එය ආසියානු කුසලානයට වඩා බොහෝ විශාල ජයග්‍රහණයකි

Share post:

කාන්තා ආසියානු කුසලාන ශූරතාවය දිනූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට උණුසුම් සුබ පැතුම්!
මෙරට රසිකයන් ක්‍රිකට් ක්‍රීඩාව අත්හැරීමට සුදානම් මොහොතක් විය.
අනුග්‍රාහකයන් ශ්‍රී ලංකා ක්‍රිකට් අයතනය හැර යාමට සුදානම් වූ මොහොතක් විය.
ඒ සියල්ල වෙනස් කළේ මේ කාන්තා කණ්ඩායමයි.
යළිත් මෙරට ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳ සංවාදයක් නිර්මාණය කළේත්, ක්‍රිකට් අත්හැරීමට සුදානම් වූ රසිකයන්ට බලාපොරොත්තුවක් ගෙන ආවේ ඔවුන් ය.
අනුග්‍රාහකයන්ට ක්‍රිකට් ක්‍රීඩාව උදෙසා මුදල් ආයෝජනය කිරීමට හේතුවක් නිර්මාණය කළේ ඔවුන් ය.
ඉන්දීය කාන්තා කණ්ඩායම කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ අත්දැකීම් බහුල, දක්ෂතම කණ්ඩායමකි.
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමග සැසඳීමේ දි ඔවුන්ට හිමිවන පුහුණුව, අත්දැකීම් සහ වරප්‍රසාද බොහෝ පියවර ගණනක් ඉදිරියෙනි.
නමුත් තරගයේ සෑම මොහොතකම ඉන්දීය කාන්තාවන් සිටියේ තැතිගැන්මෙනි.
හර්මන්ප්‍රීත් කෝවූර් ගේ නළල රැළි ගැන් වී තිබුණි.
වරප්‍රසාදිත ඉන්දීය කාන්තා ක්‍රිකට් අධිරාජ්‍යයේ දොරටු දෙදරවීමට තරම් සමත් කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ කතරගමෙන්, පොළොන්නරුවෙන්, ත්‍රිකුණාමලයෙන්, මොනරාගලින් සහ කුරුණෑගලින් බිහිව තිබේ.
එය ආසියානු කුසලානයට වඩා බොහෝ විශාල ජයග්‍රහණයකි.

ඉරේෂාන් සිරිවර්ධන

දළ ඇත්තු, නොවු පුත්තු – තනි අතින් රැක ගත්තු
බලවත්තු, ඉඳ ගත්තු – මහ පුටු ද දැන ගත්තු
මනුසත්තු, හද පත්තු – සැණකෙලිය සිරි ගත්තු
බල ඇත්තු, දණ ගැස්සු – තනි කෙනෙර ‘අතපත්තු’

බියංකා කුමාරසිරි

Related articles

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...

විගණකාධිපති ප්‍රශ්නය – ජනාධිපති හරි ද? ව්‍යවස්ථාදායක සභාව හරි ද?

‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 සහ 41 (සී) යන ව්‍යවස්ථා අනුව විගණකාධිපතිවරයා සම්බන්ධ නම නිර්දේශ කරන්නෙ ජනාධිපතිවරයා. එය ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත...

මතක මල් පැස හා අපේ කතාව!!

2025 අවුරුද්දෙ ටිකක් බරවැඩ කීපයක නියැලී උන්න නිසා ගෙදර ගොඩගැහෙන පොත්වලින් කියවගන්න ලැබුණෙ ටිකයි.ඒ අතර විටින් විට තැනක්...