හඬක් නැති ඇෆ්ඝන් ගැහැණිය

Share post:

“අධ්‍යාපනය අපේ අයිතියක්… ක්‍රීඩාව අපේ අයිතියක්”.
මෙහෙම කියන්​නෙ කිමියා යොසොෆි.
Education.. Sport our rights.
පැරිස් ඔලිම්පික් තරඟාවලියේදී තමන්ගෙ නම ලියූ බැනරයේ පිටුපස අත් අකුරෙන් ලියපු මේ පණිවිඩය සියළුම ලෝකවාසීන් වෙතයි.
විදුලි වේගයෙන් ඉගිලෙන ක්‍රීඩිකාවන් අතරෙ කිමියා මීටර් 100 ඉසව්ව අවසන් කරන්නෙ තත්පර 13.42 න්.
වේගය අනුව ගත්තොත් කිමියාට හිමිවෙන්නෙ මීටර් 100 ඉසව්වේ අන්තිම ස්ථානය.
තමන්ගෙ රටේ ගැහැණු දරුවන්ගෙ ..කාන්තාවන්ගෙ අයිතිවාසිකම් ගැන කතා කරන්න ඒ අවසන් ස්ථානය කිමියාට බාධාවක්වත් ..ලැජ්ජාවක්වත් වුනේ නෑ.
ඉරානයෙත්.. ඉන්දියාවෙත්.. ඕස්ට්‍රේලියාවෙත් වරින් වර රැකවරණය ලබමින් ක්‍රීඩාකරන කිමියා 2016 වසරේත් 2021 වසරේත් ඇෆ්ඝන් කන්ඩායම නියෝජනයකල ක්‍රීඩිකාවක්. ඒත් එක්කම තලෙයිබාන් රජයෙන් දඬුවම් නියමකල තරුණියක්.
අද ඇෆ්ඝන් දැරියන්ට පාසැල් යාමේ හැකියාවක් නෑ. කාන්තාවන්ට පාසැල් අධ්‍යාපනය තහණම්.
කාන්තාවන්ට ක්‍රීඩාව තහණම්. පුරුශයෙකු නොමැතිව කාන්තාවකට ගෙයින් පිටට යාම තහණම්.
කොටින්ම තලෙයිබාන් පාලනයේ කාන්තාව කියන්නෙ වහලියක්.
පන්දු කෙලින පිරිමි පක්ශයට හුරේ දාන තලෙයිබාන් රජයට කාන්තාව කියන්නෙ තමන්ට අයිති භාන්ඩයක් විතරයි.
ක්‍රීඩා කරපු වරදට එල්ලා මරාදැමූ ක්‍රීඩිකාවන් … කස පහර ලැබූ කාන්තාවන් දාස් ගාණක් ගැන අද කිසිවෙක් කතා කරන්නෙ නැහැ. ඇෆ්ඝනිස්තානයෙන් පලාගිහින් විවිධ රටවල ජාතික කන්ඩායම් නියෝජනය ඇෆ්ඝන් තරුණියන් ක්‍රීඩාවට සැබෑම දක්ශයින්. ලොව අංක එකේ පාපන්දු ක්‍රීඩිකාවක් වූ නාදියා නදීම් එයින් එක් අයෙක්.
එක් කාන්තාවකට වැදුනු බොක්සින් පහරක් ගැන අඳෝනා කියන කුහක සමාජය ඇෆ්ඝන් කාන්තාව හමුවේ නිහඬවීම සැබෑම ඛේදවාචකයක්.
මීටර් 100 ඉසව්ව පරාද වුනත් කිමියා යොසොෆි සැබෑම වීරවරියක්.

Malcolm Sang

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...