අරුණ දර්ශණගේ ධාවනය

Share post:

මීටර් 400 අර්ධ අවසාන වටයේ දෙවනි තරඟයට සහභාගි වූ ශ්‍රී ලාංකික ක්‍රීඩක අරුන දර්ශණට හිමිවුනේ පස්වන ස්ථානය. වාර්තාකල කාලය තත්පර 44.75ක්. ශ්‍රී ලංකාව බිහිකල විශිෂ්ඨතම මීටර් 400 ධාවකයා වූ සුගත් තිලකරත්නට පසු තත්පර හතලිස් පහේ මැජික් සීමාව පසුකල පලමු ක්‍රීඩකයාගේ ධාවනය ඉතාම විශිෂ්ට එකක්.
සුසන්තිකා ජයසිංහගෙන් පසු ඔලිම්පික් තරඟාවලියක මෙතෙක් දුර පැමිනි පලමු ක්‍රීඩකයා දර්ශණ වියයුතුයි.
තමන්ගෙ ධාවන තීරුවෙන් ඇතුළු ධාවනපතයේ සීමා ඉරමත පාදය තැබීමේ වරදට අරුණ දර්ශණ තරඟයෙන් අවලංගුවෙනවා.
ඒ අමිහිරි කතාව අමතක කරන්න තරම් දර්ශණගේ ධාවනය විශිෂ්ට එකක්.
මීටර් 400 ඉසව්වේ තරඟ වැදුනු අනෙකුත් ක්‍රීඩකයන් වසර ගණනාවක් තිස්සේ ඩයමන්ඩ් ලීග්… යුරෝපීය හා ඇමරිකානු ශූරතා… ලෝක ශූරතා වගේම ඔලිම්පික් තරඟාවලි නියෝජනයකල ඉතාම පලපුරුදු ප්‍රසිද්ධ ක්‍රීඩකයන්.
කිරානි ජේම්ස්.. මයිකල් නෝර්මන්… මැතිව් හඩ්සන් ස්මිත් වැනි ක්‍රීඩකයන් ලෝක ධාවනපතයේ දැවන්තයන්.
නම් හා පෞද්ගලික දක්ශතා කටපාඩමෙන් කියන්න හැකිතරමට අනෙකුත් සියළුම ක්‍රීඩකයන් ලෝක ධාවන පතයේ ජනප්‍රියයි.
එවන් දක්ශයන් හා කරට කර තරඟවැදුනු අරුණගේ ධාවන විලාශය පෙන්නුම් කරන්නෙ ප්‍රවීන පලපුරුදු ක්‍රීඩකයෙකුගේ ක්‍රීඩා විලාශයක්. ලැක්ටික් ඇසිඩ් ශරීරය පුරා ඉහල නගින අවසාන මීටර් පනහේ ඔබකල ධාවනය පුදුමාකාරයි.
සජීවීව නරඹන අනෙකුත් ධාවන තරඟ පසෙක තබා මේ සටහන ලිවීමට බලකරන්න තරම් ඒ ධාවනය ආකර්ශණීයයි.
අරුණ දර්ශණ ඔබ විශිෂ්ටයෙක්. තවත් වසර ගනනාවක් තිස්සේ… ලොස් ඇන්ජලීස් ඔලිම්පික් දක්වා හෝ ඊටත් පසු කාලය දක්වා ඔබට ධාවනපතය විවෘත්තයි.
ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකය පුරාම ඔබට ආදරය කරන ප්‍රේක්ශකයන් සිටින බව අවසන ලියා තබමි.

Bravo le Champion. Bon Voyage.

මැල්කම් සන්ග්

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...