අදට 82 වැනි විය සපුරන කැලිෆෝනියාවේ, සැන් රෆායෙල්හි පදිංචිව සිටින ඉසබෙල් ඇලෙන්ඩේ

Share post:

සමකාලීන ඇමරිකානු හා හිස්පැනික් සාහිත්‍යයේ වඩාත් ප්‍රසිද්ධ හා වඩාත්ම ආදරය කරන කතුවරුන්ගෙන් කෙනෙකු වන ඉසබෙල් ඇලෙන්ඩේ ලෝනා1942 අගෝස්තු 2 දින ලීමා හි දී උපත ලැබුවාය.

ඇය , ලතින් ඇමරිකානු මහාද්වීපයේ සාහිත්‍ය අධිරාජ්‍යයේ මෙම ජනප්‍රියත්වය ප්‍රධාන වශයෙන් උපයා ගත්තේ ඇගේ වඩාත් ප්‍රසිද්ධ නවකතාව වන The House of the Spirits නම් කෘතියෙනි. (එම කෘතිය මායාවාස නමින් සිංහලට පරිවර්තනය කර තිබේ.) ඇය සිය ජීවිත අත්දැකීම් ඇසුරින් නවකතා ලියා ඇතත්, මිථ්‍යාව සහ යථාර්ථවාදය මුසු කරමින් අනෙකුත් කාන්තාවන්ගේ ජීවිත ගැන ද ඇය ලියා ඇත. ඇය සිය පොත් ප්‍රවර්ධනය කිරීම සඳහා බොහෝ ලෝක සංචාරවල යෙදී ඇති අතර එක්සත් ජනපදයේ පාසැල් වල සාහිත්‍යය ද උගන්වා ඇත. ඇය 1989 සිට කැලිෆෝනියාවේ ජීවත් වූ අතර ඇයට එක්සත් ජනපද පුරවැසිභාවය ලැබුණේ 2003 දී ය.

ඇගේ උපතින් වසර තුනකට පසු, එනම් , 1945 දී, චිලී රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වූ Tomás Allende නම් ඇගේ පියා, මවගෙන් දික්කසාද වී පවුල හැර ගියේය. ඇගේ මව තම දරුවන් තිදෙනා සමඟ චිලී වෙත ආපසු ගොස් සන්තියාගෝ හි ඇගේ සීයාගේ නිවසේ පදිංචි වීමට තීරණය කළාය.
ඇගේ පියාගේ ඥාති සොහොයුරෙකු වන චිලියේ අනාගත ජනාධිපති (1973 එක්සත් ජනපද කුමන්ත්‍රණයේදී ඝාතනය කරන ලද) සැල්වදෝර් ඇලන්ඩේගේ උපකාරයට පින් සිදු වන්නට, ඉසබෙල් සහ ඇගේ සහෝදරයන්ට අධ්‍යාපනය ලැබීමට සහ ආර්ථික ගැටලුවලින් තොරව ජීවත් වීමට ඇති අවස්ථාව මග හැරුණේ නැත.

The House of the Spirits නම් ඇගේ පළමු නවකතාවේ දී ඇය ප්‍රතිනිර්මාණය කර ඇත්තේ ඇගේ සීයාගේ නිවසයි. එම කෘතිය 1982 දී ඇයට ඉමහත් ප්‍රසිද්ධියක් ලබා දීමට සමත් වේ. 1981 ජනවාරි 8 වන දින ඇයට ඇගේ සීයාගේ බරපතල සෞඛ්‍ය තත්වයන් ගැන අනතුරු අඟවමින් දුරකථන ඇමතුමක් ලැබුණි. ඒ මොහොතේ දී ඉසබෙල් ඔහුට ලිපියක් ලිවීමට පටන් ගත් අතර, පසුව The House of the Spirits නම් කෘතිය බවට පත් වන්නේ එම ලිපියයි.
1953 දී ඇගේ මව රාජ්‍ය තාන්ත්‍රිකයෙකු සමඟ නැවත විවාහ වූ අතර ඔහුගේ රැකියාව නිසා පවුලට විදේශගත වීමට සිදු වේ. ඇය මුලින්ම බොලිවියාවට ගිය අතර එහිදී පළමුව ඇය එක්සත් ජනපද පාසලකත්, පසුව යුරෝපයේ දී සහ අවසානයේ ලෙබනනයේ ඉංග්‍රීසි නේවාසික පාසලකත් ඉගෙනුම ලැබුවාය. ඇය 1959 දී චිලී වෙත ආපසු ගිය අතර, 1962 දී ඇය මයිකල් ෆ්‍රියාස් සමඟ විවාහ විය. ඇයට පෝලා සහ නිකොලස් ලෙස දරුවන් දෙදෙනෙකු සිටී. ඇය, ඇය විසින් බෙහෙවින් අගය කරනු ලබන වෘත්තියක් වන පුවත්පත් කලාව වෙත පිවිසියේ ඉන් අනතුරුවය.

1973 සැප්තැම්බර් 11 වන දින පිනොචේගේ කුමන්ත්‍රණයෙන් පසුව, 1975 දී ඇය චිලියෙන් පිටවී වෙනිසියුලාවේ කැරකාස් වෙත ගොස් 1988 දක්වා එහි රැඳී සිටියාය. එම වසරේදීම ෆ්‍රියාස්ගෙන් දික්කසාද වූ ඇය පසුව විලියම් ගෝර්ඩන් සමඟ විවාහ වූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස මේ වන විට කැලිෆෝනියාවේ, සැන් රෆායෙල්හි පදිංචිව සිටී.

ධම්මික පටබැදි

Related articles

කඩුවෙල මහෙස්ත්‍රාත්ගේ සේවය අත්හිටුවයි – පක්ෂපාතීත්වය, බලය අවභාවිතය, ගැටලු සහගත සම්බන්ධතාවක් ඇතුළු චෝදනා කිහිපයක් – කොමිසමෙන් හෙට නිල නිවේදනයක් !

කඩුවෙල මහෙස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාරගේ සේවය වහාම අත්හිටුවීමට අධිකරණ සේවා කොමිෂන් සභාව කටයුතු කර තිබේ. කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණ නීතිඥ සංගමයෙන්...

අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටීම නීතිවිරෝධීයි – පිල්ලෙයාන්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් !

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමේ නීත්‍යනුකූලභාවය අභියෝගයට ලක්කරමින් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්  ශ්‍රේෂ්ඨාධිකරණය...

සාමාන්‍ය පෙළ සම්පූර්ණ කළ සිසුන්ට IIHS වෙතින් ජෛව වෛද්‍ය විද්‍යා පදනම් පාඨමාලාවක් !

උසස් පෙළ විභාගය සමඟ බැඳී ඇති අවිනිශ්චිත බවට පිළියමක් ලෙස මෙරට සෞඛ්‍ය සේවා අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන International...

බහුත්ව සමාජයකට බහුත්ව පාලනයක් අවශ්‍ය වේ !

පසුගිය සතියේ පැවැති පළාත් පාලන මැතිවරණයේදී රට තුළ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයේ තහවුරු වීමක් දක්නට ලැබිණි. ආණ්ඩුව තමන්ගේ මෑතකාලීන පූර්වගාමීන්ට...