අරුණ දර්ශණගේ ධාවනය

Share post:

මීටර් 400 අර්ධ අවසාන වටයේ දෙවනි තරඟයට සහභාගි වූ ශ්‍රී ලාංකික ක්‍රීඩක අරුන දර්ශණට හිමිවුනේ පස්වන ස්ථානය. වාර්තාකල කාලය තත්පර 44.75ක්. ශ්‍රී ලංකාව බිහිකල විශිෂ්ඨතම මීටර් 400 ධාවකයා වූ සුගත් තිලකරත්නට පසු තත්පර හතලිස් පහේ මැජික් සීමාව පසුකල පලමු ක්‍රීඩකයාගේ ධාවනය ඉතාම විශිෂ්ට එකක්.
සුසන්තිකා ජයසිංහගෙන් පසු ඔලිම්පික් තරඟාවලියක මෙතෙක් දුර පැමිනි පලමු ක්‍රීඩකයා දර්ශණ වියයුතුයි.
තමන්ගෙ ධාවන තීරුවෙන් ඇතුළු ධාවනපතයේ සීමා ඉරමත පාදය තැබීමේ වරදට අරුණ දර්ශණ තරඟයෙන් අවලංගුවෙනවා.
ඒ අමිහිරි කතාව අමතක කරන්න තරම් දර්ශණගේ ධාවනය විශිෂ්ට එකක්.
මීටර් 400 ඉසව්වේ තරඟ වැදුනු අනෙකුත් ක්‍රීඩකයන් වසර ගණනාවක් තිස්සේ ඩයමන්ඩ් ලීග්… යුරෝපීය හා ඇමරිකානු ශූරතා… ලෝක ශූරතා වගේම ඔලිම්පික් තරඟාවලි නියෝජනයකල ඉතාම පලපුරුදු ප්‍රසිද්ධ ක්‍රීඩකයන්.
කිරානි ජේම්ස්.. මයිකල් නෝර්මන්… මැතිව් හඩ්සන් ස්මිත් වැනි ක්‍රීඩකයන් ලෝක ධාවනපතයේ දැවන්තයන්.
නම් හා පෞද්ගලික දක්ශතා කටපාඩමෙන් කියන්න හැකිතරමට අනෙකුත් සියළුම ක්‍රීඩකයන් ලෝක ධාවන පතයේ ජනප්‍රියයි.
එවන් දක්ශයන් හා කරට කර තරඟවැදුනු අරුණගේ ධාවන විලාශය පෙන්නුම් කරන්නෙ ප්‍රවීන පලපුරුදු ක්‍රීඩකයෙකුගේ ක්‍රීඩා විලාශයක්. ලැක්ටික් ඇසිඩ් ශරීරය පුරා ඉහල නගින අවසාන මීටර් පනහේ ඔබකල ධාවනය පුදුමාකාරයි.
සජීවීව නරඹන අනෙකුත් ධාවන තරඟ පසෙක තබා මේ සටහන ලිවීමට බලකරන්න තරම් ඒ ධාවනය ආකර්ශණීයයි.
අරුණ දර්ශණ ඔබ විශිෂ්ටයෙක්. තවත් වසර ගනනාවක් තිස්සේ… ලොස් ඇන්ජලීස් ඔලිම්පික් දක්වා හෝ ඊටත් පසු කාලය දක්වා ඔබට ධාවනපතය විවෘත්තයි.
ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකය පුරාම ඔබට ආදරය කරන ප්‍රේක්ශකයන් සිටින බව අවසන ලියා තබමි.

Bravo le Champion. Bon Voyage.

මැල්කම් සන්ග්

Related articles

“තවදුරටත් ට්‍රම්ප්ගේ වචන විශ්වාස කරන්න බෑ. මින් ඉදිරි හෝරා කිහිපය අතිශයින්ම තීරණාත්මකයි” – ඉරානය

ඇමරිකාව ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනක් ඉලක්ක කරගෙන 22 වැනිදා අළුයම ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පැය කිහිපයකට පස්සේ අල්-ජසීරා රූපවාහිනය...

“අරගලයෙන් ඔබ්බට 200+”: මලයහ දෙමළ ජනයා පිළිබඳ ප්‍රබල දෘශ්‍ය වංශකථාවක්

දීර්ඝකාලීනව ලාංකික සිවිල් සමාජයේ බිම් මට්ටමේ ප්‍රජා සේවාවන්හි නියැ⁣ලෙන Center for Policy Alternatives, Suya Shakthi Institute සහ Uva...

ඇමරිකානු නිළධාරීන් පුදුමයට පත්කරමින් ට්‍රම්ප් සටන් විරාමයක් නිවේදනය කරයි…

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ ඉරාන නිලධාරීන් සමඟ කතා කිරීමෙන් පසු ජනාධිපති ට්‍රම්ප් හදිසියේම ඊශ්‍රායලය සහ ඉරානය අතර...

අකටයුතු නාදකයන්ගේ දිනය අදයි – ඒ කවුද? : මොනවද කරන්නෙ?

අද (23) අකටයුතු නාදකයන්ගේ ජාත්‍යන්තර දිනයයි. (International Whistleblowers Day) අකටයුතු නාදකයන් යනු කවුද, ඔවුන් සමාජයක ඉදිරි ගමනට කොපමණ...