එය ආසියානු කුසලානයට වඩා බොහෝ විශාල ජයග්‍රහණයකි

Share post:

කාන්තා ආසියානු කුසලාන ශූරතාවය දිනූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට උණුසුම් සුබ පැතුම්!
මෙරට රසිකයන් ක්‍රිකට් ක්‍රීඩාව අත්හැරීමට සුදානම් මොහොතක් විය.
අනුග්‍රාහකයන් ශ්‍රී ලංකා ක්‍රිකට් අයතනය හැර යාමට සුදානම් වූ මොහොතක් විය.
ඒ සියල්ල වෙනස් කළේ මේ කාන්තා කණ්ඩායමයි.
යළිත් මෙරට ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳ සංවාදයක් නිර්මාණය කළේත්, ක්‍රිකට් අත්හැරීමට සුදානම් වූ රසිකයන්ට බලාපොරොත්තුවක් ගෙන ආවේ ඔවුන් ය.
අනුග්‍රාහකයන්ට ක්‍රිකට් ක්‍රීඩාව උදෙසා මුදල් ආයෝජනය කිරීමට හේතුවක් නිර්මාණය කළේ ඔවුන් ය.
ඉන්දීය කාන්තා කණ්ඩායම කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ අත්දැකීම් බහුල, දක්ෂතම කණ්ඩායමකි.
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමග සැසඳීමේ දි ඔවුන්ට හිමිවන පුහුණුව, අත්දැකීම් සහ වරප්‍රසාද බොහෝ පියවර ගණනක් ඉදිරියෙනි.
නමුත් තරගයේ සෑම මොහොතකම ඉන්දීය කාන්තාවන් සිටියේ තැතිගැන්මෙනි.
හර්මන්ප්‍රීත් කෝවූර් ගේ නළල රැළි ගැන් වී තිබුණි.
වරප්‍රසාදිත ඉන්දීය කාන්තා ක්‍රිකට් අධිරාජ්‍යයේ දොරටු දෙදරවීමට තරම් සමත් කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ කතරගමෙන්, පොළොන්නරුවෙන්, ත්‍රිකුණාමලයෙන්, මොනරාගලින් සහ කුරුණෑගලින් බිහිව තිබේ.
එය ආසියානු කුසලානයට වඩා බොහෝ විශාල ජයග්‍රහණයකි.

ඉරේෂාන් සිරිවර්ධන

දළ ඇත්තු, නොවු පුත්තු – තනි අතින් රැක ගත්තු
බලවත්තු, ඉඳ ගත්තු – මහ පුටු ද දැන ගත්තු
මනුසත්තු, හද පත්තු – සැණකෙලිය සිරි ගත්තු
බල ඇත්තු, දණ ගැස්සු – තනි කෙනෙර ‘අතපත්තු’

බියංකා කුමාරසිරි

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...