හඬක් නැති ඇෆ්ඝන් ගැහැණිය

Share post:

“අධ්‍යාපනය අපේ අයිතියක්… ක්‍රීඩාව අපේ අයිතියක්”.
මෙහෙම කියන්​නෙ කිමියා යොසොෆි.
Education.. Sport our rights.
පැරිස් ඔලිම්පික් තරඟාවලියේදී තමන්ගෙ නම ලියූ බැනරයේ පිටුපස අත් අකුරෙන් ලියපු මේ පණිවිඩය සියළුම ලෝකවාසීන් වෙතයි.
විදුලි වේගයෙන් ඉගිලෙන ක්‍රීඩිකාවන් අතරෙ කිමියා මීටර් 100 ඉසව්ව අවසන් කරන්නෙ තත්පර 13.42 න්.
වේගය අනුව ගත්තොත් කිමියාට හිමිවෙන්නෙ මීටර් 100 ඉසව්වේ අන්තිම ස්ථානය.
තමන්ගෙ රටේ ගැහැණු දරුවන්ගෙ ..කාන්තාවන්ගෙ අයිතිවාසිකම් ගැන කතා කරන්න ඒ අවසන් ස්ථානය කිමියාට බාධාවක්වත් ..ලැජ්ජාවක්වත් වුනේ නෑ.
ඉරානයෙත්.. ඉන්දියාවෙත්.. ඕස්ට්‍රේලියාවෙත් වරින් වර රැකවරණය ලබමින් ක්‍රීඩාකරන කිමියා 2016 වසරේත් 2021 වසරේත් ඇෆ්ඝන් කන්ඩායම නියෝජනයකල ක්‍රීඩිකාවක්. ඒත් එක්කම තලෙයිබාන් රජයෙන් දඬුවම් නියමකල තරුණියක්.
අද ඇෆ්ඝන් දැරියන්ට පාසැල් යාමේ හැකියාවක් නෑ. කාන්තාවන්ට පාසැල් අධ්‍යාපනය තහණම්.
කාන්තාවන්ට ක්‍රීඩාව තහණම්. පුරුශයෙකු නොමැතිව කාන්තාවකට ගෙයින් පිටට යාම තහණම්.
කොටින්ම තලෙයිබාන් පාලනයේ කාන්තාව කියන්නෙ වහලියක්.
පන්දු කෙලින පිරිමි පක්ශයට හුරේ දාන තලෙයිබාන් රජයට කාන්තාව කියන්නෙ තමන්ට අයිති භාන්ඩයක් විතරයි.
ක්‍රීඩා කරපු වරදට එල්ලා මරාදැමූ ක්‍රීඩිකාවන් … කස පහර ලැබූ කාන්තාවන් දාස් ගාණක් ගැන අද කිසිවෙක් කතා කරන්නෙ නැහැ. ඇෆ්ඝනිස්තානයෙන් පලාගිහින් විවිධ රටවල ජාතික කන්ඩායම් නියෝජනය ඇෆ්ඝන් තරුණියන් ක්‍රීඩාවට සැබෑම දක්ශයින්. ලොව අංක එකේ පාපන්දු ක්‍රීඩිකාවක් වූ නාදියා නදීම් එයින් එක් අයෙක්.
එක් කාන්තාවකට වැදුනු බොක්සින් පහරක් ගැන අඳෝනා කියන කුහක සමාජය ඇෆ්ඝන් කාන්තාව හමුවේ නිහඬවීම සැබෑම ඛේදවාචකයක්.
මීටර් 100 ඉසව්ව පරාද වුනත් කිමියා යොසොෆි සැබෑම වීරවරියක්.

Malcolm Sang

Related articles

‘ලයිටරේ සුළඟට විසිකළා’ – අනුසාර මාහිංගොඩ

වසර කිහිපයකට පෙර දිනෙක එක් සරසවියක මා මිතුරු මහාචාර්යවරයෙකු සමගින් සිටින විට ඔහුලේ පිහිට පතා පැමිණි සිසුවියක් කී...

ඉහළ ඌවේ ,ගැමි දිවිසැරිය හෙවත් ,හර්දයාංගම ආත්ම විවරණය -‘කල්කාර’

'නිග්‍රොයිඩ්-යුරොපියොයිඩ් මානව විද්‍යා ආකෘති හමුවන තවත් ප්‍රදේශයක් නම් ඉන්දියාව හා ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියාවයි.මෙහි ද්‍රාවිඩියන් හා සමාන...

“සංස්කෘතික කොදෙව්වෙන් සොරාගත් ජීවිත X – ray කිරීම” – සාරි ඇඳපු පිරිමි

ලාංකේය නුතන නවකතාව තුළ හමුවන දුර්ලභ ගණයේ කතා වස්තුවකින් වැසුණු අපුරු නවකතාවක් මෑතකදී කියවන්නට ලැබුණි. ඒ විෂ්ණු වාසුගේ...

එදා වේල මේකට හරියන්නෑ : අපේක්ෂකයන්ගේ විදේශ ප්‍රතිපත්තිය රහසක් වෙන්න බෑ – ආචාර්ය ශම්මික ලියනගේ

ජනාධිපතිවරණය ආසන්නයේ තිබියදී විද්වත් සංවාදවලදී නිරන්තරයෙන් මතුවන මාතෘකාවකි, රටක විදේශ ප්‍රතිපත්තිය කෙසේ විය යුතු ද යන ප්‍රශ්නය. ජනාධිපතිවරණයට...