දැනුම ඇවිස්සිලා ප්‍රේක්ෂකයන්ට හොඳ අත්දැකීමක් ලැබෙයි.
ඉතින් සුබපතනව හරිම ආදරෙන්.. වැඩසටහන් දෙකටම ඒ වගේම යෙනුක ඇතුළු පිරිසටත් කළමනාකාරීත්වයටත් ආචාර කරන්න ඕනි මේවා කරන්න දෙනවට. මොකද අර ගුරු තරුවෙ කියනව වගේ සාහිත්‍යය කරන්නේ ලොකු මෙහෙවරක්. ඒක එක පාර දිස්වෙන්නෑ..
දුරගමනක් යන්න. මේක කමර්ෂල් නෑ තමා. ලොස් ඇති.. ඒත් වැඩසටහන් නවත්වන්න නම් එපා.. එකම ඉල්ලීම එච්චරයි.