නියුට්‍රල් වර්ණ, සාරිය සහ විකල්ප ඇදුම්

Share post:

සාරියේ බලහත්කාරයට එරෙහිව විකල්ප ඇදුම් වෙනුවෙන් පෙනී හිටින ගුරුවරියන් සිය විකල්ප ඇදුම් පරාසය සාය සහ හැට්ටය, සල්වාර්, ගවුම, කලිසම සහ ජැකට්, ලුන්ගි…..ආදී වශයෙන් විහිදුණු පරාසයක පෙන්නුම් කරනවා. ඒ අනුව විකල්ප ඇදුම සාරිය වගේ නෙමි වචනයෙන් ඒකාත්මික කරන්න බැහැ. මේ විසිරුණු බව තව පැත්තකින් බැලුවම වර්ණ හැටියටත් රටා මෝස්තර හැටියටත් තවත් සංකීර්ණයි. සාරිය යන විලාසිතාව තුලත් වර්ණ හා රටා මෝස්තර හැටියට සංකීර්ණයි. ඇදුම කුමක් උවත් වෘත්තියේ හැටියට ඇදුමේ පැටර්න් එකත් වර්ණ පටිපාටියත් ඒ වගේ ම රටා මෝස්තරයත් තෝරා ගන්න ලංකාවේ මිනිස්සුන්ට ඒ හැටි වැටහීමක් නැති බවයි මටනම් පේන්නෙ. මේ කාරණයේදී වෛද්‍යවරුන්නම් ප්‍රශංසනීයයි. වෛද්‍යවරු සිය ඇදුම් සදහා තෝරා ගන්නේ මෙහි දක්වා ඇති නියුට්‍රල් වර්ණ පටිපාටියි. නියුට්‍රල් වර්ණ යනු ශීත වර්ණ සහ උණුසුම් වර්ණ යන ආන්තිකත්වයට අයත් නොවන උදාසීන, අපක්ෂපාත, මධ්‍යස්ථ වර්ණ යි. කායික සහ මානසික යන රෝගී තත්ත්වයක පසු වන රෝගීන්ට සිය රෝගී තත්ත්වය මානසිකව තව දුරටත් පීඩාවකට පත් කරන්න මේ ශීත සහ උණුසුම් යන ආන්තික වර්ණ ප්‍රභේද උත්තේජනයක් ඇති කරනවා. මේ නිසා සුවපත් වීමට අදාල උත්තේජනයක් ඇති කරන නියුට්‍රල් වර්ණ පටිපාටි තිබෙන ඇදුම් තමයි වෛද්‍යවරු තෝරා ගන්නෙ. ඒ වගේ ම මේ ඇදුම් Informel තත්ත්වයට වෙනස්ව Formel තත්ත්වයෙයි පවතින්නෙ.

ගුරුවරුනගෙ පැත්තෙන් බැලුවාම වෛද්‍යවරු වගේම ගුරුවරුනුත් අනුගමනය කරන්න ඕනය කියලා මම හිතන්නෙ මේ නියුට්‍රල් වර්ණ පටිපාටියමයි. මොකද පාසල් ශිෂ්‍ය – ශිෂ්‍යාවන් රෝගීන් නොවුණත් බාලවයස්කාරන්. බාලවයස්කාරයන් මේ ආන්තික වර්ණ ප්‍රභේද වල උත්කර්ශවත් බවේ සංජානනය සමග චිත්තාවේගික අගතිගාමීත්වයට පත් වෙනවා. කිසියම් ලමයෙක් ලේ හෝ ගින්දර දැකීම නිසා කම්පනයකින් සිටීනම් එවැනි ලමයෙකුට රතු සාරියක් ඇදගෙන පීරියඩ් දෙකක් උගන්වන ගුරුවරියක පීඩාවක් වෙනවා. ඒ වගේම වියෝගී තත්වයක් මත සාංකාවෙන් පෙලෙන ලමයෙක්නම් Yellow Orker වර්ණයේ සාරියක් ඇදගෙන සිටින ගුරුවරියක් ඉස්සරහ සිය සාංකා තත්වය සමහර විට කාංසාව යන රෝගී තත්ත්වයට ඔඩු දුවන්න පවා පෙළඹවීමක් ඇති කරනවා. ලංකාවේ පිරිමි ගුරුවරුන්නම් සිය ඇදුම formel සහ neutral තත්වයේ පවත්වාගෙන ගියත් ගුරුවරියන්ගෙ තත්ත්වය සපුරාම වෙනස්. ඉතා තරගකාරීව විචිත්‍රත් සාරි තමයි ඔවුන් පුද්ගලනුබද්ධ විදියට තෝරා ගන්නෙ. කොටින්ම ගුරුවරුන් වගේ නෙමි ගුරුවරියන් සිය සාරිය සැණකෙළි මනෝභාවය කයි පවත්වාගෙන යන්නෙ. දැන් විසිරුණු විකල්ප ඇදුම් පරාසය තුල ඒ තත්ත්වය ඊටත් වඩා සංකීර්ණයි. කොටින්ම පාසල ෆැෂන් ෂෝ පෙන්වන කානිවල් තත්ත්වයකට තමයි මාරු වීමට යන්නෙ. මේ යන විදියට සුදු පාට, ක්‍රීම් පාට හැටියට formel සහ නියුට්‍රල් තත්වයේ පවත්වාගෙන යන බිත්ති පවා දම් පාට, කහ පාට, රතු පාට, නිල් පාට, තැඹිලි පාට වගේ informel පුද්ගලනුබද්ධ ආන්තිකත්වයන්ට යාම වලක්වන්න බැහැ. අපේ අය ඒ තරමටම සමාජ පර්යාය හෙවත් Social Order කෙලසලා පොදුබව පුද්ගලනුබද්ධ කර ගන්න හරිම ආසයි.

අවසානයේ පාසල් පන්ති කාමරය, යකඩ දැල්, යුනිෆෝම් එක, පාසල් තාප්පය….ඔය හැම එකකින්ම කොටු වෙලා ඉන්න ලමයින්ට බලහත්කාරී කානිවල් විලාසිතා ඉස්සරහ හූල්ල හූල්ල හිරකාරයින් වෙන්න තමයි සිදු වෙන්නෙ. සාරිය සහ කුමන විකල්ප ඇදුමක් භාවිතා කරත් අධ්‍යාපන මනෝ විද්‍යාත්මකව සිය වෘත්තියට ගැලපෙන ඇදුම් සහ වර්ණ පටිපාටි තෝරා ගැනීම ගුරුවරියන්ගෙ වගකීමක්. වර්ණ කියන්නෙත් එක්තරා හෙජමොනියක්.

සුජිත් රත්නායක

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...